Ads 468x60px

.

ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල සුමනපාල යුද හමුදාපති සරණ පතයි...

ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කමල් සුමනපාල මේජර් ජෙනරාල් තනතුරට උසස් වීමක් ලබා ගැනීමට ගැනීම පිණිස යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ නාසය විදීමට මේ දිනවල උත්සහ කරමින් සිටින බව යුද හමුදා රෝහලේ ආරංචි මාර්ග පවසයි. මෙලෙස උසස් වීමකට අර අඳින මෙම  නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාල හානියක් කල පුද්ගල යෙකු බව යුද හමුදාවේ නිලධාරිහු  පවසති.  

මොහුගේ ක්‍රියා කලාපය නිසා යුද හමුදා රෝහලේ සේවය කල දක්‍ෂ වෛද්‍යවරු 15 අධික ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාවෙන් අස් වී වෙනත් රෝහල් වෙත ගොස් හෝ විදේශ ගතවී තිබේ. මෙම පුද්ගලයා යුද හමුදාවේ නිලධාරීන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව පවා දුන් සට්ටැඹියෙකු ලෙසටය​.

ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම පාවාදීම ලෙස වාර්තා වන්නේ  කුලසිරි උඩුගම්පොල නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි.   


මේ පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ. නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු  හෙළි කරති. 

ඔවුන් පෙන්වාදෙන අන්දමට කුලසිරි උඩුගම්පොල සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි.  

මෙම නිලධාරියා විසින් යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය අන්තනෝමතික තීරණය මත වසා දැමීම නිසා අසමතුලිත මනසකින් යුත් සොල්දුවන් විශාල ප්‍රමාණයක් අද මිනිස් ඝාතන ස්ත්‍රී දුෂණ කොල්ලකෑම් වල නිරතව සිටිති.

පසුගිය කාලය පුරාම සොල්දාදුවන් විසින් කරන ලද ඝාතන ස්ත්‍රී දුෂණ විශාල ප්‍රමාණයක් ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී. යුද්දය අවසන් වූ 2009 වසරින් පසු මේ දක්වා යුද හමුදා සොල්දාදුවන් 400 දිවි නසාගෙන තිබෙන බව හමුදා ප්‍රකාශකවරයා පවසයි. 


සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් අපරාධ සඳහා චෝදනා ලබා තිබේ. මේ නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබී ඇති කළු පැල්ලම අති විශාලය. මේ සඳහා සොල්දාදුවාට දොස් කියා හෝ ඔහුව හිරේ විලංගුවේ දමා පලක් නැත. 

ඔවුන්ට නිසි ප්‍රතිකාර නොලද්දෝ වෙති. යුද්දය නිසා මනස විකෘති වූ සොල්දාදුවන්ට  මානසික ප්‍රතිකාර අවස්ථාව නොදී ඔවුන්ව අතරමං කල බ්‍රිගේඩියර් කමල් සුමනපාල යුද හමුදාවට කරන ලද්දේ ද්‍රෝහීකමක්  මෙන්ම විශාල හතුරුකමකි.

පහත දැක්වෙන්නේ පසුගිය මාස කිහිපය තුල හමුදා සාමජිකයන් විසින් සිදු කල විවිධ අපරාධ සහ මිනීමැරුම් කොල්ලකෑම් ගැන පුවත්
​. 

මෙම පුවත් වාර්තා කරන්නේ සැමදාම ලංකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බටහිර ඒජන්තලා, මඩ ගසන චැනල් 4 හෝ කොටින්ගෙන් මුදල් ගෙන ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන රාජ්‍ය නොවන ආයතන වල ඉන්නා ඩොලර් කාක්කන් නොවේ. 

අපගේම ජාතික පුවත්පත් විසිනි. සත්‍ය වශයෙන්ම මේවා හුදු පුවත් පමණක් නොවේ. ඒවා පශ්චාත් යුද ශ්‍රී ලංකික සමාජය ගමන් කරන දිශානතිය පෙන්නුම් කරන විනාශකාරී වල්ගා තරුය.

