Ads 468x60px

.

කපුවා සමග සතියක්‌ දීග කැවැයි උරණවී බිරිඳට පොරවෙන් ගසා මැරූ සැමියා.


සැමියා අත්හැර නිවෙස ආසන්නයේ පිහිටි දේවාලයක කපුවකු සමග සතියක්‌ දීග කමින් සිට යළි නිවෙසට පැමිණි අවස්‌ථාවේ සැමියාගේ පොරෝ පහරකින් එම කාන්තාව නිදි පැදුරේම ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර වස පානය කර සිටි සැමියා පසුගිය 03 දා රාත්‍රියේ ඔහුගේ දරුවන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉකුත් 02 දා රාත්‍රියේදී දඹුල්ල, පත්තම්පිටිය ප්‍රදේශයේදී මෙම සිද්ධි යෙන් 49 හැවිරිදි සිවු දරු මවක්‌ වන ධම්මිකා රත්නායක මිය ගොස්
තිබෙනවා. දරුවන් සිවුදෙනාම විවාහ වී, අඹු සැමි යුවළ තනිවම ජීවත් වී තිබෙනවා. මියගිය කාන්තාව දිගුකලක සිට දේවාල කපුවා සමග අනියම්
සබඳතාවක්‌ පවත්වා ගෙන ගොස්‌ තිබෙන අතර දෙදෙනා අතර නිරන්තර පවුල් ආරවුළක්‌ ද තිබී ඇති බව පොලිසිය පවසනවා.

තම බිරිඳ ඝාතනයෙන් පසු සැකකාර සැමියා ප්‍රදේශය මග හැර ගොස්‌ සිටි අතර 3 දා රාත්‍රියේ යළි තම දරුවකුගේ නිවෙස ආසන්නයට පැමිණ වස පානය කර වැටී සිටියදී රෝහල් ගත කර
තිබෙනවා. දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කරනවා.
 
Related Posts with Thumbnails