Ads 468x60px

.

ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට උත්සාහ කල දූෂකයාගේ ජනනේද්‍රිය කපා දමයි (පින්තුර)


ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට තැත්කළ අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු අල්ලා මස් කඩයකට රැගෙන ගොස් ඔහුගේ ජනනේද්‍රිය මන්නයකින් කපා පාරට විසිකර දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාවේ රාජස්ථාන් හි ගංගානගර් ප්‍රදේශයෙනි අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු 16 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට උත්සාහ කරනු දැක ඇති පිරිසක් මෙම පුද්ගලයා අල්ලාගෙන මස් කඩයකට රැගෙන ගොස් පැයක පමණ පහරදී එහි ඇති මන්නයකින් ඔහුගේ රහසඟ

කපා පාරට විසිකොට තිබේ.

දැඩි වේදනාවෙන් කෑ ගසා ඔහු පාරට පැන ඇතත් ඔහුට උදව් කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත. බොහෝ දෙනා රැස්ව සිදුවන්නේ කුමක්දැයි බලා සිට ඇති අතර බො‍හෝ දෙනා මෙම දඬුවම සාධාරණිකරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ හෝ ඉන්දීය පොලීසිය පවසන්නේ නීතිය අතට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැති බැවින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් වහා පොලීසියට බාරවිය යුතු බවයි.






 
Related Posts with Thumbnails