Ads 468x60px

.

යෝනියේ මාංශ පේශී හැකිලීම නිසා බලෙන් කායිකව එකතු වන්නට ගිය තරුනියට වෙච්චි දේ


මධුසමය පවා 
එපා වෙයි

ධම්මිකායි ප්‍රභාතුයි විවාහ වුණේ මාස අටකට විතර කලින්. ඔවුන් දෙදෙනා හමුවුණේ වැඩිහිටියන් ගෙනා යෝජනාවකින්.

ධම්මිකා පිටිසර ගමක හැදී වැඩුණු යුවතියක්. රැකියාවක් කළේත් නෑ. ප්‍රභාත් ආරක්ෂක හමුදාවේ සෙබළෙක්. විවාහයෙන් පස්සේ ධම්මිකාට ගම අත හැරලා ප්‍රභාත්ගෙ මහ ගෙදර පදිංචියට යන්න සිද්ධ වුණා. ඒ ගෙදර ප්‍රභාත්ගේ දෙමාපියො වගේම අවිවාහක නැගණියත් හිටියා.


ධම්මිකා ගෙදර සියලුම වැඩවලට මවට උදව් කරමින් ඔවුන් සමග ලොකු සුහදතාවයකින් ජීවත් වුණා. ප්‍රභාත් හිටියෙ දුර පළාතක කඳවුරක. ඒ නිසා ඔහුට ගෙදර එන්න ලැබුණේ මාස දෙක තුනකට වතාවක් පමණයි.


මේ විදියට ඔවුන් විවාහ වෙලා අවුරුද්දක් පිරෙන්නත් ආසන්න වුණා. ධම්මිකාට තවම දරු ගැබක් හට ගත්තේ නැති එක ගැන ප්‍රභාත්ගෙ මව

වටින් ගොඩින් කියන්න පටන් ගත්තෙ මේ කාලෙදියි. 

මේක ධම්මිකාගෙ හිතට ලොකු වදයක් වුණා. ඇයට සැමියා සමග මේ ගැන කතා කරන්නටත් අපහසුවක් දැනුණු නිසා ඔහු ගෙදර ආ පසුවවත් ඇය කිසිවක් නොකියා නිහඬව සිටියා.

දිනක් හිටිහැටියේම ධම්මිකාගේ ස්වරූපය අමුතුවෙලා ඇය කෑගහන්න පටන් ගත්තා. බිම පෙරළෙමින් කෑගෑසූ ඇය මාව මැරෙයි අනේ මාව බේරගන්න. යැයි කියන්නට වූයේ වෙව්ලුම් හඩින්. ඇගේ ඉහින් කනින් දාඩිය වැගිරෙමින් තිබුණා. හෘද ස්පන්දනය වේගවත් වුණා. 


සමහර වෙලාවට හුස්ම තදවන ආකාරයකුත් පෙනුණා. මේ වෙලාවෙ පවු‍ලේ අය ගොඩක් කලබල වෙලා ධම්මිකාව දෑතින් අල්ලා ගත්තත් ඒ අවස්ථාවේ ඇගේ සිරුරේ තිබුණේ විශාල ශක්තියක්. විනාඩි දහයකටත් වඩා අඩු කාලයකදී ධම්මිකා සාමාන්‍ය තත්ත්වයට පත් වුණා.

ප්‍රභාත්ගේ මිත්තණිය මේ නිවසේම ජීවත් වෙලා ඊට ටික කලකට උඩදී මියගොස් තිබුණා. මිත්තණිය ජීවත්ව සිටි කාලයේදී ප්‍රභාත්ට ගොඩක් ආදරෙන් හිටියෙ. ඒ නිසා ප්‍රභාත්ගේ බිරිඳ කෙරෙහි නොමනාපයෙන් එම මිත්තණිය ධම්මිකාට ආවේශ වෙලා කියලයි. 


