Ads 468x60px

.

සාමවිනිසුරු පුහුණු වැඩමුළු දෙකක් 24 හා 25 දිනවල ගාල්ලේ දී හා පිළියන්දල දී

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ මෙහෙයවීමෙන්, සාමදාන විනිශ්චයකාරවරුන් ඔව්න් ගේ විෂයට අදාළ ව පුහුණු කරන සාමවිනිසුරු පුහුණු වැඩමුළු දෙකක්  2014.05.24 දින ගාල්ලේ දී හා 2014.05.25 දින පිළින්දල දී ද පැවැත්වේ. මේවා නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩමුළු ය.

මේ සදහා දැනටමත් සාමවිනිසුරුවරුනට ආරාධනාපත්‍ර තැපැල් කොට යවා ඇත. එම සාමවිනිසුරු පුහුණු වැඩමුළුවලට සහභාගී වීමට කැමති ගාල්ල හා කොළඹ දිසාවල අධිකරණවල දිව්රුම්/ප්‍රතිඥා දුන් සාමවිනිසුරු වරු වෙතොත්, පහත සදහන් තොරතුරු සම්පූර්ණකර

samavinisuru.masika2013@gmail.com දරන e - mail ලිපිනයට එවීමෙන් ඒ සදහා ආරාධනා ලිපියක් ලබාගත හැකි ය. මේ සම්බන්ධයෙන් 2014.05.12 දින ‘‘රිවිර“, ‘‘දිවයින“ හා ‘‘ලක්බිම“ පුවත්පත්වල ද අදාළ නිවේදන පළ වී ඇත.

සාමවිනිසුරු පුහුණුව ලබා ගැනීමට උනන්දුවන, දිවයිනේ කවර ප්‍රදේශයක වුව ද අධිකරණයක සාමවිනිසුරුවරයෙකු ලෙස  දිව්රුම් / ප්‍රතිඥා දුන්  සාමදාන විනිශ්චයකාරවරුන් වෙතොත් ඔව්න්ට ද මේ සදහා සහභාගී වීමට අවස්ථාව සැලසේ. ඔව්හු ද පහත සදහන් තොරතුරු සම්පූර්ණ කොට e - mail මගින් එවිය යුතු වෙති.

සාමවිනිසුරු පුහුණු වැඩමුළු සදහා සහභාගීත්ව ඉල්ලුම් පත්‍රය.

1. ඉල්ලුම්කරු ගේ / ඉල්ලුම්කාරිය ගේ නම ;-

2. තැපැල් ලිපිනය :-

3.  e - mail ලිපිනය ;-

4.  සාමවිනිසුරුවරයෙකු ලෙස අධිකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි අංකය :-

5.  (අ) සාමවිනිසුරුවරයෙකු ලෙස අධිකරණයේ දිව්රුම් දුන් දිනය :-

     (ඉ) දිව්රුම් දුන් අධිකරණය (මහාධිකරණය/දිසා අධිකරණය/මහේස්ත්‍රාත් අධිකරණය) :-

     (උ) එම අධිකරණය පිහිටි නගරය :-
           (උදාහරණ ; ගල්කිස්ස)

6.  වෘත්තිය / රැකියාව :-

7   මෙයට පෙර සාමවිනිසුරුවරයෙකු ලෙස පුහුණුව ලබා තිබේද යන වග :-

8.  සහභාගී වීමට අපේක්ෂා කරන්නේ කවර වැඩමුළුවකටද යන වග ;-
      (ගාල්ල වැඩමුළුවටද/පිළියන්දල වැඩමුළුවටද)

9. අයැදුම්කරු ගේ දුරකථන අංකය ;-
 
Related Posts with Thumbnails