Ads 468x60px

.

දහතුනේ දැරියට බියර් බොන්නට දී ගණිකාවක් කල පාදඩයින්...

දහතුන් හැවිරිදි දැරියකට බියර් පානය කිරීමට දී ගණිකා වෘත්තියේ යෙදවූ කසිප්පු ජාවාරම කරගෙන යන කාන්තාවක්‌ හා තවත් තිදෙනකු පිලිබඳ පුවතක් දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඔවුන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අය අතර දැරියව ගණිකා වෘත්තියේ යෙදවීමට අනුබල දුන් පුද්ගලයකු හා දැරිය සමග ලිංගිකව එක්‌වූ බව කියන පුද්ගලයන් දෙදෙනකුද සිටිනවා.

මීට වසර තුනකට පෙර මෙම දැරියගේ මව පියා සමග ආරවුලක්‌ ඇති වී හැරගොස්‌ ඇති අතර පසුව පියා වසරක්‌ මෙම දැරිය රැක බලාගෙන තිබෙනවා. අනතුරුව පැළෑටියාව ප්‍රදේශයේ තම සොයුරියගේ නිවසේ

නතර කර තිබෙනවා

මෙම දැරිය වෙනත් කාන්තාවක්‌ හදාවඩා ගැනීමට යෑයි කියා උත්තලපුර නිවසට රැගෙන විත් සෑම රාත්‍රියකම බියර් පොවා ලිංගික වෘත්තියේ මාස 03 ක සිට යොදවා ඇති අතර වැඩිහිටි පිරිමින් විශාල ප්‍රමාණයක්‌ සමග ඇය ලිංගිකව එක්‌වී ඇති බවත් දැරිය සමග හැසිරුණ පුද්ගලයන් මතකයේ නොමැති බවත් දැරිය දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට පවසා තිබෙනවා.

බරපතළ තත්ත්වයක පසුවන දැරිය දෙහිඅත්තකණ්‌ඩිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අලගියවන්න අපරාධ විමර්ශන අංශ ස්‌ථානාධිපති අශෝක කරුණාරත්න යන මහත්ම මහත්මීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවා.

අපරාධ විමර්ශන අංශයේ විමලසිරි මහතා මහෙස්‌ත්‍රාත් වරයාට කරුණු දක්‌වමින් මෙම දැරිය අපයෝජනය කළ වැඩිහිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව මහෙස්‌ත්‍රාත්වරයාට කරුණු දක්‌වමින් පැවසුවා.
 
Related Posts with Thumbnails