Ads 468x60px

.

මම ගල් දෙකක් අස්සේ හිර වුණා - තිසුරි ෂූටින් කරද්දී අණුනමයෙන් බේරුණු හැටි කියයි...


ගඟක මිනියක් 
පාවෙන දර්ශනයක් 
රූ ගත කරන්න ගිහින්ලු 

සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය වන තිසුරි යුවනිකා පසුගියදා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය දිනූ ජනප්‍රිය නිළිය වුණා.

තිසුරි මේ දිනවල රඟපාන මහිංසා ටෙලි නාට්‍යයේ ඇය මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවද්දි පසුගියදා අකරතැබ්බයකට මුහුණපෑවා. එහි එක දර්ශනයක ග
ක මිනියක් පාවෙනවා. මිනිය තිසුරිගේ මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගඟේ පාකරන දර්ශනයක් රූගත කරන්නට වුණා.

ටික දුරක් එහෙම යනකොට එක පාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරිව ගිහින්. ‘මාව බේර ගන්නෝ’ කියලා හයියෙන්
කෑගැහුවත් මේ කාටවත් තිසුරි ළගට යන්න අමාරු වෙලා. 

ඒත් කෑගහන අතරේ ගහක අත්තක් පාවෙනව දැකලා. තිසුරි ඒක අල්ල ගෙන. ඇගේ දිවිය බේරී ඇත්තේ ඒ අත්ත අල්ලන් ඇය ගොඩට එන්න හැකිවුණ නිසයි.

අත්තෙ එල්ලිලා ටික දුරක් යනකොට ගල් දෙකක් අතරේ එය හිර වුණා. කට්ටියම ඇවිත් තිසුරිව ගොඩට ගත්තා. තිසුරිගෙ වාසනාවට එදා ඒ අත්ත ආවෙ නැත්නම් අද තිසුරි කෙනෙක් නෑ. මොකද මට පීනන්න බෑ....තිසුරි ඒ ගැන කියා සිටියා.
 
Related Posts with Thumbnails