Ads 468x60px

.

පියා තම පෙම්වතියව ඇඳක් මත යට කරගෙන සිටින හැටි දුටු පුත්‍රයාට යක්ෂයා ආවේශ වූ හැටි...


මූව අල්ලපියව්..
මූ මගේ ගෑනිට....
XXX පැනලා 
දුවනවෝ...

පසුගියදා තම පුත්‍රයා විවාහ කර ගැනීමට නියමිතව සිටි පෙම්වතිය රවටා නිවසට කැඳවාගෙන ගොස් ඇයව ඇඳක් මත යට කරගෙන ලිංගික අතවරයක් සිදු කළ පියෙකු පිලිබඳ පුවත දිවයිනේ සෑම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්වුනා.

ආනමඩුව ප්‍රදේශයෙන් ඇසුණු මෙම ඛේදජනක සිද්ධිය පිලිබඳව hotandfastnews වන අපටත් වාර්තා වුනා. ඉතින් අපිටත් සිදුවුණා මේ ගැන හොයලා බලන්න.

අපට වාර්තා වුනු හැටියට සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි.


එම පියාගේ වයස අවුරුදු 45 ක් පමණ වනවා. පුතාට නම්
අවුරුදු 22 යි. 14 හැවිරිදි දියණියකුත් ඔහුට සිටිනවා. බිරිඳ මැදපෙරදිග රැකියාවකට ගිහින් තියෙන්නේ මීට‍ අවුරුද්දකට විතර කලින්. 

අධ්‍යාපන කටයුතු නිම කර තිබුණ ඔහුගේ පුත්‍රයා ගමේම ළාබාල තරුණියක හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබුණ අතර දෙපාර්ශ්වයේම ආශිර්වාදය එයට ලැබී තිබුණා. 

එම තරුණියට වයස අවුරුදු 17 ක් වුනා විතරයි. ඒ හින්දා නීත්‍යානුකූලව විවාහ වීමට තවත් අවුරුද්දක් තිබෙන නිසා ලබන වසරේ ඔවුන් විවාහ වීමට නියමිතව කථිකා කරගෙන සිටියා. 


මේ අතරවාරයේ පුත්‍රයා රැකියාවකට ගිය අතර ඔහුට ගමන් පහසුව සඳහා නගරයට ආසන්නව වෙනම කුලී නිවසක නවතින්නට සිදුවුණා. ඔහු එහි ටික දිනක් නැවතී සිටියදි තනිකමට අනාගත බිරියවද එහි නවතාගන්නට අවසර පැතුවා.

පෙම්වතියගේ නිවස සමග මේ පවුලේ උදවියද සමීප ඇසුරක් පැවැත්වූ අතර ඔවුනගේ සම්බන්ධය විශ්වාසදායී එකක් වූයෙන් එම දෙමාපියන් එයට විරුද්ධ වූයේ නෑ.


ලබන වසරේ විවාහ උත්සවයේ වැඩ කටයුතුද සැලසුම් කරමින් ඔවුන් එකට ජීවත්වුණා. මේ අතරවාරයේ පුත්‍රයාගේ පියා වාසය කළේ ඊට ටික දුරකින් වූ මහගෙදර තම ළාබාල දියණියද සමගයි.

පෙරේදා(6) වනදා පුත්‍රයා නිවසේ නැති වෙලාවක පියා පෙරකී කුලී නිවසට පැමිණ අනාගත ලේලියට කියා ඇත්තේ "දුවේ මට ගමනක් යන්න තියනවා. නංගි විතරයි ගෙදර ඔයා ටිකකට එහේ නංගිගෙ තනියට නතරවෙන්න එන්න.." ලෙසිනි.

 
මේ කීමට එකගවී අනාගත ලේලිය ඇය සිටි නිවසේ දොරවල් වසා දමා පියා පැමිණි මෝටර් සයිකලයේ නැගී එහි යාමට පිටත් වුනේ තම පෙම්වතාටද පණිවිඩයක් තබමිනි.


