Ads 468x60px

.

ඔබේ FB ප්‍රශ්ණ තියෙනවාද? එහෙනම් මෙන්න Mark Zuckerberg ගෙන් පිළිතුරු


ඔබට Facebook ගැන ප්‍රශ්ණ තියෙනවාද? එහෙනම් මෙන්න හොඳ අවස්ථාවක් ඒ ප්‍රශ්ණවලට උත්තර Facebook නිර්මාතෘවරායගෙන්ම අහලා දැනගන්න.

හෙට (නොවැම්බර් 6) දිනයේදී ප.ව 2.00 ට පොදු ප්‍රජාව සමග Q&A session එකක් නැත්නම් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් පවත්වන බව Facebook සමාගමේ ප්‍රදාන විදායක නිලධාරී Mark Zuckerberg පසුගියදා නිවේදනය කලා මෙහිදී Facebook පරිශීලකයින් විසින් වැඩි

මනාපයක් දක්වන සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු දීමට Mark බලාපොරොත්තු වෙනවා.

කොහම උනත් සාමාන්‍යයෙන් සෑම සිකුරාදා දිනකම Mark Zuckerberg මෙවැනි Q&A session එකක් තම සේවකයින් සමග පවත්වනවා. නමුත් Mark මෙවැනි Q&A session එකක් පොදු ජනතාව සමග පවත්වන පළමු වතාව මෙයයි.

ඉතින් ඔබටත් Mark Zuckerberg ගෙන් යමක් අහන්නට අවශයි නම් ඔබ කලයුත්තේ මෙතන ක්ලික් කර Q&A with Mark page එකට ගිහින් ඔබේ ප්‍රශ්නය submit කරන එකයි. ඔබේ එම ප්‍රශ්නයට අනෙක් අයගෙන් වැඩි likes ප්‍රමාණයක් හිමිවුවහොත් Mark ගෙන් අනිවාර්යෙන්ම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගත හැකියි. ඒ වගේම අනෙක් අයගේ ප්‍රශ්න වලටත් like කර ඔබේ මානපයන් ලබාදිය හැකියි.
 
Related Posts with Thumbnails