Ads 468x60px

.

කොල්ලන්ගෙ කාමරවල මගේ ෆොටෝ තියෙනවා - සමහරු මගේ ඇඟ දකින්න ආසයි


ඔබ හින්දි සිනමාවේ කාමුක සහ ලිංගික සංකේතයක් ලෙස විචාරකයන් හඳුන්වනවා. එයට ඔබ කැමැතිද?
ඔව්, මම කැමැතියි මාව ලිංගික, කාමුක සංකේතයක් යැයි කියනවට. මට අවශ්‍ය වුණා එහෙම වෙන්න. බලාපොරොත්තු වෙනවා දිගටම ඒ නම රැකගන්න.


ඔබ කාමුක චරිතයක් වෙන්න කැමැති ඇයි?
මම කැමැතියි ජීවිතය විඳින්න. අවු. 100ක් මම ජීවත් වුණත් මම කාමුක ජීවිතයක් ගත කරන්න ආසයි. නාකි වුණත් මම ආසයි මට මිනිස්සු කියනවා නම් කුපාඩි ආච්චි අම්මා කියලා. අවු. 100ක් වුණත් මම කැමති

වේවි.

ඉතා ලේසියෙන් ජනප්‍රිය වෙන්නද ඔබ ඔබේ රෙදි ගලවන්නේ?
ඔයාලට වැරැදුණේ එතැනයි. කාමුක වෙන්න ලේසි නෑ. ඒකට ජිම් එකට යන්න ඕනෙ, කෑම පාලනය කරන්න ඕනෙ, විවිධ ප්‍රතිකාරවලට වියදම් කරන්න ඕනෙ, ශරීරය වෙනුවෙන් කැපවීම් වෙලා සාත්තු කරන්න ඕනෙ ලේසි නෑ.


ඔබ හිතනවද ඔබ කරන දේ හරි කියලා?
ඔව්. හුඟාක් කොල්ලන්ගෙ කාමරවල මගේ ෆොටෝ තියෙනවා. සමහර ජිම්වල, පොඩි කෙල්ලන්ගෙ කාමරවලත් ෆොටෝ තියෙනවා. සමහරු මගේ ඇඟ දකින්න ආසයි. සමහරු මං වගේ ඇඟක් හදාගන්න ආසයි.


බිකිනිය විතරක් ඇඳගෙන ගන්න ෆොටෝවලින් ඔබේ ජනප්‍රියත්වයට හානියක් වෙනවද?
නෑ. බිකිනි ෆොටෝ හැමෝටම ගන්න බෑ. අවු. 20 පැනපු ගමන් ගෑනුන්ගේ බඩවල් එළියට පනිනවා. ඒ වගේ ලොකු බඩක් එක්ක බිකිනි ෆොටෝ ගැහුවොත් කවුද බලන්නේ. ඒක විහිළුවක්.

ඔයාගේ පෙම්වතා කැමැතිද මේ ෆොටෝවලට?
මොන කොල්ලද කැමැති තමන්ගේ කෙල්ල පෙරේතකමට කාලා, කම්මැළිකමට ලොකු බඩක් හදාගෙන ඉන්නවට. කන්නෙ නැතිව ඉඳලා, මහන්සිවෙලා, ව්‍යායාම කරලා මම මගේ සිරුර මේ විදියට තියාගන්නේ කොල්ලෙක් ආකර්ෂණය කර ගන්නත්, රඳවාගන්නත් කෙල්ලෙකුට ලස්සන ඇඟක් ඕනේ.


කාමුක දර්ශනවල රඟපෑමෙන් ඔබට අපහාස එල්ල වෙනවා නේද?
චිත්‍රපටවල රඟපෑමේදී විවිධ පුද්ගලයන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. දැන් සිනමා කර්මාන්තය හුඟක් වෙනස්. මෙහි පැවැත්මට කැමති අවශ්‍ය වෙලා. නළු නිළියන්ගේ පෞද්ගලික ප්‍රතිරූප මිනිසුන්ට වැදගත් නෑ. රඟපාන චරිත නළු නිළියන්ගේ පෞද්ගලික චරිත නොවේ.


ඔබ එකම විදියේ කාමුක චරිතවලට කොටුවෙලාද?
මටත් එහෙම හිතෙනවා. මම රඟපාන හැම චරිතයකම වගේ කාමුක දර්ශන එනවා. මං හිතන්නේ මිනිස්සුන්ගේ ඉල්ලීම ඒක.

ඔබ වැඩිපුරම කතා කරන්නේ ඇඟ ගැන?
ඔව්, මම තේරුම් ගත්තා ඇඟ හරියට තියා නොගත්තොත් මොනවත් කරන්න බෑ. හරියට ඇඳුමක්වත් අඳින්න බැහැ කියලා.


විවාහය ගැන ඔබ මොනවද හිතන්නේ?
ජීවිතයට ඉතාම වැදගත් දේ තමයි පවුල. මගේ අම්මයි, තාත්තයි ඉතාම ආදරෙන් පවුල් කනවා. විවාහය ඉතා වැදගත් දෙයක්.


