Ads 468x60px

.

නිළි චන්දි රසිකා රණතුංග ලේක්හවුස් කළමනා කරුට පහර දුන්නේ අනියම් පෙමක පැටලුනු නිසාද


ඇසුරු කලේ හිතවතියක් විදිහට පමණයි...
- කළමනාකරු කියයි .

ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන චන්දන සමන් දිසානායක මහතා ජීප් රථයක යමින් සිටියදී "උඹට පවුල් කන්න දෙන්නේ නෑ තොපි ඔක්කොම මරලා දානවා" යයි පවසමින් අමානුෂික ලෙස පහරදුන් බව කියන නිළිය චන්දි රසිකා රණතුංග මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන එම චන්දන සමන් දිසානායක මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව නිළි චන්දි රසිකා රණතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදා හැරු තිබුණු බවයි

සමන් දිසානායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිසිය වෙත පවසා ඇත්තේ ඔහු ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ නිළිය සිය ජීප් රථයට බලෙන්
ඇතුළුවී විවිධ තර්ජන කරමින් තමාට අමානුෂික ලෙස පහරදුන් බවය.

ඇයගෙන් බේරීමට අපහසු වූ නිසා සිය ජීප් රථය වැල්ලවත්ත ප්‍රදේශයට ධාවනය කළ බවත්, ඒ අවස්ථාවේ පිටුපස අසුනේ සිටි ඇය තමාගේ දකුණු අත සපාකමින් පහරදී ඇයගේ සාරි පොට බෙල්ලට දමා තමාගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ බවත් ඔහු පවසා ඇත. 

තවදුරටත් ඇයගෙන් බේරීමට නොහැකි නිසා තමා ඇයගේ ඔළුව සපා කා ජීප් රථය එම ස්ථානයේම තබා ඉන් බැස ගොස් පසුව මිරිහාන පොලිසියට පැමිණිලි කළ බවද ඔහු කියා සිටියි. 

නිළිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය පොලිස් කොස්තාපල් වරියකගේද අත සපාකා ඇති බවත් මේ සිද්ධිය පෙම් සබඳතාවක් මත ඇතිවූවක් බව නිළි චන්දි පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් අධිකරණයෙන් අනාවරණය කෙරුණි.
 
Related Posts with Thumbnails