Ads 468x60px

.

අනර්කලීට බෝනස්‌ අසුනක්‌ - පියා ගෙන ගිය ගමන ඉදිරියටම රැගෙන යනවා - හිරුණිකා

මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරග කළ අනර්කලි ආකර්ෂා මෙනවිය බෝනස්‌ මන්ත්‍රී ධුරයක්‌ හරහා පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් ලබාගෙන තිබෙනවා.

ඇය මනාප ඡන්ද අටදහස්‌ අටසිය හතළිස්‌ දෙක ක්‌ ලබා මනාප ලැයිස්‌තුවේ 18 ට පත් වූවා.


මීට‍ අමතරව තමාව ජනතා නියෝජිතයෙක්‌ ලෙස තෝරාපත් කළ ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක්‌ ඉටුකරන බව බස්‌නාහිර පළාත් සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කර ජය ලැබූ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මෙනවිය පැවසුවා.

සිය ජයග්‍රහණය ගැන කළ විමසුමකදී ඇය මේ බව සඳහන් කළා. මට අද හරිම සතුටු දවසක්‌. ජනතා නියෝජිතයෙක්‌ ලෙස බුද්ධිමත් පිරිසක්‌ අද

මාව පත්කර තිබෙනවා. ඒ හැමෝටම මගේ ප්‍රණාමය පුද කරනවා. 

මගේ පියා ගෙනගිය දේශපාලන ගමන මා ඉදිරියටම කරගෙන යනවා. පළාත් සභාව හරහා ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සමාජ මෙහෙවර ඉටු කරනවා.
 
Related Posts with Thumbnails