Ads 468x60px

.

හතළිස් දහසක් මිතුරන් සමග දහසක් දේ කරන ෆේස්බුක් අඩවිය...

මාස තුනක් 
යන්නටත් කළිින් 
සාමාජිකයෝ 3000ක්

IQ TESTS & GENERAL KNOWLEDGE -  සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණ ෆේස් බුක් කණ්ඩායමේ නිර්මාතෘවරියක හා පාලකවරියක (Admin) වන අනූෂා ඉලංගතිලක සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකි.

IQ TESTS & GENERAL KNOWLEDGE - හෙවත් සමාන්‍ය දැනීම සහ බුද්ධි පරීකෂණ ෆේස් බුක් ගෲප් (IQ) එක සමාජ සේවයට යොමු වුණේ කොහොමද?


ඒක ටිකක් දිග කතාවක්, අපි මේ ගෲප් එක මුළින්ම පටන් ගත්තේ දැනුම බදා හදාගැනීමේ අරමණින්. ඒ 2012 වසරේදී. අපි හිතුවේ නැති විදිහට අපේ මේ ගෲප් එක ෆේස් බුක් එක ඇතු‍ලේ ජනප්‍රිය වුණා. මාස

තුනක් යන්නටත් කළිින් සාමාජිකයෝ 3000ක් විතර අපට එකතු වුණා. 

විවිධ තරාතිරම්වල, විවිධ ක්ෂේත්‍ර වල විවිධ හැකියාවන් ඇති විශාල පිරිසක් අප සමඟ මෙහිදී එකතු වී සිටියා. මේ නිසාම අප සතු මේ පිරිස් බලය යොදාගෙන රටට, සමාජයට මෙහෙවරක් කළයුතුය යන යෝජනාවක් අපගේ ගෲප් එක තුළින් මතුවුණා. ඒ විදිහට තමයි අපි සමාජ සේවා වැඩසටහන් ආරම්භ කළේ.

ගෲප් එකේ මුල්ම සමාජ මෙහෙවර ගැන මතක් කළොත්


නවගත්තේගෙම ප්‍රථමික විදුහලට පුස්තකාල ‍පොත් පරිත්‍යාග කිරීම අපගේ පළමු වැඩසටහන වුණා. අපගේ ගෲප් එකේම සාමාජිකයෙකුගේ යෝජනවක් මතයි අප එම වැඩසටහන දියත් කළේ. රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් ‍පොත් එදා අප එම පාසලට ලබා දුන්නා. 


අපගේ එම පළමු වැඩසටහනේ සාර්ථකත්වය නිසා අපට අප ගැනම පුංචි ආඩම්බරයක්, සතුටක් ඇතිවුණා. තනි පුද්ගලයකු වශයෙන් අපට කළ නොහැකි දෙයක්, සමූහයක් වශයෙන් එකමුතු වුණොත් කළහැකියි යන්න එහිදී අප හොඳින් වටහාගත්තා. අපි තවදුරටත් මෙවැනි සමාජ මෙහෙවරය න්හි යෙදිය යුතු බවටත් එදා අප සියලුදෙනාම තීරණය කළා.

එතැන් සිට ශ්‍රී ගෲප් එක සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා?

 
ඔව්, අපි නවගත්තේගම විදුහලින්ම, පාසැල් දරුවන්ට දැනුම ලබා දීමේ අරමුණින් යුතු අපගේ නැණ පහන සම්මන්ත්‍රණ මාලව ආරම්භ කළා. ඒ සමගම උසස් පෙළ ළමයින්ට කව්‍යකරණය පිළිබඳ සම්මනත්‍රණයක් කළා. මේ හැම දෙයක්ම කළේ අපේ ගෲප් එකේ සාමාජිකයන්ම වීම හරිම විශේෂත්වයක්. 


උදාහරණයක් විදිහට කාව්‍යකරණය පිළිබඳ සම්මන්ත්‍රණය කළේ රටේ ප්‍රවීණතම හා දක්ෂතම කලාකරුවකු වන බුද්ධදාස ගලප්පත්ත මහතායි. ඔහුත් අපගේ ගෲප් එකේ සාමාජිකයෙක්. ඉන්පසුව අපි කණ්ඩායමේ වර්ෂ පූර්ණය වෙනුවෙන් අනුරාධපුර ගල්නෑව විදුහලට රුපියල් ලක්ෂ තුනකට වඩා වටිනා පුස්ථකාල ‍පොත් ලබාදුන්නා. 

ඒ වගේම හුඟක් දුෂ්කර පාසල් වූ වලස්වැව හා හබරවත්ත ප්‍රථමික පාසල් වලටත් ‍පොත් කට්ටල 75 ක් ලබාදුන්නා. අපි හිතුවේ මේ වැඩසටහනින් පසුව මේ සමාජ සත්කාර නවත්වන්නයි. දිගටම සාමාජිකයින්ගේ මුදල් ඉල්ලන එක ඔවුන්ට කරදරයක් කියල අපි හිතුවා. 

නමුත් අපිට දුෂ්කර දුප්පත් පාසල් වලින් ඉල්ලීම් රාශියක් ගලා එන්නට වුණා. අපි ඒ ඉල්ලීම් ගැන අපේ පිටුවේ සඳහන් කළා. එවිට අපගේ සාමාජිකයින් කැමැත්තෙන්ම එම ඉල්ලීම් ඉටුකරන්න ඉදිරිපත් වුණා. එය අපට සතුටක්. ලැබුණු එවැනි ඉල්ලීමකට අනුව අප ඇල්පිටිය උරගහ විදුහලට පරිගණක ‍පොත් පත් ලබාදුන්නා. අධ්‍යාපනික සම්මන්ත්‍රණ කිහිපයක්ද එහිදී පැවැත්වූවා.

