Ads 468x60px

.

දෙවියන්ගේ කැමැත්ත ඉටුකිරීමට මෙලොවට ආ 'ඉන්රි ක්‍රිස්ටෝ’


තමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නැවත ඉපදීමක් බව කියා ගන්නා අපූරු පුද්ගලයෙක් 

විවිධ පුද්ගලයන්ට විවිධ කාලවලදී විවිධ උන්මාදයන් වැළඳෙන අතර එවැනි ඇතැමුන් තදින්ම විශ්වාස කරන්නේ තමන්ගේ විශ්වාසය, අන්‍යයන් කවරක් පැවසුවද, තිර ලෙසම සත්‍යය බවයි. බ්‍රසීලයේ වෙසෙන හැටහය හැවිරිදි ‘ඉන්රි ක්‍රිස්ටෝද’ එවැනි අසාමාන්‍ය අන්දමේ දැඩි විශ්වාසයක එල්බ ගත් පුද්ගලයෙකි. 

තමා ක්‍රිස්තුන් වහන්සේගේ නැවත ඉපදීමක් බව තරයේම විශ්වාස කරන ඔහුට බ්‍රිතාන්‍යය, එක්සත් රාජධානිය, ප්‍රංශය යනාදී ලොව විවිධ රටවල් නියෝජනය කරනු ලබන අනුගාමිකන් සිය ගණනක්ද සිටින අතර මින්
බොහෝදෙනකු ජීවත් වන්නේද ඔහු සමගම බ්‍රසීලයා අගනුවරට නුදුරින් පිහිටි ඉන්රි ක්‍රිස්ටෝගේම දේවස්ථාන පරිශ්‍රයකය.

1979 වසරේ සිට සිය දේව වචනය ලොව ප්‍රචලිත කිරීම සඳහා සංචාරයේ යෙදෙන ක්‍රිස්ටෝ මේ වන විට රටවල් විසිහතකට පමණ ගොස් තිබුණද ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, වෙනිසුවෙලාව වැනි ඇතැම් රටවල් වෙතින් ඔහුට හිමිව ඇත්තේ සුබවාදී පිළිගැනීමක් නොවේ.


ක්‍රිස්ටෝගේ අනුගාමිකයන්ගෙන් බහුතරයක් කාන්තාවන් වන අතර, ඒ අතර සිටින වයස්ගතම තැනැත්තිය වන අසූහය හැවිරිදි ‘ඇබිවෙර්’ ක්‍රිස්ටෝ අනුගාමිකාවක් බවට පත්ව මේ ගවෛන්නේ තිස්දෙවන වසරය. ඔහුගේ ළාබාලතම අනුගාමිකාව විසිහතර හැවිරිදි වන අතර ඇය ඔහුගේ අනුගාමිකයකු බවට පත්ව ඇත්තේ යන්තම් දෙහැවිරිදි වියේ පසු වන ළදැරියකව සිටියදීය. 


තමා ක්‍රිස්තුන් වහන්සේගේ නැවත ඉපදීමක් බව කියා ගන්නා ‘ක්‍රිස්ටෝ’ ඒ බව හැඟවීම සඳහා ‘ඉන්රි’ යන නාමයද සිය නමට ඈඳාගෙන ඇත්තේ එය ක්‍රිස්තුන් වහන්සේ කුරුසිපත් කළ අවස්ථාවේදී කුරුසිය මත සටහන් කරන ලද්දක් වීම නිසාය. 

ලතින් බසින් ‘Iesus Nazarenus Rex Iudaeorum’ යන වැකියේ කෙටි යෙදුමක් ලෙස භාවිත කෙරෙන ‘INRI’ යන්නෙහි අර්ථය වනුයේ ‘නාසරෙන් හි ජේසුස්, ‘යුදෙව්වන්ගේ රජුය’ යන්නයි. ‘ක්‍රිස්ටෝ’ යන්න තෝරාගෙන ඇත්තේ ‘ක්‍රිස්තුන්’ යන අර්ථයෙන් බව කියන ‘ඉන්රි ක්‍රිස්ටෝගේ’ සුදු පැහැති දිගු ලෝගුව හා රතු උතුරු සළුවද ක්‍රිස්තුන් වහන්සේ විසින්  ඇඟලනු ලැබුවට බෙහෙවින් සමාන වන්නකි. 