පවු‍ලේ සියලු දෙනාගෙම නිගමනය වුණේ මේ සිද්ධිය වුණේ ප්‍රභාත් නිවාඩුවට ගෙදර පැමිණෙන්නට නියමිත දිනයට පෙර දිනයේයි. පසු දින ප්‍රභාත් පැමිණි පසු පවු‍ලේ සියලු දෙනාම මේ විස්තරය ප්‍රභාත්ට පවසා එදිනම කට්ටඩියකු ගෙන්වා ධම්මිකාට නූලක් බන්දවන්නට කටයුතු සිදු කළා.

සතියක් පමණ ධම්මිකා හොඳින් සිටියා. නමුත් ඉන්පසු පෙර පරිදිම නැවතත් ධම්මිකා එක්වරම ආවේශ වූ ආකාරයෙන් කෑගසන්නට පටන් ගත්තා. එදා ප්‍රභාතුත් ගෙදර හිටියා.


ධම්මිකා මේ අවස්ථාවේදී පළ කරන ලක්ෂණ අනුවත් ඇය තුළ ඇතිවන කිසිවකුට තනිව මෙල්ල කළ නොහැකි අසාමාන්‍ය ශක්තියක් නිසා මෙය භූතාත්මයක් ඇගේ සිරුරට පිවිසීමක් බව ඔවුන්ගේ අනුමානය වුණා.


වෙනත් කට්ටඩියකු ලවා ඇප නූලක් බන්දවා ඉන්පසු තොවිලයක් කර මේ භූතාත්මය බෝතලයකට ගෙන ගලන ගංගාවකට ගෙන ගොස් දැමීමට ඔවුන් කතිකා කර ගත්තා.


ඊළඟ වතාවේ ප්‍රභාත් ගෙදර පැමිණි පසුව මේ තොවිලය කිරීමයි ඔවුන්ගේ අරමුණ වුණේ ප්‍රභාත් නිවාඩුව අවසන් වී කඳවුරට ගිය පසු ධම්මිකාට භූතාත්මය ආවේශ වීමක් සිදුවුණේ නෑ. නමුත් ඔහු ඊළඟ නිවාඩුවට නිවසට පැමිණි දවසේම ධම්මිකාට පෙර සිදු වූ දෙය ඒ අයුරින්ම සිදුවුණා.


ඔහු නිවසේ සිටි දින දහයක පමණ කාලය තුළ දිනපතාම වාගේ ධම්මිකා මේ තත්ත්වයෙන් පීඩා වින්දා. ධම්මිකා කෙරෙහි වෛරයෙන් ප්‍රභාත්ගේ මිත්තණිය ධම්මිකාව බිලි ගැනීමට උත්සාහ දරන බවයි ප්‍රභාත්ගේ පවු‍ලේ අයගේ අදහස වුණේ.

තොවිලය කිරීමට වැඩ කටයුතු සූදානම් කරගෙන යන අතරේ ධම්මිකාගේ හැසිරීම ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. සැමියාත් ඇයත් අතරේ දිගින් දිගටම රණ්ඩු දබර ඇති වුණා. ධම්මිකා මෙසේ වෙනස් වීමට හේතුව මිත්තණියගේ භූතාත්මය ආවේශ වීම බවයි පවු‍ලේ අයගේ අදහස වුණේ.


සැමියාගේ හා දෙමාපියන් සමගත් දිනක් මේ ආකාරයටම දබර කර ගත් ධම්මිකා ඉන්පසු ඒ ගෙදරින් පිටව ගියේ නැවත එහි නොඑන බව කියමිනුයි.

පසුව ධම්මිකාගේ පවු‍ලේ ඥාතිවරයෙක් මුල් වෙලා ධම්මිකාව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළා. ධම්මිකාගේත් ප්‍රභාත්ගේත් පවුල් ජීවිතය පිළිබඳව තතු විමසා බැලීමේදී පැහැදිලි වුණේ ඔවුන් දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් නොතිබූ බවයි. 


ඊට මූලිකම හේතුව වී තිබුණේ ඔවුන් දෙදෙනාට ඒ දක්වාමත් හරි හැටි කායික සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වීමයි. මේ අනුව මධුසමය දිනයේදී පවා ඔවුන්ට කායිකව එක්වීමට නොහැකි වුණා. 

