Ads 468x60px

.

නලින් පෙරේරා තම පිරිමිකම පෙන්නුවේ මෙහෙමයි


නලීන් පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකීය ගීත කලාවේ ඉහලින්ම වැජඹෙන සුපිරි තරුවලින් එකක් කියලා හැමෝම දන්නවනේ. 

කොණ්ඩේ වවාගෙන, කරාබුවක් දාගෙන ඉන්න නලීන්ට රසික රසිකා වියන්ගෙන් මගතොටේදී වුනත් උණුසුම් ප්‍රතිචාර හම්බවෙනවා. මේ විදියට පාරේ යන ගමන් දවසක් නලීන්ට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ඒ දිගට වවලා තිබුණු කොණ්ඩෙයි කරාබුවයි නිසා..

දවසක් නලීන් වාහනේ ඉස්සරහාම ආසනේ ඉඳගෙන වැඩකට යන්න ගියාලු. රැවුලත් කපාගෙන, කරාබුවක් දාලා, ලස්සන ටී ෂර්ට් එකකුත්

ඇඳලා, කොණ්ඩෙත් දිගට දාගෙන යන නලීන්ට එහා පැත්තෙන් බයික් එකක ආව තරුණයෙක් හිනාවුනාලු.

ජනප්‍රිය කෙනෙක් දැක්කමත් රසික රසිකාවියෝ මේ වගේ හැසිරෙන නිසා නලීනුත් යාන්තමට වගේ හිනා වෙලා. ඔන්න ටික දුරක් යනකොට ආයෙත් අර බයික් එකේ ඉන්න තරුණයා නලීන් යන වාහනේ ලගින්ම නතර කරලා හිනාවෙන්න ගත්තලු.  වාහනේ ඉස්සර කරලා යන්න ඕනිතරම් ඉඩ තිබ්බත් කොල්ලා නෙවෙයි ගිහින් තියෙන්නේ..

මොකද එයා හිතලා තියෙන්නේ සයිඩ් එකෙන් බලනකොට මේ ඉන්නේ කෙල්ලක් කියලා. නලීන් කොණ්ඩෙත් වවලා, කරාබුවත් දාගෙන හිටිය නිසා කෙල්ලෙක් කියලා රැවටිලා තමයි මේ පස්සෙන්ම බයික් එකේ ඇවිත් තියෙන්නේ..

මේ සිදුවීම ගැන නලීන් හෙලිකලේ පසුගිය දවසක විකාශය වුනු Hiru Copy Chat වැඩසටහනේදී. මේ ගැන හරි අපූරුවට නලීන් කියනවා. බලන්නකෝ පහත තියෙන වීඩියෝ එකෙන්ම එදා මොකද වුනේ කියලා..


 
Related Posts with Thumbnails