Ads 468x60px

.

රේනෝගේ නංගි ABC මාධ්‍ය ජාලයෙන් අස්වෙලා


ABC මාධ්‍ය ජාලයට අයත් කොළඹ පුරහල ආසන්නයේ පිහිටි Lotus Technologies Private Limited නම් රේනෝ සිල්වාට අයත් තවත් ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කල ඔහුගේ සොයුරිය වන දිලිනි සිල්වා මහත්මිය ඉන් ඉවත්ව ඇති බව වාර්තා වෙනවා. 

එම ආයතනය ආරම්භ වී දැනට වසරක් පමණ වන අතර ආරම්භයේ සිටම එම ආයතනයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කලේ දිලිනි සිල්වා බවයි පැවසෙන්නේ. හිරු මාධ්‍ය ජාලයට අයත් සියලුම වෙබ් අඩවි පාලනය හා යාවත්කාලීන කිරීම් සිදුකිරීමට පිහිටුවාගත් මෙම ආයතනය පසුගිය
කාලයේ විවිධ හැල හැප්පීම් වලට ලක් වූවා. 

ඉන් ප‍්‍රධානම කාරණය වූයේ ‘හිරු ගොසිප්’ නමින් පවත්වා ගෙන යන ගොසිප් අඩවිය එම ආයතනයේ ප‍්‍රධානියා වන රේනෝ සිල්වා මහතාට හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට අපහාස කරමින් පුවත් පල කිරීම නිසා ඇතිවූ කලබැගෑනියයි. එම පුවත පහතින් නරඹන්න,

හිරු එෆ්.එම් වෙබ් අඩවිය රෙනෝට හා දුමින්දට ප්‍රසිද්ධියේ අපහාස කරලා ! (විශේෂ හෙළිදරව්ව)

වෙබ් අඩවි වල පලවෙන ගොසිප් කොපි කර නැවත පලකිරීමේ අනිටු විපාක ලෙස හිරු ගොසිප් අඩවිය එම පුවතින් දැඩි ලෙස අපහසුතාවයට පත්වූවා පමණක් නොව ඉන් අනතුරුව එම ගොසිප් අඩවිය පාලනය වන  Lotus Technologies Private Limited ආයතනයේ ප‍්‍රධානියා වන දිලිනි මහත්මියට ඇගේ සහෝදරයා වන රෙනෝ සිල්වා දැඩිව දෝෂාරෝපනය කර තිබෙනවා. 

ඉන් දැඩිලෙස කලකිරුණ ඇය ඉන් පසුව මාසයක පමණ කාලයක් Lotus ආයතනයේ වැඩ කටයුතු වලින් මදක් ඈත්ව සිට තිබෙනවා.  Lotus ආයතනය ආරම්භ කොට වසරක් පිරීම නිමිත්තෙන් පැවති සාදයට හෝ දිලිනි සිල්වා සහභාගී වූයේ නැති බව එදින ලබා ගත් ඡායාරූප වලින් පැහැදිලි වනවා. 

එම සිදුවීම හා තවත් සිදුවීම් වල අවසානයේ දිලිනි සිල්වා නිල වශයෙන්ම එම ආයතනයේ වැඩ කටයුතු වලින්ම පසුගියදා ඉවත්වූ බව අප වෙත වාර්තා වුනා.

Lotus ආයතනයේ පළමුවන උපන්දිනය දා ලබාගත් ඡායාරූප පහතින්,





 දිලිනි සිල්වාගේ ඡායාරූපයක් පහතින්,

 
Related Posts with Thumbnails