Ads 468x60px

.

ගාල්තැන්නේ හොර කපුවාට වරදියි - ස්වර්ණ වාහිනියේ පැත්ත පලාතට වැද්ද ගන්න එපාලු.


EAP මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී නාලිකාව විසින් කාලය පුරාවටම නිරන්තරයෙන්ම ප්‍රචාරයක් ලබා දුන් මහනුවර ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ දේවගැතිවරයා වන ගාමිණී ආනන්ද හට ස්වර්ණවාහිනි නාලිකාව විසින් ලබාදුන් සියලු ප්‍රචාරණ කටයුතු නවතා දමා ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මීට හේතුව වී ඇත්තේ ස්වර්ණවාහිනියේ පරිපාලන කටයුතු සිදුකරන EAP Broad castings Company Ltd හි කළමණාකාරීත්වය වෙනස් වීම බවයි.

නව පරිපාලන ව්‍යුහයට අනුව ම‍ාධ්‍ය ජාලයේ සභාපති ලෙස අචාර්ය දයන්ත ජයසූරිය කටයුතු කරන අතර නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මනෝ තිත්තවැල්ල මහතා සහ ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙස එස්. කාරියවසම් යන මහත්වරුන් කටයුතු කරනු ලබන අතර මෙතෙක් කල්

පරිපාලන තීන්දු ගත් EAP සමූහයේ සභාපතිනී සෝමා එදිරිසිංහගේ පුත්‍රයන් වන ජීවක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ සාමාන්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

මෙම පරිපාලන වෙනස්කිරීමට හේතු වී ඇත්තේ ස්වර්ණවාහිනිය දිගින් දිගටම LMRB ශ්‍රේණිගත කිරිම් වලට අනුව අනෙක් රූපාවාහිනි නාලිකා වලට වඩා අඩු ජනප්‍රිය මට්ටමක පසු වීම සහ දිගින් දිගටම ආර්ථික වශයෙන් ලැබූ පාඩුවයි.

ඊට ප්‍රධාන වශයෙන් බලපෑ හේතු අතර පෙර පරිපාලන තීන්දු ගත් ජීවක එදිරිසිංහගේ දුර්වල තීරණ කැපී පෙනෙන අතර ගාල්තැන්න ගාමිණී වැනි දූෂිත තක්කඩින්ට කිසිදු හිරිකිතයකින් තොරව Live@8 ප‍්‍රවෘත්ති විකාශය තුළ කෘතිමව ප්‍රචාරය ලබාදීමට ගත් තීරණය පුවත් විකාශයේ විශ්වාසනීය භාවය අඩු වීමට ප්‍රබල හේතුවක් වූ බව නව පරිපාලනය ඒකමතිකව තීරණය කර තිබෙනවා. 


අනෙකක් තබා ප‍්‍රවෘත්ති විකාශයේ තුළ සති අග විකාශය වූ ගමට 8 විශේෂාංගයෙන්ද ගාල්තැන්නේ ගාමිණීට විශේෂ ප‍්‍රචාරයක් ලබාදුන්නා. ඒ අනුව නව සභාපතිවරයා ජීවකට පවසා ඇත්තේ ගාල්තැන්නේ හොර කපුවා යලි ස්වර්ණවාහිනි පැත්ත පලාතට වද්දා නොගත යුතු බවයි.

එහිදී ජීවක විසින් පෙන්වා දී ඇත්තේ සිය සමාගම් සමූහයට අයත් දැනට මහ බැංකුවේ දැඩි අවවාද හමුවේ ඉතා අමාරුවෙන් පවත්වාගෙන යන ETI මූල්‍ය සමාගමේ ලක්ෂ 100 ක් වූ ස්ථාවර තැන්පතුවක් ගාමිණී විසින් පවත්වාගෙන යන බවයි. ඊට ප්‍රති උපකාර ලෙස ප්‍රධාන පුවත් තුලින් ප්‍රචරණය ලබාදුන් බවද ඔහු පවසා ඇත.

එහෙත් නව පරිපාලනය එය ස්වර්ණවාහිනියේ වැඩවලට සම්බන්ධ කර ගත යුතු නැති බව පෙන්වා දී ඇති අතර පසුදා සිටම ගාල්තැන්න ගාමිණීගේ පුවත් වාරණයකට ලක් කර ඇත.


මීට උරණ වූ ගාල්තැන්න ගාමිණී ප්‍රවෘත්ති අංශයේ නදික කරුණානායක අමතා ස්වර්ණවාහිනි පරිපාලනයට කුණු හරුප කියමින් බැන සිටි අතර පසුදා පැමිණ සිය තැන්පත් මුදල් රැගෙන ගොස් තිබෙනවා.



 
Related Posts with Thumbnails