Ads 468x60px

.

පණ සේ ආදරය කළ සැමියා තම හොඳම යෙහෙළිය ගේ අක්ක එක්ක

සුභානි තරිඳුත් එක්ක විවාහ වෙනකොට තරිඳුට රැකියාවක් තිබුණෙ නෑ. 

කලින් තරිඳු රැකියාවක් කළා. ඒත් තරිඳුට වුණු අසාධාරණයක් වෙනුවෙන් ලොක්කත් එක්ක හොඳ හැටි බහින් බස්වීමක් හේතු කොටගෙන තරිඳුගෙ රැකියාව අහිමි වුණා.

නමුත් ඒ වෙනකොට විවාහයට දිනත් යොදාගෙන අනිකුත් වැඩ කටයුතු ත් සෑහෙන ප්‍රමාණයක් සූදානම් කරගෙන තිබුණු නිසා විවාහය ඒ විදිහටම සිදු කෙරුණා.


නැවත රැකියාවක් කරන අදහස අත් හැරපු තරිඳුගෙ ලොකුම අරමුණ වුණේ විදේශගත වීමයි. කෙසේ හෝ විවාහයෙන් හය මාසයකට විතර පස්සෙ තරිඳුට මැද පෙරදිග රටක් වුණු ඕමානයේ රැකියාවක් ලැබුණා. ඉන්පස්සෙ සුභානිව ලංකාවෙ තනිකරලා තරිඳු විදේශ ගත වුණා.


රට ගිය මුල් කාලයෙදී නිතර දුරකථන ඇමතුම් දුන්නත් මාස හයක් හතක් යනකොට තරිඳු සුභානිට දෙන ඇමතුම් සීමාසහිත වුණා. ස්කයිප් මාර්ගයෙන් කතා කරන්න කියල සුභානි කොයිතරම් තරිඳුට කිව්වත්

තරිඳු ඒ ගැනත් වැඩි උනන්දුවක් දැක්වූයේ නෑ. මේ නිසා සුභානි හිටියෙ ලොකු හිත් වේදනාවකින්. තරිඳු කළ එකම දෙය වුණේ මාසෙ අන්තිමට සුභානිට මුදල් එවන එක විතරයි.

තරිඳු රට ගිහින් අවුරුද්දකට විතර පස්සෙ සුභානිගෙ හොඳම යෙහෙළියගේ අක්කව සුභානිට අහම්බෙන් හමුවුණා. යෙහෙළිය වගේම
යෙහෙළියගේ අක්කාත් සුභානිත් එක්ක ගොඩක් හිතවත්ව හිටියෙ. ඇය පූර්ණිකා. පූර්ණිකා ඒ දවස්වල ඕමාන් රටේ රැකියාවක නියුතුව සිටි බව සුභානිට මතක් වුණේ අහම්බෙන් වගේ. 


සුභානි පූර්ණිකාගෙන් ඇය රැකියා කරන ප්‍රදේශය වැනි දේවල් ගැන විස්තර ඇහුවා. ඒ වෙලාවෙ සුභානිට දැනුණෙ ලොකු සතුටක්. හේතුව තරිඳු හිටියෙත් ඒ ප්‍රදේශයෙම නිසයි.

සුභානිගෙ මංගල උත්සවයට පූර්ණිකා සහභාගි වෙලා තිබුණෙ නෑ. ඒ දවස්වලත් පූර්ණිකා හිටියෙ ඕමාන්වල. පූර්ණිකා විවාහ වෙලා හිටියෙත් නැ. අවුරුදු ගාණක් තිස්සෙ ඕමාන් රටේ රැකියාව කරමින් පවු‍ලේ සහෝදර සහෝදරියන් ගැන බැලුවෙ ඇය තමන්ගෙ අනාගතයක් ගැන නොසිතාමයි. පූර්ණිකාගෙ නැගණිය, ඒ කියන්නෙ සුභානිගෙ මිතුරිය මල්කිව විවාහ කර දෙන්න මුල් වුණේත් පූර්ණිකායි.


සුභානි පූර්ණිකාට තරිඳු ගැන විස්තර කියල එහෙම කෙනෙක් දන්නවද කියල ඇහුවෙ තරිඳුගෙ වෙනස්වීම සම්බන්ධ හෝඩුවාවක් හරි දනගන්න පුළුවන් වෙයිද බලන්න. 


