Ads 468x60px

.

සිව්දෙනකු එලොව යවමින් බිරිය සමග ආරවුලකට ගෙට ගිනි තැබූ සැමියා...

ඉඩම් සහ පවුල් ආරවුලක්‌ දුරදිග යැමෙන් පසු තම බිරිඳට පහරදී නිවසට ගිනි තැබීමෙන් පසු නිවෙස්‌ හිමියා ඇතුළු සිව්දෙනකු මියගොස්‌ තවත් දෙදෙනකු බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා තිබෙන පුවතක් පෙරේදා (09 වැනිදා) කතරගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තම බිරිඳ සමග කාලයක්‌ තිස්‌සේ පැවති ඉඩම් ආරවුලක්‌ සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක්‌ දුරදිග යැමෙන් අධික ලෙස බීමතින් පැමිණි නිවෙස්‌ හිමියා තම බිරිඳට පිහියෙන් ඇන පහරදී පෙට්‍රල් දමා නිවසට ගිනි තබා ඇති බවයි.

එම අවස්‌ථාවේ නිවසේ සිටි නිවෙස්‌ හිමියාගේ බිරිඳ එස්‌. පී. සබීතා බිරිඳගේ මව වන හේවාරත්න ජුලිගේ ලීලාවතී හා නිවෙස්‌ හිමියා වන කීර්ති සුරවීර හා දියණිය වන රන්දිමා මෙසේ මියගොස්‌ තිබෙනවා. බිරිඳගේ පියා වන එස්‌. පී. කරනේරිස්‌ හා බිරිඳගේ සහෝදරිය වන දර්ශනී

නමැති අය ගින්නෙන් පිළිස්‌සුම් තුවාල ලබා තිබෙනවා.

අධික ලෙස පිළිස්‌සුම් තුවාල ලැබූවන් හම්බන්තොට හා කතරගම යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, පසුව දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ මියගොස්‌
තිබෙනවා.

සැකකරු නිවස තැබීමෙන් පසු අසල්වාසීන් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන
තිබෙනවා. මෙම ගිනි තැබීම එම නිවෙස්‌ හිමියා හා බිරිඳ අතර පැවති ඉඩම් ආරවුලක්‌ හේතුකරගෙන සිදුකරන්නට ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සියැසින් දුටු අසල්වැසියෙක්‌


මම රාත්‍රි ටීවී බල බලා ඉන්නකොට මහා හයියෙන් ගෑනු අයකු කෑගහනවා ඇහුණා බේරාගන්න කියලා. මම ඒ පැත්තට යනකොට මම දැක්‌කා සබීතා නංගී ගිනි ගොඩක හිටියා. එයා බිම දිගාවී ගිනි නිවා ගත්තා. මම යනකොට "අනේ නිමල් අයියේ මාව බේරාගන්න" කියලා උදව් ඉල්ලුවා. 

ඒ සමග මම දැක්‌කා ගේ ඇතුලෙන් මහා ගින්නක්‌ නගිනවා. මම අහල පහළ අයට කෑගහලා කිව්වා ගින්න නිවන්න කියලා. සිද්ධිය ඇසින් දුටු නිමල් වනිගරත්න මහතා එසේ පැවසුවා. සිද්ධිය වූ අවස්‌ථාවේ එම ස්‌ථානයට පැමිණි ඒ මහතා තවදුරටත් මෙසේද පැවසුවා.

මම යන විටත් සබීතා නංගි ලේ ගලමින් හිටියා. අනේ අයියේ මට කීර්ති පිහියෙන් ඇන්නා කියලා කිව්වා. මම ඉක්‌මනට තුවාලවූ දරුවයි අම්මාවයි ඉස්‌පිරිතාලෙට අරන් ගියා. ඊට පස්‌සේ ආබාධිතව සිටි ගැහැනු අයකුයි පිරිමි වැඩිහිටියකුයි රෝහලට අරන් ආවා.

මෙම සිද්ධිය පෙරේදා (9 වැනිදා) රාත්‍රි 9.30 ට පමණ සිදුවී ඇති අතර ඝාතනය සිදු කළ චන්ද්‍රකීර්ති සුරවීර නමැත්තා දහවල් සිට බීමත්ව සිට ඇති අතර කතරගම ඉන්ධන හලකින් පෙට්‍රල් ද ලබාගෙන ඇති බවත් අනාවරණය වේ. 


සිද්ධිය වූ අවස්‌ථාවේ එම නිවසේ සිටි බිරිඳගේ පියාගේද ආබාධිත සොහොයුරියගේද දරුණු කැපුම් තුවාල හා පිළිස්‌සුම් තුවාල ලබා මියගිය සබීතා (33) මහත්මිය මිය යැමට පෙර ලබාදුන් සාක්‍ෂි ඇතුළුව සාක්‍ෂි පහක්‌ පොලිසිය සතුව ඇති බව කතරගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පවසයි.

දරුණු ලෙස තුවාල ලබා සිටි තෙහැවිරිදි රන්දිමා දැරිය හම්බන්තොට රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියාය.

මියගිය සබීතාගේ පියා වන කරෝලිස්‌ (73) මහතාද, ආබාධිතව පසුවූ සොහොයුරිය දර්ශනී ද (32) පිළිස්‌සුම් තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
 
Related Posts with Thumbnails