Ads 468x60px

.

වෙනූෂාගේ විදුහලේ 'කළුවර කාමරේ' තොරතුරු වසන් කරන්න දේශපාලන ප්‍රබලයකු බරටම වැඩලු

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ශිෂ්‍යාවක් ගෙලවැලලාගෙන දිවිතොර ගැනීමේ සිද්ධියට සම්බන්ධ එම විදුහලේ කළුවර කාමරයේ තොරතුරු වසංකිරීමට ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අප වෙත දැනගන්නට ලැබී තිබෙනවා .

එම විදුහලේ විදුහල්පතිවරයා විසින් ෆේස්බුක් සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකිරීම නිසා එහි ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගත්තාය.


එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත්වී ඇති මියගිය පාසල් දැරියගේ මවට සහ සිසුන් ඇතුළු ගුරුවරුන් කීප

දෙනකුට දුරකතන මාර්ගයෙන් තර්ජන එල්ලවෙමින් තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරයේ කාන්තා පොලිස් ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.

එම විදුහලේ අඳුරු කාමරයක් පැවැති බවට ඡායරූප පවා ගෙන ඇති බවද ඔහු සඳහන් කෙළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වී සිටින ඇතැම් ගුරුවරුන්ට හදිසි මාරුවීම් ලබාදී නැවතත් ඒවා අවලංගු කර ඇත්තේ ඔවුන් බියවද්දන ස්වරූපයෙන් බවද හෙළි වී තිබේ.

එම සිද්ධියෙන් මියගිය ශිෂ්‍යාවගේ මවට ලැබී ඇති නිර්නාමික ජංගම දුරකතන සහ හෙළිකරගත හැකි අංක සඳහන් දුරකතනවලින් කරන ලද තර්ජන පිළිබඳ කුරුණෑගල පොලිසියට පැමිණිලි කර ඇතත් නිසියාකාර පරීක්ෂණයක් සිදුකර නොමැති බව නම හෙළිකිරීමට බිය සාක්ෂිකාරියක් පැවැසුවාය.


ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකුගෙන් විමසූවිට ඔහු සඳහන් කෙළේ මේ පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය පරීක්ෂණ පවත්වන නිසා පරීක්ෂණ දෙකක අවශ්‍යතාවක් නොපෙනෙන බවයි.

දැනට උද්ගතවී ඇති මේ තර්ජන ගර්ජන ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික ළමා රක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය භාර පොලිස් අධිකාරි සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත එම පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඩී.ඩබ්ලිව්. බෝපිටිගොඩ මහතා ඇතුළු කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයට යවා තිබේ.
 
Related Posts with Thumbnails