Ads 468x60px

.

ISIS ඉස්ලාමීය අන්තවාදී තවත් ම්ලේච්ඡ වීඩියෝවක් අන්තර්ජාලයට


ISIS ඉස්ලාමීය අන්තවාදීන් කුර්දිස්ථාන ජාතිකයෙකු ගෙල සිඳ මරා දමන තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමින්, ඔවුන්ට විරුද්ධව සටන් වදින කුර්දි හමුදාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ලෙයින් ලියැවෙන පණිවුඩය යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති මෙම වීඩියෝවේ තැඹිලි වර්ණයේ ජම්පරයක් අන්දවා සිටින කුර්දි ජාතිකයන් පිරිසකගේ සමූහ දර්ශනද ඇතුළත් වන අතර, ඔවුන්
අත්අඩංගුවට පත් කුර්දි හමුදා සාමාජිකයන් බව කියැවෙයි.

අනතුරුව, අන්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින මොසුල් නගරයේ දේවස්ථානයක් ඉදිරිපිට බිම දණ ගසාගෙන සිටින කුර්දි ජාතිකයෙකු පිටුපසින් සිටින සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් තිදෙනෙකු ගෙල සිඳ ඔහු මරා දමයි.

තවදුරටත් ඇමෙරිකානු සහාය ලබාගන්නේ නම්, සෙසු සිරකරුවන්ටද මෙම ඉරණමම අත්වන බව සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් එහිදී කුර්දි හමුදා නායකයන්ට අනතුරු අඟවයි.

පසුගිය සති කිහිපය පුරාම කුර්දිස්ථාන හමුදාව ඇමෙරිකානු ගුවන් හමුදාවේ සහාය ලබමින්, සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් අත්පතර කරගෙන සිටි ප්‍රදේශ වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර වැලැක්විමේ පියවරක් ලෙස අන්තවාදීන් මෙවැනි ම්ලේච්ඡ දසුන් අන්තර්ජාලයට මුසු කරමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මීට, පෙර සිරියාවේදී ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකුගේ ගෙල මේ ආකාරයෙන් සිඳිමින් සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඇමෙරිකාවටද අනතුරු ඇඟවීමක් කළේය.


 
Related Posts with Thumbnails