Ads 468x60px

.

අපේ ගෙදර නිතර යන එන කෙනෙක් මගේ ‍ෆේස් බුක් එකට පච්ච කොටපු ෆොටෝස් වගයක් දාලා.


ෆේස් බුක් එකවුන්ට් එකේ 
රහස් අංකයත් වෙනස් කරලා

මහේෂි ෆේස් බුක් ගැටලුවකට මුහුණ දුන්නා කියලා ආරංචියි.
ඒ කතාව නම් ඇත්ත. ඒක
අපේ ගෙදර යන එන කෙනෙක් කරපු දෙයක්.

මොකක්ද සිද්ධිය?
මගේ ෆේස් බුක් එකේ පාස් වර්ඩ් එක වෙනස් වෙලා. ඒ අලුත් පාස්වර්ඩ් එකෙන් මගේ පේජ් එකට වෙන පින්තූර වගයක් දාලා.


ඒක ටිකක් බරපතළ සිදුවීමක්නේ.
මාධ්‍ය තුළ පළවුණ විදියට ඒක බරපතළ සිදුවීමක් කියලා කෙනෙකුට සැක කරන්න පුළුවන්. ඒත් මේක මේ මගේම ඥාති මල්ලි කෙනෙක්

විහිළුවට කරපු දෙයක්.

ඔහු ඇතුළත් කරල තියෙන්නේ මොන විදිහේ පින්තූරද?
එයා ටැටූස්වලට හරි ආශයි. ඉතින් එක එක ජාතියේ ටැටූස්වල පින්තූර තමයි එයා දාලා තියෙන්නේ.


මේක කළේ අර මුලින් සඳහන් කළ ඥාති සොයුරු බව දැනගත්තේ කොහොමද?

එයා නිතර අපේ ගෙදර යන එන කෙනෙක්. එයා කම්පියුටර් ගැන උපරිම දන්නවා. අනික මගේ පින්තූර එඩිට් කරල අප්ලෝඩ් කරන්න මම ගොඩක් වෙලාවට උදව් ගන්නේ එයාගෙන්.

සති දෙකක්ම මහේෂි තමන්ගේ ෆේස් බුක් එකට පිවිසුනේම නැද්ද?
මේ දවස්වල මම එක දිගට ටෙලි නාට්‍යය තුනක වැඩ. දෙකක්ම මෙගා ටෙලි නාට්‍යය. ඉතින් මම ඉන්නේ හරිම අවිවේකයෙන්. ඒ හින්දා මට ෆේස් බුක් යන්න බැරි වුණා.


දැන් ගැටලුව විසඳුනාද?
මගේ පාස්වර්ඩ් එක වෙනස් කරලා කියලා දැනගත්තේ පස්සේ. ඒ වෙලාවේ ඒ මල්ලිම තමයි එයා කරපු දේ කිවුවේ. දැන් සියලුම ගැටලු හරි.


මේක එතරම් බරපතළ සිදුවීමක් නමෛයි නේද?
දැන් සියලුම ගැටලු හරි ඔව්. මේක පුංචි කොල්ලෙක් කරපු විහිළුවක්.


මහේෂිගේ මුහුණු‍පොතේ ෆේස් බුක් එකවුන්ට් එකේ රහස් අංකය වෙනස් කරලා වෙනත් කෙනෙක් විසින් ඡායාරූප දාලා තියෙන පුවත ඇසෙද්දී මැවෙන්නේ වෙන අදහසක්.
ඒක තමයි පුංචි සිදුවීම්වලින් විශාල පුවත් මැවෙනවා. ඇත්තටම සත්‍යය සිද්ධිය “රිද්ම” තුළින් පැහැදිලි කරන්න ලැබුණ එකත් ලොකු දෙයක්. නැත්නම් බොහෝ අය විවිධාකාර දේ මවාගන්නට තිබුණා.


ඒත් සිදුවීමට ප්‍රසිද්ධිය ලැබුණේ මහේෂි මේ ගැන වීඩියෝ පටයක් දැමූ හින්දා නේද?
ඔය සිදුවීම වීඩියෝ පටයක දමන්නට තරම් ප්‍රබල එකක් නමෛයිනේ. මම මගේ ෆේස් බුක් ගිනුම ගැන හරියට සැලකිලිමත් වනවා. මගේ පින්තූරයක් පවා දාන්නේ එඩිට් කරලා. සතිදෙකක්ම වෙනත් කෙනෙක් ඒක පාවිච්චි කළා කිවුවේ ඒ මල්ලි දාලා තියෙන්නේ ටැටූවල පින්තූර.


ඒක දකින අය මම ටැටූවලට ප්‍රිය කරනවා ඇති කියලා හිතයි. මම ටැටූ වලට ආස නෑ. ඒකයි මම මේ සිද්ධිය ගැන පුංචි වීඩියෝවක් ෆේස් බුක් එකට දැම්මේ. අන්තිමට ඒක අන්තර්ජාලයටත් ගිහින්. ඒ ගැන නම් මම දන්නෑ.

ඉඳහිට මහේෂි ගැන මොකක් හෝ පුවතක් මැවෙනවා.
මොකක් හරි පුංචි සිදුවීමක් වුණත් ඒක ගැන ලොකුවට කතා යනවා.


මේ විදියේ පුවත් ජනප්‍රියත්වයට බලපාන්නේ කොයි විදියටද?
මේ වගේ පුවත් මවලා ජනප්‍රිය වන්න උත්සාහ කරනවා කියලා පවා ඇතැම් අය අන්තර්ජාලයේ චෝදනා කරලා තිබුණා. මට මේ තියෙන ජනප්‍රියත්වය වැඩිත් එක්ක. අනික මේ වගේ සිදුවීම්වලින් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැහැ. ජනප්‍රිය වෙන්නේ අප කරන කලා නිර්මාණත් එක්ක.


මේ දවස්වල අලුත් තොරතුරු ටිකකුත් කියන්න.
‘රිදී’ පහන් තිර’ හා ‘පිනිමුතු වැස්ස’ මෙගා ටෙලිනාට්‍යය 2කට සම්බන්ධ වුණා. ඒවගේම ‘රුයිත 4’ කියලා නාට්‍යයකටත් එකතු වුණා. මා රඟ පෑ “සිහින ලොවක් හෙව්වා” සහ “සිනෙමා” කියන චිත්‍රපට 2ත් ඉදිරියෙදී තිරගත වේවි.
 
Related Posts with Thumbnails