ඒත් ඒ තරම් වෙලාවක් බොහොම සුහද විදිහට කතා කරමින් හිටපු පූර්ණිකාගෙ මුහුණේ එකවරම විශාල අඳුරක් පැතිරී ගිහින් තියෙන හැටි සුභානි දැක්කා. ඒත් එක්කම ‘අව්වෙ ඇවිදල මට හරි හිසේ ඇම්මයි සුභා. මං දැන් යන්නම්. මං තරිඳු ගැන හොයල බලන්නම්’ කියල පූර්ණිකා හදිසියෙම සමුගෙන ගියා.

සුභානිට මේක ලොකු ගැටලුවක්. එදා හවස සුභානි මල්කිට දුරකථන ඇමතුමක් දීලා පූර්ණිකාගෙ හමුවීම ගැන විස්තර කිව්වා. ඊට පස්සෙ මල්කි තොරතුරු කතාකරලා ඇමතුම විසන්ධි කළා මිසක් පූර්ණිකා ගැන වැඩියමක් කිව්වෙ නෑ.


එක්තරා දවසක හදිසියේම පූර්ණිකායි මල්කියි සුභානි හමුවෙන්න ආවා. ඒ අවස්ථාවේදී තමයි සුභානි දැනගත්තෙ පූර්ණිකායි තරිඳුයි අතරෙ ප්‍රේම සම්බන්ධයක් පවතින බව. තරිඳු සුභානිගෙ සැමියා කියලා පූර්ණිකා දැනගෙන ඉඳල නෑ. ඒ විතරක් නමෛයි තරිඳු විවාහකයෙක් බවවත් ඔහු පූර්ණිකාට අඟවලත් නෑ. 


තමන්ගෙ අක්කා ඒ රටේදී හමුවූ සිංහල තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව දැනගෙන හිටියට ඒ සුභානිගෙ සැමියා බව මල්කි දැනගෙන ඉඳලත් නෑ. ඒකට ගොඩක්ම හේතු වුණේ තරිඳුව හැම කෙනෙක්ම ඇමතුවෙ චාමර කියන ඔහුගෙ මුල් නමින්. සුභානි තමයි තරිඳුව ඒ නමින් ඇමතුවෙ. සුභානි චාමර කියන නමට ඒ තරම් ප්‍රිය නෑ.

කෙසේ හෝ මේ සිද්ධියෙන් පස්සෙ සුභානිට දැනුණෙ තමන්ගෙ මුළු ලෝකෙම ගිනි අරගෙන පිච්චිලා ගියා වගේ හැඟීමක්. පූර්ණිකායි තරිඳුයි ඒ රටේ එකට ජීවත්වෙන බව පූර්ණිකා හඬා වැළපෙමින් කිව්වා.


කවදාවත් පිරිමියෙකුට ආදරය නොකරපු තමා තරිඳුට රැවටිලා මුළු ජීවිතේම විනාශ කර ගත්තු එක ගැන පූර්ණිකා පුදුමාකාර විදිහට
වැළපුණා. තරිඳුව නැවත ළංකර ගන්නේ නැති බවට පූර්ණිකා සුභානිට ‍පොරොන්දු වුණා. සුභානි තරිඳුට මේ කිසිවක් නොකියා නැවත ඔහු ලංකාවට එනතුරු බලා සිටියා.


පූර්ණිකා නැවත ඕමාන්වලට ගිහින් සති දෙකකට පස්සෙ තරිඳු ලංකාවට ආවා. තරිඳු ගොඩක් වෙනස් වෙලා. තරිඳු කිසිම සතුටකින් නෙමේ හිටියෙ. අන්තිමේ එක්තරා දවසක සුභානි පූර්ණිකා ගැන සියලුම දේවල් තමා දන්න බව තරිඳුට ඇඟෙව්වා. 


තමන් ඒ වැරදි කළ බව තරිඳුට පිළිගන්න සිද්ධ වුණා. සුභානි තීරණය කළා තරිඳුගෙන් වෙන්වෙන්න. පූර්ණිකා දැන් තමාගෙන් ඈත්වී හිඳින බව තරිඳු මොනතරම් කිව්වත් සුභානි ඒ කිසිම දෙයක් ගැන තැකීමක් කළේ නෑ.

සුභානි දැන් ජීවත් වෙන්නෙ තමාගෙ දෙමාපියන් ළඟ. නැවත වරක් විදේශගත වන්නට තරිඳු හිතුවෙ නෑ. නමුත් තවත් කාන්තාවක් සමග එක ගෙදරක කාලයක් තිස්සේ වාසය කළ තරිඳුට සමාව දෙන්න සුභානි හිතන්නෙත් නෑ.
 
Related Posts with Thumbnails