මේ පණිවිඩය ලැබුණ පසු පුත්‍රයා ඇය මහගෙදරට ගියාදැයි තහවුරු කරගන්නට වරින්වර ඇයට පණිවිඩ දෙන්නට උත්සාහ කළත් ඇගේ දුරකථනය වෙන කිසිදිනෙක නොවූ ආකාරයට ක්‍රියාවිරහිතවී ඇති බව පෙනී ගියා. මේ නිසා ටික වේලාවකින් කලබලයට පත් හෙතෙම ඇය සොයා මහගෙදරට යන්නට පිටත් වුණා.

ඔහු සිටි ස්ථානය අනුව මිනිත්තු දහයකින් පහළොවකින් පමණ පසු ඔහුට ඒ නිවසට යන්නට හැකිවූ අතර ඔහු නිවසට යද්දී පියාගේ බයිසිකලය නවතා ඇති අයුරුත් නිවසේ එළියේ කිසිවෙකු නැති අයුරුත් දිස් වුණා. ඔහු කාමරවලට ගොස් කවුරුත් සිටීදැයි පරීක්ෂා කළේ ඉන් අනතුරුවයි. 


ඔහු පියා සිටින කාමරයට ගිය විට දුටු දර්ශනයෙන් තිගැස්සුණා. ඔහුට මේ සිද්ධ වන්නේ කුමක්දැයි අදහාගන්නට බැරිව ගියා. එම අවස්ථාවේ පියා තම පෙම්වතියව ඇඳක් මත යටකරගෙන සිටින ආකාරයත් අතවර කරමින් සිටින අයුරුත් දුටුවා. 

ඔහුගෙන් බේරෙන්නට ලේන්සුවලින් කටවල් බැඳ තිබුණ ඇය කෙඳිරි ගාමින් දගලන අයුරු දැක ඔහු කලබල වුණා. වහාම පියාව තල්ලූ කර දමා පෙම්වතියව බේරාගන්නට ඔහු ක්‍රියා කළා.

මේ අවස්ථාවේ ලැජ්ජාවට පත්ව නිරුවතින් ඇඳෙන් පැනගත් පියා කාමරයෙන් පළා ගිය අතර සිද්ධියෙන් කුපිත වූ පුත්‍රයා පෙම්වතියව පැත්තකින් තබා පියා පසුපස දුවන්නට වූයේ ඔහුව අල්ලාගන්නටය. 


මේ අවස්ථාවේ නිරුවතින් ගමේ අසල්වැසි නිවාස ඇතුළෙන් රිංගමින් පියා පළාගිය අතර පුතාද එම නිවාස ඇතුළට යමින් එලියට එමින් පියා පසුපස ලූහු බඳින්නට වුණා.

ගම් වැසියන් මේ අමුතු දර්ශනය දැක පුදුම වූ අතර හැමදාම දැක පුරුදු අසල්වැසියා කවදාවත් නැතිව නිරුවතින් දුවන්නේ ඇයිදැයි සොයා බලන්නට උනන්දු වුණා.


"මූව අල්ලපියව්..මූ මගේ ගෑනිට.... XXX පැනලා දුවනවා.." පුත්‍රයාගේ කෑගැසීම නිසා ගම්මු එක්වී පැනයන පියාව අල්ලා ගත් අතර පසුව ඔහුට තරුණයින් එක්වී හොඳින් සංග්‍රහ කර පොලිසියට භාරදී තිබුණා. අතවරය ට ලක්වූ පුත්‍රයාගේ පෙම්වතිය රෝහල් ගත කරන්නටත් පියවර ගෙන තිබුණා.


ආනමඩුව පොලිසියට පියා භාර දුන් පසු පුත්‍රයා කළ පැමිණිල්ල අනුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ පුත්‍රයා නැති අතර පුත්‍රයාගේ පෙම්වතියට අතවර කරන්නට ඔහු සිතාමතාම සැලසුමක් සකස් කර තිබුණ බවත් නිවසේ සිටි 14 හැවිරිදි දියණිය වෙනත් නිවසක නවතා මේ ක්‍රියාව සඳහා ඔහු මුලපිරූ බවත්ය.


අද කාලයේ ඇතැම් පියවරුන් හැසිරෙන ආකාරය පිය පදවියේ තිබෙන ගරුත්ව වටිනාකම විනාශකර දමන්නට සමත් වුයේ ඒ අයුරින්ය.
 
Related Posts with Thumbnails