Ads 468x60px

.

කේට් කුමරියට නිවුන් දූ සිඟිත්තියන් දෙදෙනෙක්.


පසුගිය සැප්තැම්බර් අටවැනිදා එංග ලන්ත රජවාසල නිවේදනයකින් තහවුරු කෙරුණේ කේට් රජ කුමරිය දෙවැනි වතාවට ගැබ්ගත් බවට පැතිර යන රාවය සත්‍යයක් වන බවයි. 

විලියම් සහ කේට් දෙවැනි සිඟිත්තා අපේක්ෂාවෙන් මේ දිනවල කටයුතු කරන බව ඒ නිවේදනයේ සඳහන්ව තිබුණා. නමුත් ඒ නිවේදනයට පුංචි වෙනසක් ඇති කරන්නට රජවාසල මාධ්‍ය ඒකකයට සිදුව තිබෙන බවට රාවයක් පැතිරෙනවා. 

ඒ කේට් සහ විලියම් කුමරු සිඟිත්තකු වෙනුවට සිඟිත්තියන් දෙදෙනකු අපේක්ෂාවෙන් සිටින බවයි.කේට් සහ විලියම් සිය නිවුන් සිඟිත්තියන් දෙදෙනාට මාග්‍රට් සහ එළිසබෙත් යනුවෙන් නම් තබන්නට තීරණය කරගෙන සිටින බවටත් ආරංචි පැතිරෙනවා.

පසුගිය වතාවේ ජෝර්ජ් කුමරු කුස පිළිසඳගත් විටදී වඩා මෙවර කේට් කුමරිය උදෑසන අපහසුතාවලට වැඩි වශයෙන් මුහුණ දී තිබෙනවා. 


කිසිදු ආහාරයක් අනුභව කිරීම ඇය ප්‍රතික්ෂේප කර තිබූ නිසාම සහ දිගින් දිගටම ඔක්කාර තත්ත්වය පැවතීම නිසා කේට් ශරීර සෞඛ්‍යයෙන් පිරිහී
ගොස් තිබුණා. ක්ලාන්තය තත්ත්වය නිතර ඇතිවීම නිසා එංගලන්ත රාජකීය රෝහ‍ලේ වෛද්‍යවරු රජ මැදුරේ නතර වී කේට් වෙත ප්‍රතිකාර කළ බවත් විදෙස් වබේ අඩවිවල ප්‍රචාරය වුණා.

උදෑසන අපහසුතාවයෙන් කේට් පීඩාවට පත්වන අයුරු පිටස්තරයන් දකින නිසා පසුගිය කාලයේ පැවැති බොහෝ උත්සව ජනහමු කිසිවකට කේට් කුමරිය සහභාගි වී තිබුණේ නෑ.


සාමාන්‍ය ගර්භණී තත්ත්වයට වඩා මවට පීඩා ඇති කරවන උදෑසන අපහසුතා තත්ත්වයක් කේට් වෙතින් පළවීම නිසා කේට් කුමරිය දූ සිඟිත්තියන් දෙදෙනකුගේ මවක් වන බවට හැමතැනම ආරංචි පළ වුණත් ඒ ආරංචිවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරන ස්කෑන් වාර්තා රජ වාසලෙන් මාධ්‍යයට නිකුත් කර තිබුණේ නැහැ.
 
Related Posts with Thumbnails