Ads 468x60px

.

මෙන්න ඔබට නියම චාන්ස් එකක් - උපේක්ෂා ඩ‍්‍රයිවර් කෙනෙක් හොයනවලු


හිටපු 
ඩ‍්‍රයිවර්ගේ 
ලයිසන් එක 
කැන්සල් කරලා.

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ රියදුරාගේ රියදුරු බලපත‍්‍රය සය මසකට අත්හිටුවන ලෙස අත්තනගල්ල මහේස් ත‍්‍රාත් නියෝග කර තිබෙනවා. ඒ ඔහු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 

ඊට අමතරව රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම වුනා. එමෙන්ම ඔහුට ලබන ජනවාරි
මස 25 වැනිදා යළිත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසද මහේස්ත‍්‍රාත් වරයා නියෝග කලා. 

උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අයත් ජීප් රථය ත‍්‍රි රෝද රථයක ගැටීමෙන් වේයන්ගොඩදී සිදුවූ අනතුරකින් ත‍්‍රි රෝද රථ රියදුරා තුවාල ලැබු අතර ඔහු වතුපිටිවල රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ රියදුරු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මුදා හැර තිබෙනවා. 


අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයාට රුපියල් දස දහහසක මුදලක් ගෙවන ලෙසද අධිකරණය ඔහුට නියෝග කලා. නියෝමාල් පෙරේරා මහතාට අයත් ජීප් රථය ත‍්‍රී රෝද රථයක ගැටීමෙන් අදාල අනතුර සිදුව තිබුනේ ඇහැළියගොඩ මින්නාන ප‍්‍ර‍්‍රදේශයේදී. අනතුරෙන් තුවාල ලැබූ රියදුරා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 
Related Posts with Thumbnails