විහාර හල්මිල්ලෑවේ ඝාතනයට හිටපු සෙබළෙක් සැකපිට

විහාරපාළුගම ප්‍රදේශයේ නිවසකදී පස් දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට සැකපිට අත්අඩංගුවට පත්වී ඇත්තේ සේවයෙන් පළා ආ දහවන ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළෙකු වන සෙබළ අංක 24368 නම්බුකාර ගමගේ ජගත් කුමාර (30) නමැත්තාය

රන් කොල්ලයට හමුදා සෙබළෙක් ඇතුළු 3ක් මාට්ටු 


බදුල්ල නුවරඑළිය මාර්ගයේ ඇටම්පිටිය ප්‍රදේශයේ සිදුවූ රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළෙකු, වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

උතුරු -නැ’හිරට ගංජා විකිණීමේ ජාවාරමක  නිරත හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනෙක් හසුවෙති 


උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වසර හතරක කාලයක් රහසිගතව ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත යුද හමුදා කෝප්‍රල්වරයකු සහ සෙවණගල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු පෙරේදා (5) පස්වරුවේ දී රුපියල් ලක්‍ෂ 10ක ගංජා තොගයක් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. 

උතුරු මැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසුවේ මට්ටකුලිය කඳවුරේ හමුදා සෙබළෙක්

උතුරු මැද ආයුර්වේද කොමසාරිස්වරයාට අනුරාධපුරයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ මට්ටක්කුලිය හමුදා කදවුරේ සේවය කරන හමුදා සෙබලෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 


මෙයට පෙර උතුරු මැද ආයුර්වේද කොමසාරිස් ධූරයට සුදුසුකම් ලබා සිටයදී එම තනතුර අහිමි වු ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඉල්ලීමට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

යුධ හමුදා සෙබළෙක් ප්‍රේමය නිසා බෝම්බයක් පුපුරුවා ගනී

මාතලේ, කොහොඹිලිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු බෝම්බයක් පුපුරුවාගෙන මරණය සිදුකර ගැනීමක් සම්බන්ධව මාතලේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.  මෙසේ මරණයට පත්ව ඇත්තේවයස අවුරුදු 27ක් වූ මාන්නගේ දොන් ප්‍රදීප් කුමාර නැමැති කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  


මොහු දැනට වව්නියාව මුන්ඩිරිප්පුව යුධහමුදා කඳවුරේ සේවය කරන සෙබළෙක් වන අතර ප්‍රේම සම්බන්ධයක් නිසා ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් මෙම අනතුර සිදු කර ගෙන ඇති බව මාතලේ පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

යුද හමුදා සෙබළෙක් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට 

පලාලි, ශ්‍රී ලංකා යුධ පොලිස්  සේවා බලකායේ සංචාරක නිවාඩු නිකේතනයේ රාජකාරියේ යෙදී සිටි යුධ හමුදා සෙබලෙකු ඒ අසල ඇති ගසක ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පලාලි පොලිසිය ප්‍රකාශ කරයි.  


ඊයේ (20) රාත්‍රී 08.25ට පමණ මෙය සිදුව ඇත.  වයස අවුරුදු 23ක් වූ හමුදා සෙබළෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර පලාලි පොලීසිය මේ පිළබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

ඡේතවන ස්තූපයට නැඟ හමුදා සෙබළෙක් යකා නටයි  


ඡේතවන ස්තූපයේ හතරැස් කොටුව ආසන්නයට නැඟ අශෝබන ලෙස හැසිරුණු යුද හමුදා සෙබළකු අනුරාධපුර උඩමළුව පොලීසියේ නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.  ස්තූපයේ පලංචිවලින් උඩට නැඟ ඔහු කෑකෝ ගසමින්, පහළ සිටි පිරිසට ගල්වලින් ප‍්‍රහාර එල්ලකොට ඇතැයි පොලීසිය පවසයි.

සෙබළු කාන්තාව දූෂණය කරති 


පසුගිය සතියේ හොරොව්පතාන නබඩාව ගමෙහි නිවසකට ඇතුළු වූ හමුදා භටයින් කිහිපදෙනකු නිවස තුළ සිටි කාන්තාව දූෂණය කළේ ඇයගේ දාහත් හැවිරිදි පුත්‍රයා බලා සිටියදීමය. 


