Ads 468x60px

.

එකපාරටම මගේ ඇග පහතින් අතදැම්මා - දඹුල්ලේ අතවරයට ලක්වූ තරුණිය කතා කරයි!


දඹුල්ලේ රෙදි පිළි සාප්පුවකදී තරුණියකට අතවර කිරීමට තැත්කළ  බවට වූ සිද්ධියකට විරෝධය දක්වමින් දඹුල්ලේ ව්‍යාපාරිකයින් මේ වන විට විරෝධතාවක නිරත වී සිටින බව අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඞ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර් ඇතුළු පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන බවයි.

අතවරයට ලක්වූ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ මෙලෙසින්.

"එයා කිව්වා උඩට යන්න කියල.ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා  ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා. ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකෙ එක්කෙනෙක්

ඉන්නව කියල. ඒකෙ ඇත්තටම හිටිය. පස්සෙ මං ෆිටොන් කරලා යාළුවට පෙන්නන්න බලන කොටම එයා එකපාරටම මගේ ඇග පහතින් අතදැම්මා...

ඊට පස්සෙ ගැහුවා. මං පල්ලෙහාට දුවගෙන ආවා. මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ...කියල..ඇතුලට කියන්නද ජොබ් එක නැති කරගන්නවද කියල ඇහුවම කිව්වා අනේ කියන්න එපා කියල.."


අතවර සිද්ධියට එරෙහිව දඹුල්ලේ කඩ වැසේ

දඹුල්ලේ රෙදි පිළි සාප්පුවකදී තරුණියකට අතවර කිරීමට තැත් කළ සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ දඹුල්ල නගරයේදී අද විරෝධතාවයක නිරතවිය. මෙම අවස්ථාවට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක මහත්වරුද සහභාගීව සිටියහ.


 
Related Posts with Thumbnails