ධම්මිකාට එය ඉතාමත් වේදනාකාරී වීමයි මෙයට හේතුව වී තිබුණේ. ඇයට එවැනි අවස්ථාවලදී යෝනි මාර්ගය මාංශ පේශි සංකෝචනය වීමෙන් තමයි මේ තත්ත්වය ඇති වුණේ. මෙය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ මචඨඪදඪථභඵ යන නමින්.

තම බිරිඳට කායික එක්වීම වේදනාකාරී අත්දැකීමක් නිසා සැමියා ඊට එතරම් බල කළේ නෑ. මේ නිසා මුලදී ඔවුන් අතර කිසිදු ගැටලුවක් ඇති වුණේ නෑ. නමුත් ප්‍රභාත්ගේ මව දරුවකු පිළිබඳව වරින් වර විමසන විට එය ධම්මිකාට විශාල මානසික වදයක් වුණා. 


නමුත් තමන් සහ ප්‍රභාත් අතර තිබෙන ගැටලුව ඔහුගේ මව සමග කියන්නට ධම්මිකාටවත් ප්‍රභාත්ටවත් හැකියාවක් තිබුණෙ නෑ. මේක සිතට විශාල පීඩනයක් වන විට ධම්මිකා විශාද රෝගියෙකු බවට පත් වුණා. නමුත් ධම්මිකාට හෝ පවු‍ලේ කිසි කෙනකුට එවැනි දෙයක් ගැන වැටහීමක් තිබුණෙ නෑ. 

ඉන්පසු ඇගේ සිත තුළ විශාල ගැටුමක්  ඇති වුණා. ඒ ගැටුම නිසා පැනික්් ඇටෑක්  නමැති තත්ත්වය ඇති වූ අතර එහි ලක්ෂණයක් ලෙස තමයි රෝගියා භූතාත්මයක් ආවේශ වීමක් ආකාරයෙන් හැසිරුණේ.

මෙය පැනික් ඇටෑක් එකකදී සුළු කලකට ඇති වන කාංසා රෝග තත්ත්වයක්. මේ මානසික රෝගය ඇති වීමට හේතු වූයේ කාන්තාව තුළ බලපෑ ලිංගික ආබාධයයි. ඇගේ විශාද රෝග තත්ත්වයේ උග්‍ර ඵලය ලෙස තමයි ඇය නිවසේ සියලු දෙනා සමග දබර කරගෙන දෙමාපියන් වෙත යන්න ගියේ.

මුල්ම කායික එක්වීම ඉතා වේදනාකාරී අත්දැකීමක් ලෙස යම් කාන්තාවක් විශ්වාස කරන විට ඇයට ඒ මානසික තත්ත්වය මුල් කරගෙන කායිකව එකතු වන්නට යන අවස්ථාවේ යෝනි මාර්ගයේ මාංශ පේශී හැකිලීම සිදුවෙනවා. 


එසේ වන්නේ කායිකව එක්වීම වැළැක්වීම සඳහා මනස යොදනු ලබන උපක්‍රමයක් වශයෙන්. එවැනි අවස්ථාවකදී බලෙන් කායිකව එකතු වන්නට ගියොත් කාන්තාවට තදබල වේදනාවක් දැනෙනවා. ඉන්පසු එම කාන්තාව කායික එක්වීම් ගැන සිතන්නට පවා බිය වෙනවා. මේ කතාවේ එන තරුණියටත් ඇති වුණේ එයයි. 

ඇයට සැමියා නිවසේ සිටින දිනවලදී ආවේශ වීමක් වැනි ස්වභාවය වැඩිපුරම ඇති වුණේත් කායික එක්වීම් වළකාලීම සඳහා ඇගේම යටි සිත යෙදූ උපක්‍රමයක් ලෙසිනුයි. ඇයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඇගේ භූතාවේශය මෙන්ම කායික එක්වීම් සඳහා වූ අධික බියද දුරු කළ හැකි වුණා.

විශේෂඥ මනෝ වෛද්‍ය 
රූමි රූබන්ගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි
 
Related Posts with Thumbnails