Ads 468x60px

.

ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණි ජපන් තරුණියගේ හෝටල් කාමරයට පැන්න පොලිස් කාරයා..

ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණ සිටි විදේශීය කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමක්‌ පිළිබඳව සැකපිට නල්ල තන්නිය පොලිසියේ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස්‌ නිලධාරියෙකු නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපන් ජාතික කාන්තාවක්‌ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණ නල්ල තන්නිය ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටින විට ඇයට අතවර කිරීමට තැත් කිරීමක්‌ පිළිබඳව ඇය විසින් 17 වැනි දින නල්ලතන්නිය පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර ඒ අනුව අදාළ පොලිස්‌ නිලධාරියා මෙසේ අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

මේ පිළිබඳ කරන ලද විමසීමකදී නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි ජපන් ජාතික තරුණියක්‌ නල්ලතන්නිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක්‌ තුළ ලැගුම් ගෙන සිටින විටදී මෙම පොලිස්‌ නිලධාරියා එම හෝටලයේ කාන්තාව සිටි කාමරයට

ගොස්‌ අතරවර කිරීමට තැත් කිරීමක්‌ පිළිබඳ අදාළ කාන්තාව විසින් පැමිණිලි කර ඇති බවත්ය.

මේ අනුව නල්ලතන්නිය පොලිසිය මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ටද දැනුම් දී සිද්ධිය පිළිබඳ පරීක්‌ෂණ ආරම්භ කර අදාළ පොලිස්‌ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන
තිබෙනවා.

මෙම පොලිස්‌ නිලධාරියා විශේෂ රාජකාරි සඳහා ප්‍රදේශයේ වෙනත් පොලිස්‌ ස්‌ථානයකින් පැමිණි නිලධාරියකු බවත් මේ පිළිබඳව හැටන් පොලිස්‌ අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස්‌ මත පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදී.
 
Related Posts with Thumbnails