Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් දොස්තර යක්‍ෂයන් බිහි කිරීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ.

එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. 

දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. 

සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි.

මොවුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගියද යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ගෝත්‍රිකයෙකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති. 

මාධ්‍යවේදී සුගත් රාජපක්‍ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. 

උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.

කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය.

කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය,

කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​.

අලුත්ම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර රෝහලෙනි. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ දිනුෂ සෙරංග විජේවර්ධන නම් වෛද්‍යවරයා අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක්   සවි කිරීම නිසා අත්ඩංගුවට ගන්නා ලදි.

මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ. 
( අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවි  කළ දොස්තර  දිනුෂ සෙරංග විජේවර්ධන - ඡායාරූපය ලංකාදීප පුවත්පතෙනි )

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails