Ads 468x60px

.

එක සිසුවියකට සිසුන් හතරදෙනකු කුමකටද?

අද අපගේ නිමිත්ත වන්නේ සබරගමු විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකා ගාරයට මධ්‍යම රාත්‍රියේ ඇතුළු වී පන්ති තහනම් කරගත් සිසුන් හතර දෙනකු ගැන පළ වී තිබෙන පුවතය. මේ හතරදෙනා නේවාසිකාගාරය තුළට කැඳවා ගෙන ඇත්තේ සිසුවියක විසිනි. 

මෙය සම්පූර්ණයෙන් ම නපුරු කතාවකි. 

එක සිසුවියකට සිසුන් හතරදෙනකු කුමකටද? ඇය මධ්‍යම රාත්‍රියේ දී ඔවුන් සඳහා තේ පැන් සංග්‍රහයක්‌ සංවිධානය කළා ද? එහෙමත් නැත්නම් නේවාසිකාගාරයේ අත්‍යවශ්‍ය රෙපයාර් වැඩකට එන්නැයි කීවාද? 

සමහර විට ඇය එකකුට පමණක්‌ ආරාධනා කරන්නට ඇති. ඉතිරි තුන්දෙනා අනාරාධිතව හෝ ආරාධිතයාගේ ආරාධනයෙන් හෝ ඔහු
පසුපස යන්නට ඇති. දැන් හතරදෙනාටම විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වේ. 

මෙතැනදී නිදහස පතා කියන්නට තිබෙන එකම දෙය තමන් හතරදෙනා නින්දෙන් ඇවිදින බව ය. මෙය පිළිගැනීමටත් බැරි, ප්‍රතික්‍ෂේප කිරීමටත් බැරි තත්ත්වයකි. මේ තත්ත්වය තේරුම් ගැනීමට පොත් හුඟක්‌ කියවිය යුතු ය.

කාන්තා බෝඩිමට පිරිමින් රිංගීම ඉතාම ආදිකල්පික කතාවකි. මෙය බෝඩිම යන සංකල්පය ලෝකයේ පහළ වූ දා පටන්, බෝඩිංවල කාන්තාවන් හෝ පිරිමින් නැවතීමට පහළ වූ දා පටන් ඇති වූ තත්ත්වයක්‌ බව විශ්වාස කළ හැකි ය. එහෙත් මෙය එදත්, අදත්, හෙටත්, හොඳ තත්ත්වයක්‌ ලෙස ගණන් ගැනීමට කිසිසේත්ම නොහැකි ය. 


විශේෂයෙන් ම පාසලක හෝ විශ්වවිද්‍යාලයක කාන්තා නේවාසිකාගාරයකට පිරිමින් රිංගීම ඉතා දරුණුය. හුඟක්‌ 'ක්‍රිමිනල්' ය. එහෙත් අපට තිබෙන ගැටලුව වන්නේ මෙයට අවුරුදු 30 කට පෙර සිටි කොලු පරම්පරාව එදා කළ වැරදි අදටත් ඒ ආකාරයෙන් ම කරන්නේ ද යන්න ය. අද සමාජය ඉතා පුළුල් ය. විස්‌තෘතය. Sex යනු Free 'අයිටම්' එකකි. 

'ඉන්ටර්නෙට්‌ කනෙක්‌ෂන්' එකක්‌ ඇති හැම කෙනකුටම බ්ලූ ෆිල්ම් නමැති කාලකණ්‌ණි, කැත, අමන, නෂ්ටකාම කනෙක්‌ෂන් දස දහස්‌ ගණනක්‌ ලබා ගැනීමට පුළුවන. පුරුෂයන්ගේ ශරීර සුවතාව වැඩි දියුණු කරනු පිණිස 'මසාඡ් ක්‌ලිනික්‌' කෙළවරක්‌ නැතිව තිබෙන අතර, ඒවා Raid කිරිල්ලෙහි ද කෙළවරක්‌ නැත. 

මෙයට අවුරුදු 30 කට පෙර වැඩිහිටියන්ට පමණක්‌ සුදුසු ලෙස අනුමත කෙරුණු චිත්‍රපට අද වන විට ළමා චිත්‍රපට ලෙස බැලිය හැකි ය. ලෝකයේ කොතැනත් තත්ත්වය මෙයයි. මේ තත්ත්වය තුළ බෝඩිංවලට රිංගීම තවදුරටත් තිබෙන්නේ ඇයි?

එය කෙසේ වුවද මී ළඟ ජනාධිපතිවරණයෙහි අපූරු විශේෂත්වයක්‌ තිබේ. එනම් ජනාධිපතිවරණයක්‌ තිබෙන බවක්‌ හෝ එය පැවැත්වෙන දිනයක්‌ ගැන ජනාධිපතිතුමා කිසිත් නො කියයි. 

එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පොදු අපේක්‍ෂකයා හෝ පොදු නොවන අපේක්‍ෂකයා කවරෙක්‌ ද යන්න විපක්‍ෂය ද නොකියයි. එහෙත් පාර්ශ්ව දෙකම ජනාධිපතිවරණයකට සූදානම් වෙති. 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂට තරගයක්‌ දීමට හැකි දෙදෙනකු සිටින බව බැලූ බැල්මට පෙනෙයි. ඒ එක්‌කෝ රනිල්ය එක්‌කෝ සජිත් ය. සෙසු අයගේ ලාඩම් කැඩී ඇත. ජොයින්ට්‌ බුරුල් වී ඇත. ලුබ්රිකන්ට්‌ නැතිකමින් එන්ජිම කර කර ගාන තත්ත්වයක්‌ ඇත. 

ලාභ අශ්වයා නේරංජනා ගඟෙන් පනින්නේ නැත. ඌ අසරුවා පමණක්‌ නොව වලිගයෙහි එල්ලුන අය ද වතුරට හෙළනු ඇත. අප විසින් එසේ ලියන ලද ආරම්භක ඡේදය ගැන වරදක්‌ නො සිතන්න. මෙය දැනට පෙනෙන්නට තිබෙන ඇත්ත තත්ත්වයකි.
 
Related Posts with Thumbnails