සුනිල දිය මෙහෙවර ආරම්භවන්නේ ඉන් පසුවද?

 
ඔව්, සුනිල දිය මෙහෙවර අපගේ සුවිශේෂි වැඩසටහනක්. ෆේස් බුක් ගිණුමේ ඇති අපේ වැඩසටහන් වල පින්තූර දැකල ඊශ්‍රායලයේ ඉන්න තුෂාරි රූපසිංහ කතාකරල කව්වා රජරට විදුහලකට ළිඳක් දෙන්න කැමතියි කියල. මම ඒ ගැන අපේ ගිණුමේ සටහනක් තිබ්බා. 


එවිට අනුරාධපුරේ ගුරුවරයකු වන ආර්.ඩී. කුලරත්න මහතා අපට සටහනක් තබා තිබුණ එම පළාතේ ජලයේ ඇති බැර ලෝහ ප්‍රශ්නය නිසා ළිඳක් නොවේ පුලුවන්නම් පසලකට ජල පෙරණයක් (Filter) ලබා දෙමු කියල. ඒ අනුව තමයි අපි තීරණය කළේ සුනිල දිය මෙහෙවර ආරම්භ කරන්න. අපි ඒ සඳහා පාසල් දෙකක් තෝරාගත්තා. 

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ යහ‍ලේගම ප්‍රාතමික විදුහල සහ මහා විලච්චිය සාලිය මාලා යන පාසැල් දෙකේ දරුවන් 395 දෙනෙකු වෙනුවෙන් දිනකට ජල ලීටර් 300 ක් පෙරා ගත හැකි ජල පෙරණ 4ක් ලබා දෙන්න අපට හැකි වුණා.

ඒ වගේම සුනිල දිය මෙහෙවර දවෛනි පියවර තුළින් අපට පුලුවන් වුණා පවුල් 350ක් ජීවත්වන අනුරාධපුර මහා බෝගස් හන්දිය ගමට දිනකට ජල ලීටර් 2000ක් පෙරෙන ජල පෙරණයක් ලබා දෙන්න.

(IQ) ගෲප් එකේ ඉදිරි බලා‍පොරොත්තු මොනවාද?

 
ඔව්, ඉදිරියටත් වැඩසටහන් රාශියක් පිළිබඳව බල‍පොරොත්තු  අපේ හිත්වල තියෙනවා. ලබන 11 වන දින නැණ පහන් දල්වන්න බලා‍පොරොත්තු වෙන්නේ පුස්සැල්ලාව ශුද්ධවූ ත්‍රිත්ව විදුහ‍ලේ දරුවන් උදෙසායි.


එදිනට එම පාස‍ලේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සම්මනත්‍රණ සහ වැඩසටහන් හතක් සවිධානය කරනවා. මේ සඳහා ශ්‍රම දායකත්වය දෙනු ලබන්නේද වෙනදා මෙන්ම අප සමූහයේ මිතුරු මිතුරියන්මයි.
එසේ විදුලිය නැති ගමකට සූර්ය ශක්තියෙන් විදුලය ලබාදෙන්නත් අප ඉදිරියේ දී බලා‍පොරොත්තුවනවා.

ෆේස් බුක් සමාජ ජාලය පිළිබඳව රටේ විවිධ කොටස් විවධ අදහස් පලකරනවා. මේ වනවිට සමාජිකයින් 40000ක් පමණ සිටින ෆේස් බුක් ගෲප් එකක පාලකවරියක (Admin) ලෙස මේ සමාජ ජාලය ගැන ඔබගේ අදහස?

 
නරක පුද්ගලයෙකු අතට ආයුධයක් පත්වුණහොත් ඒ තුළින් භයානක ප්‍රථිපලයක් අත්වෙනවා වාගේම යහපත් පුද්ගලයෙකු අතට එම ආයුධයම පත්වුණහොත් යහපත් ප්‍රතිපලයක් අත්වෙන බවට අපගේ සමාජ සේවා වැඩසටහන් හොඳම නිදසුනක්. අප මේ හැමදේම කළේ ෆේස් බුක් සමාජ ජාලය හරහායි.  


ෆේස් බුක් යනු ඉතාමත් කල්පනාවෙන්, බුද්ධිමත්ව භාවිතා කළයුතු දෙයක්. එහෙම නොවුණොත් මහා විනාශයක් සිදුවනවා. නමුත් නිවැරදිව භාවිතා කරනවානම් මේ හරහා රටට දැයට සමාජයට සුවිශේෂ සේවාවක් සිදුකළ හැකියි. ඒ බව අප නිදර්ශන සහිතව පෙන්වා දී තිබෙනවා.


පුංචි දිය උල්පතක් වගේ මතු වුණ අප අද වන ඵට පිපාසාව නිවන සීතල දොළක් තරමට ලොකු වෙලා. ඇත්තටම අපට ඒ ගැන ආඩම්බරයි, ඒ ආඩම්බරේ නිහතමානි ආඩම්බරයක් කියනවාට වඩා අභිමානයෙන් පිරී ඉතිරෙන ආඩම්බරයක් කියලා කියන්න පුලුවන්. 


මේ හැම දේකම ශක්තිය එක පුද්ගලයෙකු නොවේ. අපි සියල්ලන්ගේම එකමුතු සහයෝගය සහ ශක්තියයි. එම සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණ ෆේස් බුක් කණ්ඩායමේ ෆේස් බුක් ලින්ක් එක පහතින්. 

https://www.facebook.com/groups/IQ.Knowledge/

 
Related Posts with Thumbnails