Ads 468x60px

.

ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා - චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. 

මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා විසිනි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිබේ.

සිංහල රාජාවලියේ නම් ගම් හා කාලසීමාවන් පිළිබඳව මෙත්මල් බණ්ඩාර සමඟ පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. 

රෝහණ බණ්ඩාර හා තිලංකා ස්වර්ණපාලි යුවළගේ වැඩිමහල් දරුවා වන මෙත්මල්ට කුඩා කල පටන්ම පෙර රජදරුවන්ගේ හා මෙරට සිංහල වීරවරයන්ගේ නම් ගම් හෙළි කිරීමේ ශක්තිය තිබූ බව පැවසේ. 

ශ්‍රි ලංකාවේ විසු සියලුම රජවරුන්ගේ නම් සහ පාලන සමයන් නිවැරදිව කිව හැකි පොළොන්නරුවේ හය හැවිරිදි දරුවෙකු පිලිබඳ 2011 වසරේදී වාර්තා විය.

රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් සහ එහි සිදු වූ වැදගත් සිදුවීම් කටපාඩමින් නිවැරදිව කීමට දිවුලන්කඩවල මධ්‍යමහා විද්‍යාලයේ දෙවෙන වසරේ ඉගෙනුම ලබන දිනෙත් මෙත්මල් බණ්ඩාර සිසුවාට හැකියාව තිබෙන බව එකල මාධ්‍යය වලින් ප්‍රසිද්ධ විය.

දැන් ඔහු පහ වසරට පා තබා ඇතිඅතර අනාවැකි පලකිරීමටද පටන්ගෙන ඇත. පෙර ඔහු විසින් අතීතයේ විසු රජවරුන් ගැන පමණක් විස්තර ප්‍රකාශ කල අතර මේවනවිට ඔහු බලයේ සිටින රජවරුන්ගේ පාලන කාලය පිළිබඳවද අනාවැකි පලකොට ඇත.

ඒ අනුව ඔහුගේ පලවන අනාවැකිය ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධව පලකොට ඇත. ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව පවසමිනි. දිනෙත් මෙත්මල් සිසුවා විසින් එය පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය.

දිනෙත් ගේ අනාවැකියට අනුව මහින්ද රාජපක්ෂ 2023 වසර වනතෙක් රට පාලනය කරනු ඇත. 2023 වසර වන විට ජනපතිවරයාගේ වයස 77 ක් පමණ වේ.

මෙයට පෙර දිනෙත් මෙත්මල් විසින් රජවරුන් පිලිබඳ තොරතුරු හෙලිකල අයුරු පහතින්.

 
Related Posts with Thumbnails