Ads 468x60px

.

රු. 10,000 ක්‌ ඉල්ලුවා රු. 8000 ක්‌ ලැබුණා එයාර් පෝට් සේවකයෝ පඩි සටන දිනුවේ මෙහෙමයි.


ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමෙහි සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කරන ලෙස ඉල්ලමින් ඊයේ (5 වැනිදා) පෙරවරුවේ සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයක්‌ නිසා කටුනායක, බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කටයුතු පැය තුනක කාලයක්‌ සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටිණා.

මෙම සේවක වැඩවර්ජනය අසලට පැමිණි සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න යන මහත්වරු සේවක වැටුපට රුපියල් අටදහසක දීමනාවක්‌ ලබාදීමට ලිඛිතව පොරොන්දු වූ පසු පස්‌වරු 1.00 ට පමණ වැඩ වර්ජනය අත්හැර

දැමීමට එය සංවිධානය කළ නිදහස්‌ සේවක සංගමය ප්‍රමුඛ සේවකයෝ පියවර ගත්තා.

මෙම වැඩ වර්ජනය නිසා ගුවන් තොටුපළ පර්යන්තයේ විදුලි සැපයුම හා ජල සැපයුම් නතර වී වායුසමීකරණ යන්ත්‍රද නතර වූ අතර ගුවන් යානා දෙකක්‌ද ප්‍රමාද කිරීමට සිදු වුන බව අපට වාර්තා වුනා.

මෙම වර්ජනයත් සමග ගුවන් මගීන්ගේ ගමන් බෑග් දිවෙන යන්ත්‍රද (බෙල්ට්‌) අක්‍රිය වීම නිසා මෙරටට පැමිණෙන හා පිටවන ගුවන් මගීහු දැඩි අපහසුතාවට පත්
වුනා.

ඔක්‌තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම රුපියල් අටදහසක දීමනාව ලබාදීමට එහිදී එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ ලේකම් දිනේෂ් නන්දික මහතා අපට පැවසුවා.

රුපියල් දසදහසකින් සේවක වැටුප් වැඩි කිරීම, සෞඛ්‍ය දීමනා වැඩි කිරීම, ණය පහසුකම් වැඩි කරගැනීම ඇතුළු ඉල්ලීම් පහක්‌ මුල්කරගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට ගුවන් තොටුපළ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමෙහි සේවකයන් පියවරගෙන තිබුනා. තුන්දහස්‌ හත්සියයක පමණ පිරිසක්‌ මෙම සමාගමෙහි සේවය කරනවා.

සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතාටත් වඩා ඉහළින් සිට කටයුතු කරන සභාපතිවරයා වෙනුවට පොළවේ පය ගසා වැඩකරන ශ්‍රී ලාංකිකයකු අදාළ තනතුරට පත්කර සේවක ප්‍රශ්න විසඳීමට මැදිහත්වන ලෙස සේවකයෝ වැඩවර්ජනයේ නිරත වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවත්
අපට වාර්තා වුනා.

මෙම වැඩවර්ජනයට පෙරාතුව ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය ප්‍රමුඛ සේවකයෝ පෙරේදා (4 වැනිදා) උද්ඝෝෂණයක නිරත
වුනා. ඊයේ (5 වැනිදා) වැඩවර්ජනය නිසා ගුවන් තොටුපළ කටයුතුවලට සිදුවූ බාධාවන් වලට නිලධාරීන් වගකිවයුතු බවද වෘත්තිය අයිතීන් දිනා ගැනීම සඳහා වැඩවර්ජනයක්‌ දක්‌වා ප්‍රශ්නය රැගෙන ගියේ නිලධාරීන් යෑයිද වෘත්තිය සමිති නායකයෝ කියා සිටිනවා.
 
Related Posts with Thumbnails