Ads 468x60px

.

මව අතුරුදන් කියා සෙවූ දැරිය පෙම්වතා සමග නේවාසිකාගාරයේ - තවත් ඩබලක් ඇතුලේ.


අතුරුදන් වූ බවට සැලවූ 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ නේවාසිකාගාරයක සිය පෙම්වතා සමග සිටියදී බියගම පොලිසිය මගින් පෙරේදා (05 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් සීදුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ නේවාසිකාගාරයට පොලිසිය පැමිණෙන විට එහි 13 හැවිරිදි තවත් බාල වයස්‌කාර දැරියක්‌ ද ඇයගේ පෙම්වතා සමග සිටියදීම පොලිසියට හසුවී
තිබෙන බවයි

මේ බාලවයස්‌කාර දැරියන් සිය පෙම්වතුන් සමග අඹුසැමියන් වශයෙන් හැසිරී තිබෙන බවට ද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට
හැකි වී තිබෙනවා.

මෙම 15 හැවිරිදි දැරිය අතුරුදන්ව සිටින බවට ඇයගේ මව විසින් බියගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට මොවුන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි
වී තිබෙනවා.

15 හැවිරිදි දැරිය ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර ඇයගේ පෙම්වතා ගාල්ල ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එක්‌දරු පියෙකි. 13 හැවිරිදි දැරිය බියගම ප්‍රදේශයේ හා ඇයගේ පෙම්වතා අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔහු 20 හැවිරිදි තරුණයෙකි.

මොවුන් බියගම, පේරගස්‌හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී ඉඳ පසුව සීදුව ප්‍රදේශයේ නේවාසිකාගාරයට ගොස්‌ තිබෙනවා.

මේ බාලවයස්‌කාර දැරියන් දෙදෙනා දැන් ගම්පහ රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කිරීමට කටයුතු කර ගෙන යන අතර එම පෙම්වතුන් දෙදෙනා මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව
තිබෙනවා.
 
Related Posts with Thumbnails