ස්‌ත්‍රී දූෂණයේ යෙදුණා පමණක්‌ නොව ඇය සතු කරාබු ජෝඩුව ගලවා ගත් හමුදා සෙබළු නිවසෙහි තිබූ ජංගම දුරකථනය ද මුදල් ද පැහැර ගෙන ගියහ.  

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහාය වී ඇත්තේ ද පැහැරගෙන ගිය දුරකථනයමය. මේ අසික්‌කිත ක්‍රියාවට සම්බන්ධ වූ සෙබළුන්ගෙන් එක්‌ අයකු කෝප්‍රල්වරයකු වන අතර සෙසු තිදෙනා සාමාන්‍ය සෙබළුන්ය.

වවුනියාවේ හත් හැවිරිදි දැරියක දූෂණය කළ හමුදා සෙබළෙක් අල්ලයි 

වවුනියාව, නෙඩුන්කේනි සේනපිලව් ගම්මානයේ හත් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ වරදට සැකපිට නෙඩුන්කේනි යුද හමුදා කඳවුරේ සෙබළකු පෙරේදා (22දා) සවස පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 


පසුගිය 14 වැනිදා සේනපිලව් උමයා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිමා කොට නිවෙසට පැමිණෙමින් සිටි 7 හැවිරිදි කුඩා දැරියක් පුද්ගලයන් කිහිපදෙනකු විසින් මාර්ගය අසල පිහිටි කැලෑවකට ගෙන ගොස් බරපතළ ලෙස ලිංගික අතවර සිදුකර ඇති අතර මේ වන විට එම දැරිය වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

හමුදා සෙබළෙක් නිවසකට පැන වෙඩිතියලා -එකම පවුලේ මවත් දියණියත් මරුදකියි

 
මහනුවර,කුළුගම්මන ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ හමුදා සෙබළෙකු එහි සිටි මවට,පියාට සහ දියණියට වෙඩිතැබීම නිසා වෙඩිවැදීමෙන් මවත් දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ.‍ තුවාල ලැබූ පියාද රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ හමුදා සෙබළෙක්

බත්තරමුල්ලේ ලංකා බැංකුව කොල්ලකෑමට පැමිණි පිරිසට පොලීසිය තැබූ වෙඩි පහරින් මරණයට පත්ව ඇත්තේ එම කොල්ලය සදහා පැමිණි 22 හැවිරිදි හමුදා සෙබළකු බව මේවන විට හදුනාගෙන තිබේ. ඔහු නිවාඩු ලබා පැමිණ සිට ඇති බව පොලීසිය පවසයි. 


මෙම කොල්ලකෑම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවත් ඉන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වූ බවත් අනෙක් සැකකරු පලා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදුණු නාවික හමුදාවේ හා යුද හමුදාවේ හිටපු දෙදෙනෙක් දැලේ

කුරුණෑගල වැව රවුම ජල පොම්පාගාරය අසළදී හඳුනා නොගත් මත්ද්‍රව්‍ය වර්ගයක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු සමග ත්‍රිරෝද රථයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඔවුන් අදාළ මත්ද්‍රව්‍ය ලක්ෂ 4කට අලෙවි කිරීමට සැලසුම් කර සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණා. නාවික හමුදාවේ බුද්ධි අංශයේ සෙබලෙක් හා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සාමාජිකයකු අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් කාන්තා ඇඳුමක් ඇඳ ආමි කැප්ටන් බැංකුවක් කොල්ලකන්න එයි

මහනුවර මහයියාව රාජ්‍ය බැංකු ශාඛාවක් කොල්ලකෑමට ඉස්ලාම් ආගමික කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණි යුද හමුදා කපිතාන් වරයකු බැංකුවේ ආරක්ෂක නිලධාරීන් එක් වී ඊයේ අල්ලාගෙන මහනුවර පොලිසියට භාර දී ඇත.

