Ads 468x60px

.

දැන්වීම් කලාව උඩුයටිකුරු කල Honda AD එක


හැමදාමත් එකම විදිහෙ වෙළද දැන්වීම් දකිනා ඔබට හොන්ඩා සමාගමෙන් නවතම අත්දැකීමක් ගෙනවිත් තිබෙනවා. අළුත් දෙයක්, අළුත් දෙයක් කීවාට පරණ දේවල්ම නැවත පෙන්වන දැන්වීම් සමාගම් වලටත් පාඩමක් උගන්වමින් නිපදවා ඇති මෙම දැන්වීම දැන් අන්තර්ජාලය පුරා වේගයෙන් ජනපි‍්‍රය වෙමින් පවතිනවා.

“The Other Side Story” නමින් කෙටි චිත‍්‍රපටයක් මෙන් නිපදවා ඇති මෙම දැන්වීමේ ඇති විශේෂත්වය වන්නේ නරඹන්නාට එකම මොහොතේ කතා දෙකක් නැරඹීමට ඇති හැකියාවයි. 


සාමාන්‍ය ආකාරයෙන් ඔබ මෙම දැන්වීම ධාවනය (Play) වන්නට හැරිය විට පියෙක් තම දරුවන් සමග මොටර් රථයක ගමන් ගනිමින් අවසාන යේ ඇයව නිවසට ඇරලවනා කතාවක් පෙනුනත්, මෙම කතාව ධාවනය
වන අතරතුර ඔබ යතුරු පුවරුවේ R අකුර එබුවහොත් සිදුවන්නේ වෙනත්ම දෙයකි.

එවිට එම පුද්ගලයාම එම අවස්ථාවේම මංකොල්ලයකට සහභාගීවි සිදුකරන ත‍්‍රසජනක කි‍්‍රයාවක් පෙන්නුම් කරන අතර ඊට සමානුපාතිකව ශබ්දයන්ද, මොටර් රථයේ හඩද වෙනස් වෙයි. මෙම අපූරු දැන්වීම පිළිබදව කියවා දැනගන්නවට වඩා එම අත්දැකීම විදගත්විට මෙය ඔබට වඩාත් පැහැදිලි වේවි.


Honda සමාගමේ එම වෙනස්ම දැන්වීම පහතින්,


පහත දැක්වෙන සබැඳියෙන් ගොස් වීඩියෝව නරඹන අතරතුරේ R අකුර ඔබා සිදුවන වෙනස බලන්න.

https://www.youtube.com/user/HondaVideo

Honda_the_other_side_1-640x269 Honda_the_other_side_2-640x271 Honda_the_other_side_3-640x270 Honda_the_other_side_4-640x268 Honda_the_other_side_5-640x270 Honda_the_other_side_6-640x270 Honda_the_other_side_7-640x269 Honda_the_other_side_8-640x270 Honda_the_other_side_9-640x269
 
Related Posts with Thumbnails