Ads 468x60px

.

කිසිම ගැහැනියක්‌ සිය කැමැත්තෙන් මුදලට ඇඟ විකුණන්නේ නැ

ශ්‍රී ලංකාව තුළ ඉතාම පහසුවෙන් දැමිය හැකි කඩ වර්ග තුනක්‌ තිබේ. එයින් පළමුවැන්න පෞද්ගලික පාසල් නමැති කඩ ය. 

දෙවැන්න චීන හෝටල් නමැති කඩ ය. තුන්වැන්න මසාඡ් ක්‌ලීනික්‌ නමැති කඩ ය.

 ඒ තුනටම අවශ්‍ය වන්නේ සමාගම් මැඳුරේ හෝ පළාත් සභාවේ වෙළෙඳ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි වී වැඩ පටන් ගැනීම ය. පෞද්ගලික පාසලක්‌ පටන් ගැනීමට ශාලාවක්‌ සහ ඩෙස්‌ බංකු කිහිපයක්‌ අවශ්‍ය ය. 

චීන හෝටලයක්‌ පටන් ගැනීමට බට පැලැල්ලක්‌ සහ රතු තීන්ත ටින් එකක්‌ සහ කහ තීන්ත අවශ්‍ය ය. බට පැලැල්ලේ රතු තීන්තෙන් විශාල
කටුස්‌සකු ඇඳ උගේ කටින් ගිනිදළු පනින හැටි පෙන්වන පරිදි කහ තීන්ත ටිකක්‌ උලා එය හෝටලය ඉස්‌සරහින් එල්ලූ වහාම චීන හෝටලය ඇරඹෙයි. 

මේකා කටුස්‌සකු නොව චීන මකරකු බව අප එතැන් පටන් හිතා ගත යුතු ය. අප එතැනින් අනුභව කරන ප්‍රයිඩ් රයිස්‌ පිඟාන කොත්තු රොටිවලම තවත් ස්‌වරූපයක්‌ නොව චීන ප්‍රයිඩ් රයිස්‌ බව අප හිතා ගත යුතුය. මසාඡ් ක්‌ලිනික්‌ පිළිබඳ කතන්දරය මීට ටිකක්‌ වෙනස්‌ ය. 

ඒ සඳහා ඇතුළත කොටස්‌වලට වෙන් කෙරුනු කඩ කාමරයක්‌ අවශ්‍ය ය. ඒ කොටස්‌ තුළ මේස තරම් උස්‌ වූ ඇඳන් දැමිය යුතු ය. මේවාට මෙට්‌ට නැත. එම්බාම් කරන මිනිය, මල් ශාලාවේ මේසය මත පතබාවන පරිදි මසාඡ් එකට එන එකා හෙළුවැල්ලෙන් හෝ යට ඇඳුමක්‌ පමණක්‌ ඇඳ පෙර කී උස්‌ ඇඳ මත පතබාවනු ලැබේ. 

එතැනින් එහා කතා කුමට ද? ලෝකයේ කොතැනක කළත් ගැහැනුන් විසින් පිරිමින් සම්භාහනය කරන තැන්වල මසාඡ් කෙරෙන්නේ මෙසේ ය. ඒ බව සිත්හි තබා ගෙන ඉතිරි කතාව ගොනු කරමු.

පන්නිපිටියේ බෝගහහන්දිය ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානය මුවාවෙන් පවත්වා ගෙන ගියේ යෑයි කියන ගණිකා නිවාසයක්‌ වටලා තරුණියන් සිවුදෙනකු සහ වෛද්‍යවරුන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව දැනගන්නට තිබේ. 


තරුණියන් සිවුදෙනා රත්නපුර, මාතර, බදුල්ල, බණ්‌ඩාරවෙල යන ප්‍රදේශ වල සිට කොළඹ පැමිණි අය ය. මසාඡ් ක්‌ලිනික්‌වල වැඩට පැමිණීමේ අරමුණින් කිසිදු තරුණියක්‌ කොළඹ එතැයි අපි විශ්වාස නො කරමු.

