Ads 468x60px

.

දොස්තර නෝනගේ බෙල්ලට මිලිලීටර් 10න් 2ක් එන්නත් කරන කොටම කැස්සක් ඇවිත් අමාරු වුණා


වෛද්‍ය නිමල් 
ගමගේ ගේ 
පාපොච්චාරණය 
මෙන්න

රූපලාවන්‍ය සැත්කමක්‌ සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ වෙත ගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍ය වරිය මියයැමට හේතුවූ එන්නත් විද ඇති වෛද්‍ය නිමල් ගමගේ පිලිබඳ පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

වෛද්‍ය නිමල් ගමගේ පවසන පරිදි මේ වෛද්‍යවරිය සිය ආමාශයේ හා මුහුණේ තෙල් මන්ද ඉවත් කිරීමට රූපලාවණ්‍යාගාරයට පැමිණි බවත් එහිදී ඇයට (SESUREIME) නමැති ප්‍රතිජිවක එන්නතක් ලබා දුන් බවත් අධිකරණයේ දී කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා. 

එම ප්‍රතිජීවක ඖෂධය මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීම මත එන්නත් කළ බවත් වෛද්‍ය නිමල් ගමගේ මහතා ‍පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඇයගේ මුහුණෙහි කම්මුල් දෙක දෙපැත්තෙහි රැළි සහ සිදුරු කිහිපයක් තිබූ බවත් ඒවා ඉවත් කිරීමට ඇය පැමිණි බවත් උදරයේ ඇති මේදය සිරින්ජරයක් හරහා පිටතට ගෙන පසුව එය මුහුණට එන්නත් කිරීම

සැත්කම මගින් කිරීමට තිබූ බව වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

තමන් කිසිදු විටෙක මෙවැනි ශල්‍යකර්මයකදී ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන බවත් එහෙත් වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය ලබා දුන් බවත් සැකකාර වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර
තිබෙනවා

ඒ අනුව තමා විසින් එම ප්‍රතිජීවක ඖෂධයෙන් මිලිලීටර් 10ක් ගෙන වෛද්‍යවරියගේ ගෙලෙහි දකුණු ප්‍රදේශයට එන්නත් කළ බවත් මිලිලීටර් 2ක් පමණ ඇයට එන්නත් කරනවාත් සමග කැස්ස සෑදී අමාරු වුණු බවත් ඔහු හෙළි කර තිබෙනවා.

ඉන් අනතුරුව ඈ රෝහල්ගත කිරීමට ගිලන් රථයකට පැමිණෙන ලෙස දැන්වුවත් එය පැය භාගයක් ප්‍රමාද වී ඇති බවද වෛද්‍යවරයා දන්වා
තිබෙනවා. ගිලන් රථය පමාවී පැමිණෙන විටත් ඇය මියගොස් සිට ඇත.

පසුව ඇය මෙලෙස මියගිය බවට බම්බලපිටිය ‍පොලිසියට දන්වා ඇත්තේ සැකකාර වෛද්‍යවරයා විසිනි. ඒ පණිවුඩය අනුව ‍පොලිසිය එම ස්ථානයට යන විටත් ඇගේ සිරුර ඇඳෙහි තිබි ඇත. 

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය වෙනස් වන වේලාවේ වෛද්‍යවරයකු වෙත යොමු කළා නම් ඇගේ ජීවිතය බේරාගන්නට තිබූ බව ‍පොලිසිය සඳහන් කරයි. මෙම ශල්‍යකර්මය සඳහා මියගිය වෛද්‍යවරිය විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී තිබෙනවා

එම ලක්ෂයෙන් රුපියල් 10,000ක මුදලක් මීට පෙර වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර ඉතිරි රුපියල් 90,000ක මුදල පසුගිය 12 වනදා ඇය මුදලින් ගෙනවිත් ඇත. සැකකාර වෛද්‍යවරයා අත් අඩංගුවට ගත් අවස්ථාවේ එම මුදලද ‍පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වෛද්‍යවරයා විසින් අදාළ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඇත්තේ 2009 වසරේදීය. එදා සිට මේ දක්වා ශල්‍යකර්ම 14,000ක ප්‍රමාණයක් සිදුකර ඇති බව ඔහු පවසා
තිබෙනවා. විශේෂයෙන් නළු නිළියන්, ඇමැති බිරින්දෑවරු, අමාත්‍යාංශ ‍ලේකම්වරු, වෛද්‍යවරු ඇතුළු ප්‍රභූ පිරිස් රැසක් තමාගෙන් ප්‍රතිකාර ගත් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

1976 වසරේදී වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ සැකකාර නිමල් ගමගේ මහතා 1981 වසරේදී වෛද්‍යවරයකු වී
තිබෙනවා. පසුව 1982 වසරේදී මීගමුව රෝහ‍ලේ සේවය කර ඇති ඔහු නැවත 1983 සිට 1984 දක්වා පානදුර රෝහ‍ලේ සේවය කර තිබෙනවා

ඉන් පසුව 1984 වර්ෂයේදී කැලිෆෝනියාවට ගොස් ඇති මොහු එහිදී රූපලාවණ්‍ය ශල්‍යකර්ම පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා 2009 වසරේදී මෙරටට පැමිණ ඉහත කී රූපලාවණ්‍ය ශල්‍යාගාරය විවෘත කර තිබෙනවා. මෙම වෛද්‍යවරයාට අදාළ සියලූ‍ උපාධි සහතික සහ ඩිප්ලෝමා සහතික තිබූ බව ‍පොලිස් පරීක්ෂන වලදී අනාවණ වී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා ළඟ සේවය කළ හෙදියන් සිව්දෙනා හෙද සුදුසුකම් සපුරා නොමැති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී
තිබෙනවා. එම හෙදියන් සිව්දෙනා අතරින් දෙදෙනකු අපොස උසස් පෙළ විභාගයට පවා මුහුණ දී නොමැති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 18, 19 සහ 23 හැවිරිදි වියෙහි පසුවන බව ද පොලිසිය පවස
නවා. මහරගම පිහිටි පෞද්ගලික හෙද පුහුණු ආයතනයකින් මෙම හෙදියන් පිරිස බම්බලපිටියේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත බඳවා ගෙන තිබෙනවා

එසේම අධිකරණ වෛද්‍යවරයා මෙම හෙදියන් පිරිස කැඳවා යම් යම් ඖෂධ පෙන්වා ඇති අතර, ඔවුන් මෙම ඖෂධ නාම පවා නොදත් බව ද හෙළිවී තිබෙනවා.

 
Related Posts with Thumbnails