Ads 468x60px

.

දොරවල් සියල්ල වසා කටට පුළුන් ඔබා දියණිය දූෂණය කළ තාත්තා...

සිය බාලවයස්‌කාර දියණිය දූෂණය කළේ යෑයි අධිචෝදනා ලබා සිටි පියෙකු 2000 ඔක්‌තෝබර් 13 දිනත් 2001 ඔක්‌තෝබර් 12 ත් අතරදී වයස අවුරුදු 16 ට අඩු දැරියක දූෂණය කර තිබෙනවා.  

සිද්ධිය වන විට සිය දරු පවුල සමග පල්ලම කටුපොත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මෙම සිද්ධිය වන විට ඇයගේ වයස අවුරුදු 6 ක්‌ 7 ක්‌ පමණය. දෙවන පන්තියේ ඉගෙන ගනිමින් සිටියදී මෙම සිදු වීමට මුහුණ පා තිබේ. ඇයගේ සොහොයුරන් සිව්දෙනාම සසුන්ගතවී ඇති අතර මව විදේශ ගතව සිට තිබේ. නිවසෙහි සිට ඇත්තේ ඇය සහ පියාවන විත්තිකරු පමණි.

තමන් සිද්ධිය වූ දින පාසල් ගොස්‌ නිවසට පැමිණ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී විත්තිකරු තමන්ට ගේ තුළට පැමිණෙන ලෙසට කතා කළ බවත් තමන් ගේ තුළට ගිය විට දොරවල් සියල්ල වසා කටට පුළුන්

ඔබා දූෂණය කළ බවත් ඇයගේ සාක්‌ෂියෙහි සඳහන් වෙයි.

ඒ වන විට තමන් වැඩිවියට පත්වී නොසිටි බවද මෙවෙලේ තමාට ඇතිවූ දැඩි වේදනාවට කෑ ගැසූ බවද අල්ලපුගෙදර පදිංචිව සිටි මාමා තමාව රෝහල් ගත කළ බවද එම සාක්‌ෂියෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

විශේෂඥ අධිකරණ වෛද්‍ය පැටිකිරියගේ අනුරුද්ධි සමන්තිකා එදිරිසිංහ මහත්මිය සාක්‍ෂි දෙමින් වින්දිත තැනැත්තියගේ ලිංගික පෙදෙස හා ගුද මාර්ගයේ ඉතා බරපතළ තුවාල සිදුව තිබූ බවත් එම තුවාල හේතුවෙන් ඇයගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයේ තිබූ බවත් කියා ඇත.

වින්දිත තැනැත්තියගේ සාක්‍ෂිය, වෛද්‍ය සාක්‍ෂිය මෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දුන් සෙසු සාක්‍ෂිකරුවන්ගේ ද සාක්‌ෂිවලත් කිසිදු පරස්‌පරයක්‌ නැති බව කියා සිටි මහාධිකරණ විනිසුරු එච්. එම්. අමල් තිලකරත්න මහතා පැමිණිල්ල 1-2 අධිචෝදනාවන් සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව කීය.

චෝදනා ඔප්පු කිරීම මත විත්තිකරු 1-2 චෝදනා දෙකට වරද කරු බවට තීරණය කරමින් චෝදනා දෙකට වෙන් වෙන්ව අවුරුදු 20 බැගින් බර වැඩ සහිත අවුරුදු 40ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව චෝදනා දෙකට වෙන් වෙන්ව රුපියල් 20,000 බැගින් දඩ මුදල් නියම කළේය. දඩ මුදල් නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩසහිත අවුරුදු 01 බැගින් සිරදඬුවම නියම කළේය. වින්දිත තැනැත්තියට රුපියල් ලක්‍ෂ හතර බැගින් රුපියල් ලක්‍ෂ අටක්‌ වන්දි ගෙවීමටද නියම කළේය.

විත්තිකරු අත්අඩංගුවට ගත් දින සිට සියලුම සිරදඬුවම් අනු පිළිවෙළින් ගෙවී යා යුතු බවට නියම කර විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළේය. විවෘත වරෙන්තුවේ පිටපත් පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මගින්ද ආණමඩුව, සහකාර පොලිස්‌ අධිකාරි මගින්ද නිකුත් කිරීමට නියම කෙරුණි.

වින්දිත තැනත්තිය මහාධිකරණයේ සාක්‍ෂි දෙන විට ඇයගේ වයස අවුරුදු 19 කි. 10 වන ශ්‍රේණිය දක්‌වා උගත් තමා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පෞද්ගලික හෙද නිලධාරිනියක ලෙස පුහුණුව ලබා රැකියාවක යෙදී සිටින බව කීවාය.

එමෙන්ම එදා මහණවූ තම අයියලා හතර දෙනාගෙන් තුන් දෙනෙක්‌ම සිවුරු හැර යුද හමුදා සේවයට ගිය බවත් කීවාය.
 
Related Posts with Thumbnails