Ads 468x60px

.

කළුවිතාරණට හෘදයාබාධයක් වැළඳී හම්බන්තොට රෝහලෙන් කොළඹට

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හා වර්ත මාන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා හදිසියේ ඇතිවූ හෘදයේ ආබාධයක් හේතුවෙන් ඊයේ හම්බන්තොට රෝහලට ඇතුළු කර තිබෙනවා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අද කොළඹ බලා රැගෙනවිත්
තිබෙනවා.

ඒ කණ්ඩායම මේ දිනවල සංචාරක
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පවත්වන සිව්දින තරගය සඳහා ඔහු දායකවෙමින් කණ්ඩායම සමඟ

එක්ව හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටියදී මෙම හෘදයේ ආබාධය හටගෙන තිබෙනවා.

ඔහු රෝහලට ඇතුලත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද තහවුරු කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails