Ads 468x60px

.

දනිඳුගේ මව සහ පියා පොලිසීය අල්ලගෙන ගිහින් - ඒ දෙදෙනා අල්ලන් ගියේ ඇයි,?


ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේ නිවසේ දී පැහැරගැනීමට ලක්ව රහස් පොලීසිය විසින් බේරා ගත් දනිදු යෂේන් දරුවාගේ මව සහ පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ දිනයේ දී දනිදු යෂේන්

පැහැරගැනීමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත‍්‍රාත් හමුවේ විභාග කිරීමෙන් පසු නඩුවේ 5 වැනි පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් 10 දෙනාෙගේ වාහන වලට පහර දීමේ චෝදනා මත මොවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ප‍්‍රදේශවාසීහු පිරිසක් ඊයේ අධිකරණය අසල නිහඩ විරෝධතාවක් දියත් කලා. පසුව නීතිඥවරුන් ආපසු යන අවස්ථාවේ දී මෙම පහර දීම සිදුවුණා.

5 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටීම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් නීතිඥවරුන් 10 දෙනකු අධිකරණයට ඊයේ පැමිණ සිටියා.


 
Related Posts with Thumbnails