Ads 468x60px

.

ඇඳුම් ගලවා අත්පා බැඳ විශාල බැරලයකට දමා නාගයා ලවා දෂ්ට කරවීමට සලස්‌වලා...

ඉඩම් ආරවුලක්‌ සම්බන්ධයෙන් පැවැති කෝන්තරයක්‌ මත නාගයකු ලවා දෂ්ට කරවා තම විරුද්ධවාදියා මරණයට පත්කිරීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ සිද්ධියක්‌ ගැන සෙවනගල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මෙහිදී නාගයකු දෂ්ට කළ හතළිස්‌ හැවිරිදි දෙදරු පියකු වන ගමගේ දොන් ධම්මික නිශාන්ත මහතා ඇඹිලිපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඉකුත් 9 දා සවස 4.30 ට පමණ ධම්මික නිශාන්ත මහතා තම හේනට යමින් සිටියදී අතරමග රැක සිටි ඔහුගේ විරුද්ධවාදියකු වන සෙවනගල මකුළුගම පදිංචි නෙල්ලවපිටියගේ සිසිල් චමින්ද නොහොත් ලොක්‌කා නමැති අය සහ තවත් නාඳුනන අයෙක්‌ ධම්මික ශාන්තව අල්ලාගෙන ඇඳුම් ගලවා අත්පා බැඳ විශාල බැරලයකට දමා ඇති බව පොලිසිය කියයි. 


එම බැරලයේ නාගයකුද සිටි අතර නාගයා එළියට ඇදී යද්දී ලොක්‌කා නැමැත්තා කෝටුවකින් නාගයාට පහරදී ඌ කෝපාවිශ්ඨ කොට ශාන්තට දෂ්ට කරවීමට සලස්‌වා ඇත. නාගයා ශාන්තගේ ශරීරයේ
කීප පොළකට දෂ්ට කර තිබේ. 

ඒ අවස්‌ථාවේ සිහිසුන් වූ අයකු ලෙස ශාන්ත සිටීම නිසා ඔහු එළියට අරගෙන පාළු පාරක්‌ අයිනේ දමා නැවත ඇඳුම් අන්දවා නාගයාද මරා දමා ඇත්තේ නාගයා දෂ්ට කිරීමෙන් ඔහු මියගිය බව ඇඟවීමටය. ඉන්පසුව අපරාධකරුවන් දෙදෙනා එම ස්‌ථානයෙන් පිටව ගොස්‌ ඇත.

පසුව සිහිසුන් වූවෙකු ලෙස සිටි ශාන්ත එතැනින් නැගිට අසල නිවසකට ගොස්‌ සිද්ධිය සැලකිරීමෙන් පසු ඔහු ඇඹිලිපිටිය පොලිසියට රැගෙන ගොස්‌ ඇත.

අපරාධකරුවන් මෙම සිද්ධිය කලින් සිට සැලසුම්කර ඇත. ටැංකියට දමා සිටි නාගයාට ගෙම්බන් හා මීයන් ආහාරයට දී ඇති බව එහි තිබූ කොටස්‌ වලින් අනාවරණයවී තිබේ. සිද්ධිය සම්බන්ධව සැකකරුවන් ප්‍රදේශ යෙන් පැනගොස්‌ තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.
 
Related Posts with Thumbnails