Ads 468x60px

.

පෙරපාසල් ගුරුවරිය දූෂණය කර මරා දැමූ තරුණයා


තමාගේ පෙර පාසල් කාලේ ගුරුවරිය දූෂණය කොට ගෙල සිරකර මරා දමන ලද 16 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් පුවතක් පේරාදෙණිය පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ යටිනුවර, කිරිබත්කුඹුර, පිලපිටිය පදිංචි 74 හැවිරිදි ඩබ්ලිව්. එම්. ලීලාවතී නමැති මෙම පෙර පාසල් ගුරුවරිය අවිවාහකව සිටි කාන්තාවක් බවයි. 


ඇය තනිවම මෙම නිවසේ පදිංචිව සිටි අතර නිවසේම කොටසක තම පෙර පාසල 1960 වසරේ සිට පවත්වාගෙන ගිය අතර ඇගේ පෙර පාසලේ ඉගෙනු ලැබූ මෙම තරුණයා අසල්වැසි නිවසක පදිංචි අයකු
වන අතර මෙම නිවසට නිතරම ආ ගිය අයකුද වේ. 

මෙම ගුරුවරියගේ නිවසේ නිතර නිතර මුදල් නැතිවීමක්‌ සම්බන්ධයෙන් තරුණයා සහ ගුරුවරිය අතර ඇතිවූ කතාබහක්‌ නිසා ගුරුවරිය සමග වෛර බැඳගත් මෙම 16 හැවිරිදි සැකකරු පසුගිය 26 වැනි ඉරුදින සවස 4.30 ට පමණ මෙම නිවසට පැමිණ තමාට රාත්‍රී ආහාර පිළියෙල කර ගනිමින් සිටි මෙම 74 හැවිරිදි ගුරුවරිය දූෂණය කර ගෙල සිරකර මරා දමා තිබෙනවා.

ඔහු මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් එම්. ඒ. එම්. වසන්ත කුමාර මහතා විසින් එම තරුණයා නොවැම්බර් මස 12 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට තබන ලෙසට නියෝග කළේය.
 
Related Posts with Thumbnails