පත්වීමේ ලිපිය ගණිකා වෘත්තිය වන රස්‌සාවක්‌ සොයා ගෙන කිසිදු ගැහැනියක කොළඹ එන්නේ නැත. හැම කෙනෙකුම කොළඹ එන්නේ රස්‌සාවක්‌ සොයාගෙන ය. ගාමන්ට්‌ µeක්‌ටරි බහුල ලෙස වැසී යැම නිසා රැකියා නැති වී ගණිකාවන් ඉහළ යැමේ ප්‍රවණතාවක්‌ අද හටගෙන තිබේ.

ගැහැනු ළමයින් මුලට එන්නේ මසාඡ් ක්‌ලිනික්‌වල වැඩට ය. මසාඡ් ක්‌ලිනික්‌වලින් සේවය ලබා ගැනීමට එන පිරිමින් වැඩි දෙනාට කුමක්‌ හෝ අවුලක්‌ තිබේ. එක්‌කෝ ඔවුන්ට ගෙදර අවුලක්‌ තිබේ. නැත්නම් වෙනත් කායික අවුලක්‌ තිබේ. 

එහෙමත් නැත්නම් විවාහයක්‌ නොවී සිටීම නිසා මතුවන විවිධ ඇඟේ අමාරු තිබේ. මේ අනුව ඔවුන් මසාඡ් ක්‌ලිනික්‌වලට එන්නේ ගැහැනු ළමයින්ගෙන් එම සේවය ගන්නා අතර පෙරළා ගැහැනු ළමයින්ට ද එම සේවය ඊටත් වඩා හොඳින් ලබා දෙනු පිණිස ය. 

තරුණියන් මුලදී ඒවාට කැමැති නැත. එහෙත් ටික දිනක්‌ යන විට ඔවුන්ට ඒවා පුරුදු වෙයි. මසාඡ් එකට එන වයසක අංකල් දෙදාහේ පටි ලෙළවන විට ගැහැනු ළමයින්ට ගෙවල් මතක්‌ වෙයි. ලෙඩ ඇඳේ සිටින තාත්තා සිහි වෙයි. පාසල් යන මල්ලී සිහි වෙයි. 

වැඩිවියට පත්වීමට කිට්‌ටු නංගිගේ රුව හදවතෙහි ඇඳෙයි. ඒ අනුව දෙදහසේ පටි අත රැඳි මහතාට ඔවුහු ස්‌වල්පයක්‌ ඉඩ දෙති. අන්තිමට ගණිකාවක වී මහ පාරට වැටෙන තුරුම ඔවුන් තමනට සිදු වූ දේ දන්නේ නැත.

සම්භාහන ශාලාවකට යන පිරිමියකුට තමන්ට අවශ්‍ය තරුණිය තෝරා ගත හැකි ය. සති අන්ත පුවත්පත්වල පළවන සම්භාහන ශාලා දැන්වීම්වල "සුරූපී තරුණියන්ගේ සේවය ලබා ගත හැකිය" යනුවෙන් සඳහන් වී තිබේ. 


මෙයින් හැඟෙන්නේ කුකුළු කොටුවක සිටින කුකුළන්ගෙන් හොඳම කුකුළා තෝරා ගෙන මරාගෙන කෑමේ අවකාශය ගනුදෙනුකාරයාට තිබෙන බවය. පොලිසිය සම්භාහනාගාර වටලන්නේ කවර නීතියක්‌ යටතේ දැයි අපි නො දනිමු. 

බොහෝ විට ඔවුන් එය කරන්නේ ගණිකා නිවාස වැටලීමට අදාළ නීති රීතිවලට අනුව ය. එහෙත් උසාවි ගිය විට මේවා ඔප්පු කිරීම දුෂ්කර වන අතර අදාළ නඩු නිසි පරිදි ගොනු නො කිරීම ගැන පොලිසිය බැනුම් අසන අවස්‌ථා ද ඇත.

අවසන් වශයෙන්, නැවත වතාවක්‌ අපට කීමට ඇත්තේ කිසිදු ගැහැනියක්‌ සිය කැමැත්තෙන් මුදලට ඇඟ විකුණන්නේ නැති බව ය. ගණිකාව යනු සාධකයක්‌ නොවේ. එය ඵලයකි. සාධකය වූ කලී නීච සමාජයයි.
 
Related Posts with Thumbnails