Ads 468x60px

.

සුදර්මා නෙත්තිකුමාර සමන් දිල්රුක්‍ෂිගෙන් ගත්තු රුපියල් පනස්‌ ලක්‍ෂය දුන්නේ නැතිවාට නඩු...

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ගෙන විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත විභාග වන නඩුවකට ඉදිරිපත් නොවී අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කොළඹ වංචා විමර්ශන ඒකකයට නියෝග කරමින් කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28 දා) එම වරෙන්තුව නිකුත් කළේය.

සමන් දිල්රුක්‍ෂි නමැති ව්‍යාපාරිකයා ඉකුත් වසරේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අංක බී 1171/2013 යටතේ කොළඹ වංචා විමර්ශන ඒකකය මගින් ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරට විරුද්ධව

කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

මීට ඉහත නඩු වාරයේදී ද මෙම නඩුව විභාගයට ගැනුණු අවස්‌ථාවේ සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එහිදී ඇය නීතිඥයකු මාර්ගයෙන් වෛද්‍ය සහතිකයක්‌ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවාය.

ඒ අනුව එම නඩුවේ වැඩිදුර විභාගය ඊයේට (28 දාට) කැඳවනු ලැබීය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අධිකරණය මඟ හරිමින් නඩුවට පෙනී නොසිටි බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා වරෙන්තු නියෝගය නිකුත් කළේය.
 
Related Posts with Thumbnails