Ads 468x60px

.

කොස්‌තාපල්ගේ ඝාතකයන් මෙහෙයවූයේ මීගමු හිරේ ඉඳගෙනලු

කුරුණෑගල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ එක්‌ අයකු ඝාතනය කිරීමට සම්බන්ධ කොල්ල කණ්‌ඩායම මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙය වනු ලැබූ චාමිර ප්‍රියදර්ශන නමැති සිරකරු ළඟ තිබූ ජංගම දුරකථන පහක්‌ රහස්‌ පොලිසිය සොයා ගෙන ඇත. මේ සඳහා රහස්‌ පොලිසියට බන්ධනාගාර නිලධාරීන් ගේ ද සහාය ලැබී තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිරකරු මත්කුඩු පිළිබඳව බන්ධනාගාරගතව සිටී. මෙම සිරකරු ජංගම දුරකථන උපයෝගී කරගෙන මෙම කොල්ල කල්ලිය සංවිධානය කිරීමට මුල් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය. මෙම කල්ලියට සම්බන්ධ දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ද පොලිසියට අවශ්‍ය වී සිටියි.


කුරුණෑගලදී රාත්‍රි මුර සේවයෙහි (නිරායුධව) යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ දරුණු වධ දී ඉන් එක්‌ අයකුට වෙඩි තබා මරා දැමූ මිනීමරුවන්ගේ නායකයා පොලිස්‌ වෙඩි පහරින්
මියගිය බව දැනගත් විට, පොලිසියට හෝ හමුදාවට අත තබා ලේසි පුතකුට ගැලවිය නොහැකිය යන මතය අප තුළ තහවුරු විය. 

අදාළ පුද්ගලයා මියගොස්‌ ඇත්තේ "ආයුධ පෙන්වීමට" ගිය ගමනේදී ය. ලංකා ඉතිහාසයේදී "ආයුධ පෙන්වීමට ගොස්‌" මියගිය පළමුවැන්නා රෝහණ විඡේවීර ය. අත්අඩංගුවට පත් වූ පසු ඔහු යුද හමුදාව සමඟ එක්‌ව ජනතා විමුක්‌ති පෙරමුණට අයත් "මූලස්‌ථානයක" තිබෙන ආයුධ බැලීමට ගියේ ය. 

කට්‌ටිය එහි යන විට ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ සභිකයකු වන ඩී. එම්. ආනන්ද එහි විය. ආනන්ද වහා තුවක්‌කුවක්‌ ගෙන කට්‌ටියට වෙඩි තැබී ය. එවිට විඡේවීර මළේ ය. හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ඩී. එම්. ආනන්දත් මළේ ය. ආරංචියේ හැටියට උපතිස්‌ස ගමනායක මළේත් මේ සිද්ධියේදී ය. 

එහෙත් රෝහණ විඡේවීර සහ උපතිස්‌ස ගමනායක මැරුවේ බොරැල්ලේ කනත්තට එහා පැත්තේ තිබෙන ගොල්ෆ් පිටියේදී බවත් ඔවුන් මියගිය බව ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන විටත් ඔවුන් ජීවතුන් අතර සිටි බවත් පසුව දැනගන්නට ලැබුණ ද එය බොරුවක්‌ සේ සැලකීමට අපි පුරුදු වූයෙමු. 

බොලිවියාවේදී ෙච්ගුවේරා අත්අඩංගුවට ගත් වහාම එරට ආණ්‌ඩුව ගුවන් විදුලියෙන් කියා සිටියේ කැලෑ සටනකදී යුද හමුදාවෙන් වෙඩි වැදී ඔහු මළ බව ය. මේ නිසා ඇමරිකාවේ විරෝධය ද නොතකා ෙච් මරන්නට බොලීවියන් ආණ්‌ඩුවට සිදු විය. 

මන්ද, ඔහු මළ බව ප්‍රකාශ කළ පසු ඔහු ජීවතුන් අතර තවදුරටත් නො සිටීම අනිවාර්ය නිසා ය. ආයුධ ගෙන්වීමට යන ටි්‍රප් එකේ ද විඡේවීර හා ගමනායක මරණයට පත්වීම ගැන අදටත් මේ රටේ ජනයා විරුද්ධ ය.

එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්‌ඩනය දෙන්නේ ද නැත.

ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්‌ඩන ය හිමිවිය යුතු බවට මතයක්‌ සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසයය.

එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස්‌ නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. 


එසේම විදේශික කාන්තාවක්‌ දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. 

කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක්‌ කරන්නද?
 
Related Posts with Thumbnails