කෙසේ වුවද බොහෝ පිරිස් ‘ඉන්රි ක්‍රිස්ටෝ’ යනු ක්‍රිස්තුන් වහන්සේගේ නියෝජනයක් ලෙස පිළිගැනීමට අකමැති බැව් පෙනී යන්නේ ඔහු හතළිස් වාරයකටත් වැඩි වාර ගණනක් ‍පොලිස් අත්අඩංගුවට පත්වීම නිසාවෙනි. ඒ ඔහුගේ නිල ඇඳුම, අධිරාජ්‍යවාදය, ගබ්සාව හා නත්තල පිළිබඳව ඔහු දරන්නාවූ රැඩිකල්වාදී අදහස්ද නිසාය.


කෙසේ වුවද කිතුනුවන් විසින් අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබන නත්තල පිළිබඳව නම් ‘ඉන්රි ක්‍රිස්ටෝ’ දරනුයේ අමුතුම දැක්මකි.
නත්තල යනු ධනවතුන් විසින් දිළින්දන්ව ගැරහුමට ලක් කරන දිනයක් බව පවසන ක්‍රිස්ටෝ හෝ ඔහුගේ අනුගාමිකයන් ක්‍රිස්තු උත්පත්තිය සමරන්නේ නැත. 


තමා කුඩා අවධියේ පටන්ම තමාගේ හිස තුළින් පැනනගින කිසියම් බලගතු හඬක් නිතරම පාහේ තමන්ට ඇසුණද එය තමාගේ දෙවි පියාණන් වහන්සේගේම බව හඳුනා ගැනීමට ඔහුට හැකිව ඇත්තේ 1979 චිලී රාජ්‍යයේ සන්තියාගෝ නුවර පැවැති ආගමික මෙහෙයකට සහභාගි වූ අවස්ථාවකදීය. 

එහිදී එම හඬ  ඔහුට පවසා ඇත්තේ “තමා ඒබ්‍රහම් - ඊසාක් හා ජාකෝබ්ගේ දෙවියන් බවත්, ඔහු (ඉන්රි) තමාගේ පුත්‍රයා බවත්ය.
Enri3“Soust (Supreme Ordem Universal da sentmssima Trindede) ලෙස හැඳින්වෙන තමාගේම දේවස්ථානයක් බ්‍රසීලයේ පවත්වාගෙන යන ඉන්රි ඇතුළු ඔහුගේ අනුගාමිකයන් සියලු දෙනාම යැපෙනුයේ එහි ගෙවත්තේ වගාකොට ඇති පලතුරු හා එළවළු වර්ගවලිනි. 


දේවස්ථාන සංකීර්ණයේ ආරක්ෂාවට ඔහු සතුව සුනඛයන් කිහිප දෙනෙකුද වේ. සෑම සෙනසුරාදා දිනකම උදෑසන ඔහු සිය දේවස්ථානයේ වන විශේෂ ආසනයක සිට සිය අනුගාමිකයන් අමතන්නේය.

ක්‍රිස්ටෝගේ මෙම උමතුව දෙස බලා හිඳින බොහො දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඔහු කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළෙන බවකි. එසේ වුවද තමා මානසික රෝගියෙකු නොවන බව තරයේම කියා සිටින ක්‍රිස්ටෝ අවධාරණය කරනුයේ තමා මෙලොවට පැමිණ ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත ඉටුකිරීම සඳහා බවයි.
 
Related Posts with Thumbnails