Ads 468x60px

.

මම යනවා යාලුවනේ මියයන බව ෆේස්බුක් ගිණුමේ ලියා දිවි නසාගත් ඉරේෂ් දිල්ශාන් (පින්තුර)


තමන්ගේ දිවි හානි කර ගන්නා බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර දිවි නසාගෙන මිය ගිය පාසල් සිසුවකු පිළිබඳව පුවතක් සඳලංකාවෙන් අප වෙත වාර්තා වෙනවා. වයස අවුරුදු 18ක් වන ඉරේෂ් දිල්ශාන් නමැති මිය ගිය සිසුවා සඳලංකාව ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවකු වෙනවා.

මිය යෑමට භාවිතා කළ රෙදි පටියේ ඡායාරුපයක්ද ෆේස්බුක් ගිණුමේ පල කර මෙම සිසුවා  සිය දිවි නසා ගෙන ඇතැයි පැවසෙනවා. මෙම සිසුවා ගේ මව රැකියාවක් කිරීම සඳහා පිටරට ගොස් ඇති අතර මොහු වැඩිමහල්

සොහොයුරියගේ නිවසේ පදිංචි වී සිට තිබෙනවා.

තවද පියා මොවුන්ව දමා ගොස් වෙන්ව ජිවත් වන බවත් මෙලෙස ගෙල වැලලාගෙන මිය ගිය සිසුවා දැඩි කලකිරීමකින් සිට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අපවෙ‍ත පැවසුවා.

මොහු පැසැල් ගොස් පැමිණි පසුව සවස 1.48 පමණ සියදිවි හානිකරගෙන ඇති අතර එවිට නිවසේ කිසිවෙක් සිට නොමැති බවට වැඩිදුරටත් වාර්තා
වෙනවා. ඔහුගේ ෆේස්බුක් ගිණුම යැයි විශ්වාස කෙරෙන ගිණුමේ පලකර ඇති පුවත පහතින්...



 
Related Posts with Thumbnails