Ads 468x60px

.

කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියක්‌ කතා කලාට රන්ජන්ට හූ සංග්‍රහයක්‌


විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී ඊයේ (12 දා) එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කතා කර සභා ගැබෙන් පිටව යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ 'හූ' කියන ආකාරය දක්‌නට ලැබුණා. 

විවාදය අවස්‌ථාවේදී මැදපෙරදිග රැකියා කරන කාන්තාවන් විඳින කරදර පිළිබඳව රන්ජන් රාමනායක මහතා ආවේගශීලීව කතා කළා. එහිදී
කථානායක චමල් රාජපක්‍ෂ මහතා කිහිප අවස්‌ථාවකම රාමනායක මහතාට අවවාද කළා.

කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ රන්ජන් රාමනායක මහතා අදහස්‌ ප්‍රකාශ කරද්දී ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු බාධා
කළා.

සභාවේ ගෞරවය රැකෙන පරිදි සභාවට උචිත ලෙස කතා කරන ලෙස කථානායක චමල් රාජපක්‍ෂ මහතා රන්ජන් රාමනායක මහතාට කීවා. මැද පෙරදිග කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම්දී සිය දුක ප්‍රකාශ කරන බවද කී රාමනායක මහතා මෙවන් ඇමතුම් කථානායකවරයාටද ලැබෙන බව
කීවා.

"මට නම් එහෙම දුරකථන ඇමතුම් ඇවිත් නෑ... ඔබතුමාට එන ඇමතුම් මට යොමුකරන්න... යෑයි කථානායකවරයා
කීවා. ඉන්පසු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කළා.

එම අවස්‌ථාවේදී රන්ජන් රාමනායක මහතා සභාවෙන් පිටව යැමට සූදානම් වෙද්දී තම කතාව අවසන් වනතුරු අසා සිටින්නැයි රෝහිත අබේගුණවර්ධන මහතා රන්ජන් රාමනායක මහතාට
කීවා.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා සභා ගැබෙහි රැඳී සිට ඇමැතිවරයාගේ කතාවෙන් පසු පිටව ගියා. එසේ පිටව යද්දී ආණ්‌ඩු පක්‍ෂය දෙසින් රාමනායක මහතාට හූ හඬක්‌ එල්ල වුණා.
 
Related Posts with Thumbnails