හමුදා සේවයේ සිටියදී සෙබළෙක් මිනීමැරුම් - කොල්ලකෑම් සිදුකරලා


බොරලැස්ගමුව සමූහ යුද හමුදාවේ සේවය කරමින් ප්‍රදේශ රැසක මිනී මැරුම් හා අපරාධ රැසක් සිදුකළ බවට සැකකරන හමුදා සෙබළෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු ටී පනස්හය ගිනි අවියක් උණ්ඩ 20 ක් හා අත් බෝම්බයක් සමඟ අතුරුගිරිය ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සාමසාධක හමුදාවට යන්න සිටි සෙබළෙක් පස්දරු මව ඝාතනය කර මහකනදරාව වැවට දමා ගිහින් 


මීට දින 15 පමණ ඉහතදී මැයි මස 21 වැනිදා මිහින්තලය මහකනදරාව, පොතාන පාරේදී ඝාතනයකර මහකනදරාව වැවේ රැළපනාව මත දමාගිය පස්දරු මවකගේ ඝාතනයට සැක පිට යුද හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ එහි සියලු විස්තර අනාවරණය කරගැනීම සඳහා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරීහු සමත්වූහ.

හමුදා සැරයන්වරයෙකුගේ බිරිඳක් දූෂණය කළ යුද හමුදාවේ තිදෙනා යළි රිමාන්ඞ් 


තිදරු මවක් බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදාවේ හිටපු කෝප‍්‍රල්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු ලබන 15 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. 

ඒ සැකකරුවන් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුවන් සියලූදෙනා විවාහකයන් වන අතර ඔවුන්ට දරුවන් දෙදෙනා බැගින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස දූෂණයට ලක්ව තිබුණේ ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකුගේ මවක මෙන්ම යුද හමුදා සැරයන් මේජර්වරයෙකුගේ බිරිඳකද වන 49 හැවිරිදි කාන්තාවක්.

හමුදා සෙබළෙක් වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි 

වේයන්ගොඩ යුධ හමුදා කඳවුරේ දී හමුදා සෙබළෙකු සියදිවි හානිකරගෙන තිබේ.

ප්‍රභාකරන් නමැති පොදු සතුරා විනාශ කිරීම සඳහා ලංකාව විසින් විශාල යුද බලයක් ගොඩ නගන ලදී. එය ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය කෙරුණි. නමුත් මෙසේ විශාල හමුදාවක් ගොඩ නැගීමේදී එහි ගිණි බලය ගැන සිතුවා මිසක පශ්චාත් යුද කාලින සමයේ එහි කළමනාකරණය පිළිබඳව වගකිවයුත්තන්ට අවබෝදයක් නොවිය. 


පශ්චාත් යුද දුර්විපාක ශ්‍රී ලංකික සමාජය විසින් දරා ගත යුතු තරමට විශාල පීඩනයක් මිනිසුන් මත අතහැර තිබේ. ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වන මෙම පීඩනය සමනය නොකළහොත් එය තව නොබෝ කාලයකින් පුපුරා යනු ඇත.  

ජාතියේ මුර දේවතාවුන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද සෙබළුන් ගෙන් සෑහෙන ප්‍රතිශතයක් සිටින්නේ නිරවුල් මානසිකත්වයකින් නොවේ. ඔවුන්  යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වෙති. රණවිරුවන්ට ගෙවල් ඉඩම් ලබා දෙන වගකිව යුත්තන් සොල්දාදුවන්ගේ තුවාල ලත් මනසට ප්‍රතිකාර කිරීමට සේවා ඇති කිරීමට උත්සුක නොවෙති. 


මෙහි වඩාත්ම විනාශකාරී තත්වය වුයේ යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල නමැති වගකිවයුතු නිලධාරියාගේ අන්තනෝමතික තීරණය මත වසා දැමීමය. 

මේ නිසා යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වූ සොල්දාදුවන් කබලෙන් ලිපට වැටුණි. සමහරු නීති විරෝධී ක්‍රියා වෙත යොමු වුහ. අමන නිලධාරියෙකුගේ තීරණ නිසා අවසානයේදී විඳවන්නේ සමස්ථ සමජය විසිනි. එම නිසා දැන්වත් යුද්ධය නිසා පීඩනයට පත් වී ඇති  සොල්දාදුවන්ට එලදායි ලෙස ප්‍රතිකාර කිරීමට පුනරුත්ථාපන රෝහල් ඇති කල යුතුය​. 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails