Ads 468x60px

.

අරක අතින් පිරිමදින ගමන් මට පෙන්නනවා, ස්ට්‍රීට් හැරස්මන්ට් එකකට ගොදුරු වූ තවත් තරුණියක්.


තමුසෙ සිප් එකත් 
ඇරගෙන මගෙන් 
ඇයි කියල අහනවද.?

154 කියල කියන්නෙ ලංකාවෙ තියන ජරාම බස්වලින් එකක්. කරුමෙට එකේ යන්න වෙලා තියන නිසා මම විඳින ලිංගික අඩම්තේට්ටම් අපමණයි. 

එක දවසක් මම ඩෙනිම් එකයි ටී ෂර්ට් එකයි ඇදලා (එහෙම කිව්වෙ මෙ දෙවල් වෙන්නේ අපේ ඇදුම් නිසා කියල කියන පිරිමි යැයි කියාගන්නා කට්ටියගේ දැනගැනීම පිණිස) බස් එකේ ඉඳගෙන ඉන්නකොට බොරැල්ලෙදි නිල් පාට ටී ර්ට් එකක් ඇදලා, බෑග් එකක් එහෙම අරගෙන අවුරුදු 30ක විතර පෙනුමක් තියන පිරිමි කෙනෙක් මගෙ ළඟින් ඉදගත්තා. 

දිගින් දිගටම එයගෙ වැලමිට මගේ ඇලපතේ ගාවන නිසා ඉවසන් ඉඳලා බැරිම තැන මම එයගෙ පැත්තට හැරුන මෙක මට කරදරයක් කියලා කියන්න. ඒ බලනකොට දැකපු දේ නිසා මාව සීතල වුණා. 

මේ මිනිහා කලිසමේ සිප් එක ඇරගෙන, ලිංගික අවයවය අතින් පිරිමදින ගමන් මට පෙන්නනවා. මම බය වුන පාර අහක බලා ගත්තා. ඒත්
එක්කම මට මගෙ අයියා කියලා දීපු දෙයක් මතක් වුණා. 

ගොඩක් පිරිමි අය එහෙම කර කර ඉඳලා පිට කරන ශුක්‍රාණු ළඟම ඉන්න ගෑණු ළමයගෙ ඇඟට දානවා, ඒ නිසා එ වගෙ වෙලාවක උගෙ ළඟ ඉන්න එපා කියලා අයියා කියලා තිබුනා. ඒ නිසා මම "තමුසෙට මොකද වෙලා තියෙන්නෙ, මගෙන් ගුටි නොකා සිප් එක වහගන්නවා" කියල කෑගහගෙන මම නැගිට්ටා. 

ඒ මිනිහා මගෙන් "ඇයි, ඇයි" කියලා ඇහුවා. "තමුසෙ සිප් එකත් ඇරගෙන මගෙන් ඇයි කියල අහනවද, මගෙන් මැරුම් නොකා බස් එකෙන් බැහැපන් නැත්නම් පොලිසියට අල්ලලා දෙනවා" කියල කෑගැහන ගමන් උගේ උරහිසටයි මූණටයි ගැහුවා. 

මේ වෙලාවෙ කොන්දොස්තර ඇතුලු පිරිමි ලෙසින් ඇඳුම් ඇඳන් හිටපු කට්ටිය සේරම බලන් හිටියා මිසක් වචනයක්වත් කිව්වෙවත් අර මිනිහාව අල්ලගන්න කිසිම උදවුවක්වත් කලේ නැහැ. 

තවත් දවසකදිත් මේ වගෙම එකෙක් සිප් එක අරිනකොට මම රවලා බලපු නිසා බැහැලා ගියා. තව දවසක් මම සීට් එකේ ඉඳගෙන ඉන්නකොට පිටිපස්සෙ සීට් එකේ හිටිය වනචරයෙක් සීට් එක අස්සෙන් අත දාලා මගේ බඩ අතගෑවා. එදත් මම ඌට කෑගැහුවා. 

අපි ගෑණු අය වෙලා ඉපදිලා සොබාවදර්මයෙන් පවා වේදනා විඳිනවා. ඒ බව දැන දැන මෙතන කී බෝර්ඩ් වීරයෝ වගේ ඉන්න සම(හරක්) පිරිමි ගෑනුන්ගෙ රෙදි ගැන කතා කරනවා. ඇතම් පිරිමි අයගෙ පෝස්ට් කමෙන්ට් එහෙම දකිද්දි මට නම් හිතෙන්නේ එ පිරිම අයත් බස් වල ජැක්සන්ලා වෙන්න ඇති කියලයි. 

මම හැමදාම උදේට ගෙදරින් බහින්නෙ අදවත් කරදරයක් නොවි යන්න ලැබෙන්න කියලා හිතාගෙනයි. අත් කොට බ්ලවුස් එකක්වත් මම බස් එකක යනකොට අඳින්නෙ නැහැ කොච්චර රස්නෙ දවසක් උනත්. එක අතකට බලනකොට මේ බහුතර වල් පිරිමි නිසා අපිට ඇඳුම් අඳින්න තියන නිදහස සීමා වෙලයි තියෙන්නෙ. 

මම ඉගෙනගෙන ඉවර උන දවසක මේ රට දාලා යනවා කියලා හිතාගෙන ඉන්නෙ, ඒ හේතු අතර මෙ අතවර උඩින්ම තියන හේතුවක්. ඇත්තමට මේ ටික ටයිප් කරනකොට මගෙ අත් දෙක වෙවුලනවා වගේම ඇස්වලින් කඳුලුත් ආවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි ගෑණු අපි ගැනම ඇතිවුණ ස්වයං අනුකම්පාව නිසා.


 
Related Posts with Thumbnails