Ads 468x60px

.

විදුලි බිල 25කින් භූමිතෙල් රු. 20කින් පෙට්‍රල් රු. 5කින් ඩීසල් රු. 3කින් අඩුකළ රහස


වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට විසිපහකින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) ප්‍රකාශ කර තිබුණා.

මෙම අඩුකිරීම් ඊයේ (16) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා. ජනාධිපතිවරයා මේ බව

සඳහන් කළේ චීන ජනාධිපති ෂිං ජින් පිං මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (16) පුත්තලම ‘ලක්විජය’ ගල් අඟුරු බලාගාරයේ දෙවන සහ තුන්වන අදියර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව ජාතිය අමතමිනි.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂිං ජින් පිං මහතා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විදුලි බලාගාරයේ දෙවන සහ තුන්වන අදියර විවෘත කළේය.


ඉන් අනතුරුව දෙරට අතර අධ්‍යාපනික තාක්ෂණික, ආර්ථික ගිවිසුම් 27කටද දෙරට ජනාධිපතිවරු සහ නිලධාරීන් අත්සන් කළ අතර ඉන් වැඩිම ගිවිසුම් ප්‍රමාණයක් ආර්ථික සංවර්ධනය උදෙසා අත්සන් තබා ඇත.


එහි තවත් පුවත් පහතින්.

දැවැන්ත සහන
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට විසිපහකින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද අඩු කරන බව ජනාධිපතිවරයා ඊයේ (16) ප්‍රකාශ කළේය.

සහන වලට හේතුව
පසුගිය 2005 වසරේ අගෝස්තු මස 30 දා ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් ලබාදීමට චීනය එකඟතාව පළකළ අතර ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙගා වොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවිය.

එයින් අනතුරුව ඊයේ (16) විවෘත කෙරුණු එහි දෙවැනි හා තෙවැනි අදියරයන් සමඟ තවත් මෙගා වොට් 600ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක්වන අතර ඒ සමඟ නොරොච්චෝල තාප විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්වන විදුලිබල ප්‍රමාණය මෙගා වොට් 900කි. මෙය රටේ විදුලි අවශ්‍යතාවෙන් 50%කි. මේ හේතුව මත ජනාධිපතිවරයා විසින් මෙම දැවැන්ත සහන ලබාදීමට කටයුතු යොදා ඇත.

සැබෑ හේතුව ?
ගල් අඟුරු යනු මීට දශක කිහිපයකට පෙර සිට ලෝකයෙන් වඳව යන බලශක්‌ති ප්‍රභවයකි. මීට දශක පහ හයකට පෙර නම් ගල් අඟුරු විදුලි බලාගාරවලට ලෝකයේ හොඳ තැනක්‌ තිබිණි. නමුත් දැන් ඒ තැන ඇත්තේ න්‍යෂ්ටික විදුලි බලාගාරවලටය. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට, ගල් අඟුරුත්, න්‍යෂ්ටික බලයත්, පාරිසරික හානි ගෙන දෙන බලශක්‌ති ප්‍රභවයන් ය.

කෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් පසුගිය කාලය පුරා පුන පුනා ඉල්ලූ සහන කිහිපයක් මේවනවිට ලැබී තිබේ. ඒ ලැබුනේද ඌවේ ජන්දයට දින ගණනක් තිබියදීය. ඛනිජ තෙල් මිල ලෝකයේ අඩුවූ විට එම සහනය ලබාදීමට කටයුතු නොකළ රජය නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ දෙවෙනි තෙවැනි අදියර විවෘත කිරීමත් සමග ඉන්ධන මිල පහත දමනු ලබන්නේ තාප බලාගාර වල නිෂ්පාදනය පෙර පැවති මට්ටමක තිබෙන වටපිටාවක වේ. එසේනම් මෙම සහන මෙයට පෙරද ලබාදීමට හැකිව තිබූ සහන බව පැහැදිලිවම පෙනේ.

ඌවේ ජනමතය
මේවනවිට ලැබුණු බුද්ධි සමීක්ෂණ වලට අනුව ඌවේ හිටපු මහ ඇමතිවරයා මනාප වලින් දෙවන හෝ තුන්වන ස්ථානය ලබාගන්නා බවට හෙළිවී ඇත. එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු ට ඇතිවූ නව රැල්ලත් සමග හිටපු මහ ඇමතිවරයාගේ ජයග්‍රහණය ගැටළුවක් බවට පත්වී ඇත.

සන්ධානය ඌවේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට බුද්ධි අංශ වෙත හෙළිවී ඇතත් ගැටළුව වී ඇත්තේ හිටපු මහ ඇමතිවරයාට ලැබෙන මනාප ප්‍රමාණය බව හෙළිවී තිබේ. මේ හේතුවෙන් අන්තර්ජාලය තුලින් විමසනු ලැබූ මාධ්‍යය ආයතන වල ජන මත විමසුම් වලට පවා රජය බලපෑම් කරමින් පසුවන බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails