Ads 468x60px

.

හිටපු ගුවන් හමුදාපතිවරයා දැඩි මාධ්‍ය විරෝධී නිලධාරියකු බව සිරිමෙවන් කස්‌තුරිආරච්චි කියයි.

හිටපු ගුවන් හමුදාපතිවරයා දැඩි මාධ්‍ය විරෝධී නිලධාරියකු බව සිරිමෙවන් කස්‌තුරිආරච්චි දිවයින පුවත් පතට ලිපියක් ලියමින් පවසයි.

ඔහුගේ ලිපිය මෙසේය.

යුද හා නාවික හමුදාපතිවරුන් මාධ්‍ය සමග සුහදව කටයුතු කරන අයුරු හා සැසඳීමේදී ගුවන් හමුදාව සහ ජනමාධ්‍ය අතර පවතිනුයේ විශාල දුරස්‌ වීමක්‌ බව පැහැදිලිය. 


හිටපු ගුවන් හමුදාපතිවරයාගේ මාධ්‍ය විරෝධී ප්‍රතිපත්තියට අදාළ අයුරින් කටයුතු කළ ගුවන් හමුදා මාධ්‍ය අංශය වත්මන් ගුවන් හමුදාපතිවරයා යටතේ ද එලෙසම මාධ්‍ය විරෝධී ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

ජනමාධ්‍යයෙහි ඇති අගය හා අවශ්‍යතාවය පිළිබඳ කිසිදු අවබෝධයක්‌ සහ මාධ්‍ය සමග සුහදව සමීපව කටයුතු කිරීමේ හැකියාවක්‌ නොමැති ගුවන් හමුදා මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නව ගුවන්
හමුදාපති වරයා ද මාධ්‍යයෙන් දුරස්‌ කරවීමට හේතු වන බව පැහැදිලිවම පෙනී යන කරුණකි. 

එම තත්ත්වය වටහා ගෙන කටයුතු කිරීමට නව ගුවන් හමුදාපති එයාර් මාර්‍ෂල් කෝලිතට නොහැකි වුවහොත් මාධ්‍යවේදීන් වන අපට 'ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ' යනුවෙන් කීමට සිදුවනු ඇත. (සිරිමෙවන් කස්‌තුරි ආරච්චි )   

ත්‍රිවිධ හමුදා මාධ්‍ය සමග සුහදව කටයුතු කිරීම යනුවෙන් බොහෝ මාධ්‍ය වේදීන් අදහස් කරන්නේ ඔවුන්ව හමුදා කඳවුරු වලට ආරාධනා කොට ඔවුන්ට හොඳ බයිට් සමග මත්පැන් සංග්‍රහයක් දීමත් ඉන්පසු කාපු බීපු දේට හිලව්වට අදාල නිලධාරියා පිම්බී යන ආකාරයට ලිපියක් පුවත් පතේ පළ කිරීමයි. 


ත්‍රිවිධ හමුදා  මාධ්‍ය සමග සුහදව කටයුතු කිරීම යනුවෙන් සිරිමෙවන් කස්‌තුරිආරච්චිත් අදහස් කලේ මේ දෙයද යන්න අප නොදනිමු.  

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails