Ads 468x60px

.

හිරු එෆ්.එම් වෙබ් අඩවිය රෙනෝට හා දුමින්දට ප්‍රසිද්ධියේ අපහාස කරලා ! (විශේෂ හෙළිදරව්ව)


වල් රේනෝ, 
කුඩු දුමින්ද, 
රේප් දුමින්ද 
-යනුවෙන් වෙබ් අඩවියේ පලකරලා

හිරු එෆ්.එම් වෙබ් අඩවිය මගින් එම ආයතන යේ හිමිකරුවන් වන රෙනෝ ද සිල්වා හා ඔහුගේ සොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්දා සිල්වා හට ඉතා සූක්ෂම අයුරින් හිරු ගොසිප් හා
ෂා ගොසිප් යන වෙබ් අඩවි ඔස්සේ අපහාස කිරීමේ පුවතක් වාර්තා වේ.

හිරු ගොසිප්, ෂා ගොසිප් යන වෙබ් අඩවි පවත්වාගෙනු යනු ලබන්නේ ඒ.බී.සී මාධ්‍යය ජාලයට අනුබද්ධිත ආයතනයක් වන ලෝටස් ටෙක්නොලජීස් විසිනි. මෙම ආයතනය පරිපාලනය කරනු ලබන්නේ

රෙනෝ ද සිල්වාගේ නැගණියක් වන දිලිනි ද සිල්වා විසිනි. 

එම ආයතනයේ වෙබ් අංශයේ සේවය කරන බොහෝ පිරිස් මේවනවිට ආයතනයේ හිමිකාරිත්වය සමග කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. මෙයට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වන්නේ ඒ.බී.සී මාධ්‍යය ජාලයේ සේවකයන්ට ලැබෙන සියලු පහසුකම් කොළඹ හත පිහිටා ඇති ලෝටස් ටෙක්නොලොජි වෙත නොලැබීමයි.

මේ හේතුවෙන් හිමිකාරිත්වය ආයතනයතුල අපහසුතාවයට පත්කිරීමේ සූක්ෂම සැලැස්මක් ඔවුන් සිය වෙබ් අඩවි ඔස්සේ මුදාහැර තිබේ. 


කිසිදු ලිපියක් තමන් විසින් සම්පාදනය නොකරන මෙහි කාර්ය මණ්ඩලය සිදුකරනු ලබන්නේ වෙනත් වෙබ් අඩවි වල ලිපි හිරිකිතයකින් තොරව පිටපත්කොට කිසිදු උපුටාගනිමකින් තොරව ඔවුන්ගේ වෙබ් අඩවියේ පළකිරීමය. 

එසේ පලකරන ලිපි තුලට රෙනෝ ද සිල්වාට හා දුමින්ද සිල්වාට අපහාසාත්මක වදන් ඇතුළත්කොට ආයතනය තුල ඒ තුලින් විනෝදයක් ලැබීමට මෙහි කාර්ය මණ්ඩලය පුරුදුව සිට ඇතයි වාර්තා වේ.

එසේ පලකළ ලිපි කිහිපයක් පහත වේ.


Facebook පරදන්න ආ Ello වෙබ් අඩවිය අන්තර්ජාලය කළඹයි.



මෙම ලිපියේ "එලෝ" නමැති වෙබ් අඩවියේ නිර්මාතෘ ලෙස දක්වා ඇත්තේ "පෝල් රෙල්වානෝ ය. නමුත් සැබවින්ම එහි නිර්මාතෘ වරයා වන්නේ "පෝල් බඩ්නිට්ස්" නමැති පුද්ගලයෙකි. නියම හිමිකරුගේ නම පිලිබඳ විස්තරය බලන්න මෙතනින් 
http://www.independent.co.uk/life-style/gadgets-and-tech/news/ello-social-networks-founder-paul-budnitz-defends-adfree-model-9764702.html

ඔවුන් මෙසේ සිතා මතා "රෙල්වානෝ" නමැති වචනය යොදා ඇත්තේ එය පසුපසට කියවීමේදී අර්ථය "වල් රෙනෝ" බැවිනි.

එම ලිපිය සජීවීව තවමත් ඔවුන්ගේ වෙබ් අඩවියේ පහත සබැඳියෙන් බලාගත හැක.
http://gossip.hirufm.lk/2089/2014/10/ello-collapses-internet

එය වෙනස්කොට ඇත්නම් ලිපිය පෙර දිස්වූ ආකාරය මෙම සබැඳියෙන් බලාගත හැක
http://web.archive.org/web/20141002080207/http://gossip.hirufm.lk/2089/2014/10/ello-collapses-internet

කාමුක චිත්‍රපට හා පොත් බැලිල්ල ලිංගික ජීවිතය කඩාකප්පල් කරවයි



මෙම ලිපියේ සමීක්ෂණය කල ආයතනය ලෙස දැක්වෙන්නේ The Dupe Reminද නම් ආයතනයකි. නමුත් මෙම සමීක්ෂණය සැබවින්ම සිදුකොට තිබුනේ  Opinium Research නම් ආයතනයක් විසිනි. 

සමීක්ෂණය සිදුකල ආයතනය පිලිබඳ විස්තර ඩේලි මේල් වෙබ් අඩවියේ පළවූ ලිපියෙන් බලන්න මෙතනින් 
http://www.dailymail.co.uk/news/article-2773035/We-sex-just-week-76-men-said-watched-pornography-half-women-read-erotic-fiction-s-economy-s-fault.html

ඔවුන් සිතා මතා ඉතා සූක්ෂම ලෙස  Dupe Reminද යන වචනය ඇතුළත්කොට ඇත්තේ එය පසුපසට කියවීමේදී අර්ථය "රේප් දුමින්ද" බැවිනි.

එම ලිපිය සජීවීව තවමත් ඔවුන්ගේ වෙබ් අඩවියේ පහත සබැඳියෙන් බලාගත හැක
http://gossip.hirufm.lk/2053/2014/09/pornography-being-nerdy-spoils-sexual-life

එය වෙනස්කොට ඇත්නම් ලිපිය පෙර දිස්වූ ආකාරය මෙම සබැඳියෙන් බලාගත හැක
http://web.archive.org/web/20140930081638/http://gossip.hirufm.lk/2053/2014/09/pornography-being-nerdy-spoils-sexual-life

iPhone 6 එක ගැන සියල්ල හෙළිවේ



මෙහි අයි ෆෝන් සික්ස් දුරකතනයට විවිධාකාරයේ රළු පරීක්ෂණ සිදුකරනු ලබන්නේ "දුඩු රිචඩ් රයන් කුමින්ද" යනුවෙන් ශා ගොසිප් වෙබ් අඩවියේ හඳුන්වා දී තිබේ. නමුත් ලෝකප්‍රකට ඔහුගේ නම වන්නේ "රිචඩ් රයන්" ය. 

රිචර්ඩ් රයන් පිලිබඳ ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පලකළ ලිපිය බලන්න මෙතනින් 
http://timesofindia.indiatimes.com/tech/tech-news/iPhone-6-dropped-from-7000-ft-still-working/articleshow/43535111.cms

රිචර්ඩ් රයන් ගේ නම ඉදිරිපසට හා පසුපසට "දුඩු රිචඩ් රයන් කුමින්ද" ලෙස දුඩු හා කුමින්ද යනුවෙන් ඔවුන් සූක්ෂම ලෙස එක්කොට ඇත්තේ එය පසු පසට කියවීමේදී කුඩු දුමින්ද නිසාවෙනි.

එම ලිපිය සජීවීව තවමත් ඔවුන්ගේ වෙබ් අඩවියේ පහත සබැඳියෙන් බලාගත හැක
http://gossip.shaafm.lk/515/2014/09/iphone-6-video

එය වෙනස්කොට ඇත්නම් ලිපිය පෙර දිස්වූ ආකාරය මෙම සබැඳියෙන් බලාගත හැක
http://web.archive.org/web/20141002093305/http://gossip.shaafm.lk/515/2014/09/iphone-6-video

හිරු හිමිකාරිත්වයට එරෙහිව ලෝටස් ආයතනයේ සේවකයන් විසින් ගෙනගිය මෙම කුමන්ත්‍රණයේ තවත් තොරතුරු අපසතු වේ. මේ සම්බන්ධව හිරු ආයතනයේ ඇතම් කළමණාකරුවන් ද දැනුවත් බවද අප වෙත වාර්තා වේ. 


හිරු ගොසිප් හා ශා ගොසිප් වෙබ් අඩවි වල කාර්යය මණ්ඩල වල සේවකයන්ට පමණක් රහස් වින්දනයක් ගෙනදුන් එම රහස් වචන මේ වනවිට ලංකාවටම හෙළිවී අවසානය. ඇතැම්විට මේ සම්බන්ධව තවමත් නොදන්නේ රෙනෝ ද සිල්වා හා දුමින්දා සිල්වා පමණක් විය හැක.
 
Related Posts with Thumbnails