Ads 468x60px

.

අනුරපුර පිං බිමේ තවත් සම්බාහන ආයතන 34 ක්‌


'හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ' වන අප විසින් පසුගියදා "බුදුන් වැඩි රටේ ජය ශ්‍රී මහා බෝධිය ලඟත් NIGHT CLUB" යනුවෙන් පවත්වාගෙන යනු ලැබූ රාත්‍රි සමාජශාලාවක් පිලිබඳ තොරතුරු හෙළිදරව් කරණු ලැබුවා.

ඉන් පසු එම රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා තිබෙන බව අප මීට පෙර ලිපියකින් හෙලිකලා. මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අනුරපුර පිං බිමේ තවත් සම්බාහන ආයතන 34 ක්‌ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් සිටින බවයි.

පිලිබඳ අදහස් දක්වන අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා.  
 
ලිංගික දුරාචාර දැන් රටපුරා පියාඹනවා. අනුරපුර පිංබිමේ කටඋඩටම ඇවිත්. සම්බාන යෑයි කියා ගත් අශිලාචාර ආයතන 34 ක්‌ අනුරපුර පිංබිමේ. තවත් තැනක්‌ මිහින්තලේ ඒ විතරක්‌ නෙවෙයි ජීවමාන බුදුන්
බඳු ශ්‍රී මහා බෝ සමිඳු සමීපයේ සියලු දේ සිදුවන රාත්‍රි සමාජ ශාලාවක්‌.

විෂය භාර ඇමැතිවරු නිදි. කාමයෙන් කුලප්පු වූ මිනිස්‌සු තැන නොතැන නොදැන අවිචාරයෙන් හැසිරෙනවා. අපේ උත්තම අනුරපුර පිංබිමට මොකද මේ වෙන්න යන්නේ යෑයි අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා එළියදිවුල්වැව පැවැති රැස්‌වීමකදී පැවසුවා.

පළාත් සභාවේ විෂය භාර ඇමැති වරයකු ඉන්නවා. පළාත භාර මහ ඇමැති ඉන්නවා. තවත් කැබිනට්‌ ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ඉන්නවා. ජනාධිපති මසකට වරක්‌ දෙකක්‌ ශ්‍රී මහබෝ සමිඳුන් වැඳපුදා ගන්න එනවා. 


ජනාධිපති මන්දිරය තියෙන්නේ ශ්‍රී මහා බෝසමිඳු අසල නමුත් ශ්‍රී මහා බෝසමිඳු ඉදිරිපිට පෙනෙන නොපෙනෙන මානයේ රාත්‍රි සමාජ ශාලා පවත්වනවා. හෙල රජදරුවන් විසින් ගොඩ නැගූ මේ අනුරාධපුර පිංබිම වර්තමාන රජ දරුවන්ට රැක ගන්න බැරිද? යෑයි මන්ත්‍රීවරයා විස්‌තර කළා.

ශ්‍රී මහා බෝ සමිඳුගේ එක පැත්තක සඳහිරු සෑය. අනෙක්‌ පැත්තේ රාත්‍රි සමාජ ශාලාව මක්‌කම පූජනීය බිමේ වතිකානු පූජනීය බිමේ මේ සෙල්ලම් කරන්න බෑ. 


මේවා ආදර්ශයට ගෙන අනුරපුර පිංබිම කිසිදු දුසිරිතකට ඉඩ නොදෙන වචනාර්ථයෙන්ම පූජනීය පෙදෙසක්‌ බවට පත්කළ යුතුව ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. මෙම රැස්‌වීමේදී සරත් දිසානායක මහතාද කතා කළා.
 
Related Posts with Thumbnails