Ads 468x60px

.

ඉන්දියාවේ අලුත් අගමැතිවරයාගේ නම "මෝඩි" ද, එහෙමත් නැත්නම් "මෝදි" ද

ඉන්දියාවේ අලුත් අගමැතිවරයාගේ නම "මෝඩි" ද, එහෙමත් නැත්නම් "මෝදි" ද යන ප්‍රශ්නය පසුගියදා මතු විය. ඔහුගේ නම මෝදි බව පසුව කියන ලදි. මෝදි යන්න ඉංගී්‍රසියෙන් ලියන්නේ Modi ලෙසය. එවිට එන උච්ඡාරණය මෝඩිය. 

එහෙත් හින්දු භාෂාවේ "ඩ" ශබ්දය ගෙන දෙන "ගාඩි "අක්‍ෂර නැත. එහි ඇත්තේ "ද" ශබ්දය දෙන කෝමළ අක්‍ෂර පමණි. ඒ නිසා හින්දියෙහි "මෝදි" මිස "මෝඩි" නැත. එහෙත් ලොව පුරා සිටින ඉන්දියානු නොවන ජනයා මේ විස්‌තරය දන්නේ නැත. 

ඒ නිසා ඉංගී්‍රසියෙන් ලියන Modi එසේම උච්ඡාරණය කෙරෙයි. අනෙක්‌ අතට, ආගන්තුක බසක නාම පද සහ සර්ව නාම පමණක්‌ මවුබසට
සාපේක්‍ෂව උච්ඡාරණය කිරීමේ වරදක්‌ නැතැයි නීතියක්‌ නොවන රීතියක්‌ තිබේ. "ලෙබනන්" යන නම "ලෙබනොන්" ලෙසද "ටැන්සානියාව" යන නම "ටැන්සේනියාව" යනුවෙන් ද උච්ඡාරණය කරන අවස්‌ථා තිබේ.

මහින්ද රාජපක්‍ෂ යන නම ඉන්දියාවේ NDTV රූපවාහිනිය මගින් මහින්ද "රාජපක්‍ෂා" යනුවෙන් මේ දිනවල උච්ඡාරණය කෙරෙයි. එයට හේතුව සිංහල භාෂාවට අදාළ උච්ඡාරණය ඔවුන් දැන නොසිටීමය. මෝදි කිව්වත්, මෝඩි කිව්වත් උස මහත, සුදු, මුහුණ පුරා සුදු රැවුලක්‌ ඇති ඉන්දීය අගමැති අපේ සිත්වල මැවෙන්නේ නම් කොහොම කිව්වාම මොකද?
 
Related Posts with Thumbnails