Ads 468x60px

.

පාසල් සිසුවකුට තමා සමග ලිංගික ඇසුරකට එන්නැයි යෝජනා කළ විදුහල්පති...

මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්‌ථානයක ධර්මශාලාවකදී දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට තමා සමග ලිංගික ඇසුරකට එන්නැයි යෝජනා කළ බව කියන මැදවච්චිය සංගිලි කනදරාව ප්‍රදේශයේ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු මැදවච්චිය පොලිසිය විසින් පෙරේදා (25 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මිහින්තලේ, මහකනදරාව, වම්ඉවුර ප්‍රදේශයේ පදිංචි පනස්‌ එක්‌ හැවිරිදි අවිවාහක අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චිය නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා ඉකුත් 24 වැනිදා දිවා කාලයේ ගිය සිසුවා පන්තිය ආරම්භවීමට කාලය ඇති නිසා විවේකීව ගත කිරීමට අසල පිහිටි

විහාරස්‌ථානයට ගොස්‌ සිටි අවස්‌ථාවේ සැකකරු විසින් ඔහුට ඇවිටිලි කරමින් මේ යෝජනාව කර ඇත.

එම යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇති සිසුවා මේ බව තම දෙමාපියන්ට දැනුම් දී තිබේ. සිසුවාගේ දෙමාපියන් විසින් මේ පිළිබඳව මැදවච්චිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකරු පෙරේදා සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පැමිණිලිකාර සිසුවා අධ්‍යාපනය ලබන පෞද්ගලික උපකාරක පන්තියේම සිංහල භාෂාව ඉගැන්වීමේ කටයුතුවල නිරතවන අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
 
Related Posts with Thumbnails