ඔබ විවාහ වෙන්න කැමැතිද?
ඔව්, තව අවුරුදු කිහිපයකින් මම විවාහ වෙනවා. තාම මම තරුණ වැඩියි විවාහයට.

නාකි වෙලාද බඳින්න කල්පනාව?
අපි වැඩකරන ක්ෂේත්‍රය තුළ තවත් ස්ථාවර වෙන්න ඕනේ. වෘත්තිය වෙනුවෙන් තවත් කැපවෙන්න ඕන නිසා දැන්ම බඳින්න බෑ.


කසාද බැන්දම වැඩ කරන්න බැරිද?
පුළුවන්. ඒත් පූර්ණ කාලීනව බැහැ. පවුල වෙනුවෙන් කාලයක් කැප කරන්න ඕනෙ.


ඔබේ වෘත්තීයමය ස්ථානය ගැන දැන් ඔබ තෘප්තිමත්ද?
මම බෙංගාල කෙල්ලෙක් විදියට කල්කටාවට ආවේ. පස්සේ බොම්බායට ආවේ නිරූපිකාවක් විදියට. පස්සේ රඟපාන්න ආවා. එතකොට රඟපෑම ගැන කිසිම පුහුණුවක් හෝ අත්දැකීමක් මට තිබුණෙ නෑ. 


හින්දි චිත්‍රපටවල නටන හැටිවත් මම දැනගෙන හිටියේ නෑ. දැන් මගේ රසිකයන් මගේ නැටුම් අනුකරණය කරනවා. ඉතින් මට මං ගැන ආඩම්බරයි දැන් ඉන්න තත්ත්වය ගැන.

ඔබ ගොඩාක් දුක් විඳලා තියෙනවා වගේ මේ තත්ත්වයට එන්න?
ඒක දුකක් නොවේ හැබැයි කට්ටක්. සැරයක් මා ළඟ රු. 10යි තිබුණේ. රයිස් එකක් රු. 5යි. තකානා එකක් රු. 10. ඉතින් මායි මගේ යාළුවයි දවල්ට කෑවේ චපාති. ඒ වගේ ගොඩාක් දවස් තිබුණා.


සිනමා ක්ෂේත්‍රයේ පුද්ගලයන් සමඟ ඔබේ සම්බන්ධතාව කොහොමද?
මම වැඩකරද්දි හැමෝම එක්ක හොඳින් වැඩකරනවා. ගෙදර යනකොට ඒ සබඳතාවන් මම එතැනම තියලා යනවා. මම කාටවත් සමීප වෙන්න යන්නෙ නෑ. හැබැයි මම හැමෝටම කැමැතියි.

ඒ කිව්වේ?
කවුරුවත් ගෙදර එක්ක යන්නේ නෑ. කාත් එක්කවත් පාටි දාන්න යන්නෙ නෑ. කාත් එක්කවත් ෆෝන් එකේ කතා කර කර ඉන්නෙ නෑ. වේලාසනින් නිදාගෙන වේලාසනින් අවදි වෙනවා.


නළුවන්ද, නිළියන්ද ආශ්‍රය කරන්න අමාරු?
නිළියන්, කාන්තාවන් ආශ්‍රය කරන්න ලේසියි. එයාලට ප්‍රශ්න, හැඟීම් හංගාගෙන ඉන්න බෑ. ඒක මූණේ පේනවා. නැත්නම් කියවනවා. අඬනවා. ඒත් කොල්ලෙක්ව කවදාවත් තේරුම් ගන්න බෑ. හැමදේම හිතේ හංගාගෙන සද්ද නැතිව ඔහේ ඉන්නවා. කොල්ලෝ හරි ගැඹුරුයි.


ඇත්තටම ඔබේ පෙම්වතා කවුද?
ජෝන් ඒබ්‍රහම්.

ජෝන් මුණගැහුණෙ නැත්නම් බොලිවුඩ්වල කවුරු ඔයාගේ පෙම්වතා වෙයිද?
සායිෆ් ඛාන්.


පහත සඳහන් නිළියන් ගැන ඔබේ අදහස කෙටියෙන් කියන්න.
ආශ්චර්යා - ලස්සනයි
විද්‍යාබාලන් - සියලුම ලස්සන එකට එකතුවීම.
කරීනා කපූර් - මුහුණේ බොහෝ හැඟීම් ප්‍රකාශ කිරීම.


විවාහයෙන් පස්සේ ජෝන් ඔබට කිව්වොත් රඟපෑමෙන් ඉවත් වෙන්න කියලා?
එයා කියනකම් ඉන්නෙ නෑ. වැඩ වැඩි වුණොත් ගෙදර ඉන්නවා.

ජෝන් ඒබ්‍රහම් ගේ කැමතිම මොනවද?
ඔහුගේ සිනහව, ශරීරය වගේම පෞරුෂය.


රිතික්, සල්මාන්, ජෝන් අතරින් වඩාත්ම කැමති කවුද?
ජෝන්.


කවුද ඔබේ කැමතිම නළුවා  ?
අමීර් ඛාන් මගේ කැමැතිම නළුවා. ඒත් මගේ ගොඩක් කැමතිම නළුවා ෂාරුක් ඛාන්.
 
Related Posts with Thumbnails